තුවක්කුකරුවකු මෙක්සිකෝවේ ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ දී එකම පවුලක සමාජිකයින් නවදෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

ඝාතනය කර ඇත්තේ මෙක්සිකෝවේ උතුරු දිග තැන්නෙහි ජීවත් වන ඇමරිකානු මෝර්මන් ජාතික පවුලක සාමාජිකයින් බව හෙළිවී ඇත.

ඝාතනයට හේතුව කුමක්දැයි අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

මෙම පිරිස මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඇතැයි පැවසේ.

මියගිය අය අතර කුඩාදරුවන් කිහිපදෙනකු ද සිටින බලධාරීහු පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)