පසුගිය වසරේ බහරේන් රජයට විරුද්ධව පැනනැඟුණු විරෝධතා රජයේ හමුදා යොදවා දරුණු ලෙස මර්දනය කිරීමට වසරක් ගතවීම නිමිති කර ගෙන සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් එරට පොලිසිය විසින් පෙරේදා (14) විසුරුවා හරින ලද බව එරට රජය ප‍්‍රකාශ කළේය.
පසුගිය වසරේ දරුණු ලෙස විරෝධතා මැඬපැවැත්වූ පර්ල් චතුරස‍්‍රයට පැමිණීමට මනාමා නගර සීමාවෙහි පිහිටි ෂීතේ ගම්මානවල වාසය කරන ජනයා මනාමා නුවරට එක්රැුස් වූ අතර ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් විරෝධතාකරුවෝ පෙට‍්‍රල් බෝම්බ සහ ගල් ප‍්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
සිද්ධියෙන් අනතුරුව විරෝධතාකරුවන් 27 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
දහඅටවැනි සියවසේ සිට බහරේන් රාජ්‍යයේ බලය හොබවන කලීෆා රාජවංශයේ වත්මන් පාලකයා වන හමාඞ් බින් ඉසා අල් කලීෆා රජු හට බලයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ මෙසේ වීදි බැස සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
බටහිර රාජ්‍යයන් අරාබි වසන්තය නමින් හැඳින්වූ මැදපෙරදිග කලාපය හරහා වේගයෙන් පැතිර ගිය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බහරේන් රාජ්‍යයට පැමිණියේ මීට වසරකට ඉහතදීය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් රටතුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ජනයා බහරේන්හි අගනගරය වන මනාමාහි පිහිටි පර්ල් චතුරස‍්‍රයට රැස්ව මසක් තිස්සේ විරෝධතාවල නියැලූණහ. අනතුරුව එරට රජය විරෝධතා උත්සන්නවීමත් සමඟ රජයේ හමුදා යොදා විරෝධතා දරුණු ලෙස මැඬපැවැත්වූ අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති