IMG-LOGO

පැරිස් ශ්‍රීලනිප ශාඛාව දස වසර සමරයි

පැරීසියේ ශ්‍රීලනිප පක්ෂ ශාඛාවට දස වසරක් පිරීම නිමිත්තෙන් පැරීසියේ පිහිටි ශ්‍රීලාංකික දේශපාලන පක්ෂ ශාඛා, විවිධ සමාජ ක‍්‍රියාශීලී සංවිධාන එකතුවෙන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සංගීත සැඳෑවක් පැවැත්විණි.

සියලූම ජාතීන් නියෝජනය කළ මෙම සැඳෑවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ආකෘතියක් වටා තැන්පත් කළ පහන් වැටක් ද දැල්වුවේය. පැරීසියේ වෙසෙන සුපිරි තරු ගී ගැයුහ. සුපිරි වාදකයෝ වැයුවෝය. පැරීසියේ තිසරාවි නර්තන කලායතනයේ සිසු දරුවන්ගේ නර්තන උත්සවය ආලෝකමත් කළේය. ආරාධිත දේශනය තානාපති තිලක් රණවිරාජා මහතා සිදුකළේය.

‘මම සාමාන්‍යයෙන් දේශපාලන උත්සව වලට සහභාගි වීමට එතරම් කැමැත්තක් නැත. ඒත් අද දින මෙම උත්සවයට සහභාගි වීමට කළ ඇරයුම පිළිගෙන පැමිණියෙමි. එයට හේතුව මෙය සියලූම ජාතීන්ගේ එකමුතුවෙන් සිදුවන්නක් බැවිනි. මෙම වේදිකාව ඉදිරිපිට ඇති ශ්‍රී ලංකාවේ ආකෘතිය වටා ඇති පහන් දැල්වීමට සියලූම ජාතීන් එක්වීම ජාතීන් අතර සංහිඳියාව සංකේතවත් කරන එක් කරුණක්. මම එය ඉතා අගේ කොට සලකනවා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා රට වැසියෝ එකමුතුව එක රටක සහෝදරත්වයෙන් ජීවත් වීමේ අවශ්‍යයතාවය අද අපි ඉදිරියේ ඇති අභියෝගයක්. අද අපේ රටේද යහපාලන ජාතික රජය විසින්ද එම කාර්යයට මුල්තැන දී තිබෙනවා. එවැනි අවස්ථාවක විදේශ ගත ඔබලා මෙවැනි එකමුතුවක් සංවිධානය කිරීම ඉතාමත්ම කලෝචිතයි. එයට දායකවූ සියලූ දෙනාටත් පැරීසියේ ශ්‍රීලනීප ශාඛා නිලධාරීන්ටත් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. සාමාන්‍යයෙන් උත්සව වලදී පොල්තෙල් පහන් දැල්වීමට පුරුදුව සිටින අපි, අද මෙවැනි වටිනා නිර්මාණයක් වටා පහන් දැල්වීම සියලූම ජාතීන්ගේ එකමුතුවටත් ඔවුන්ගේ පැහැදිලි විශ්වාසයක් ගොඩ නැගීමටත් ඉවහල් වන බව මතක් කරදීමට කැමැත්තෙමි. එබැවින් මෙවැනි කටයුතු ඉදිරියටත් සිදු කිරීමට ධෛර්යය ලැබේවායි මම ප‍්‍රර්ථනා කරමි.‘

පැරීසියේ ශ්‍රීලනිප ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස් මහතා පැරිස් පන්සලේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වුණු බෝධි පූජාවකට සහභාගීවීමට නොහැකිවීම ගැන කනගාටුව පළ කළේය. අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු වුවද එයද මහ හැරුණු බවත් නව ජනපති හා යහපාලන රජය ජයග්‍රහණය කරවීමට දෙමළ, මුස්ලිම් ජනයාගේ වැඩ ඡන්ද ලැබුණේ උන්වහන්සේ නිසා බවත් ඊට සහභාගිවීම අපේ යුතුකමක් බවත් තම උත්සවය නිසා එය මග හැරණු බවත් ඔහු කීවේය.

පිළිගැනීමේ කතාව පැරීසියේ ශ්‍රීලනීප ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස් මහතා සිදු කළේය.    උත්සව අවසානයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පැවැත්විණි.

paris_2016215 paris_2016215-2 paris_2016215-3 paris_2016215-4jpg paris_2016215-5 paris_2016215-6 paris_2016215-7

 



අදහස් (0)

පැරිස් ශ්‍රීලනිප ශාඛාව දස වසර සමරයි

ලාල් තිලකසිරි පැරිස් Monday, 15 February 2016 12:52 PM

පීරිස් අය්යා ඒ ගැන අපි පාලම යට මානව සහයෝගිතාවට පැමිණිලි කරමුද ? (බ)

:       0       0

පෙරේරා පැරිස් Monday, 15 February 2016 12:49 PM

තානාපති කාර්යාලයේ කටයුතු විනාශ කරන්නේ කාර්යාලයේ වැඩකරන දොඩන්ගොඩලගේ කට්ටිය.. සජින් වාස් .. ලව පැරිස් වලට ඇදපු කට්ටිය (බ)

:       0       0

කමල් පැරිස් Monday, 15 February 2016 12:51 PM

රන්ජිත් ..අර සුරිය උ දාව ....කෝ ...කෝ....කෝ...(බ)

:       0       0

විජේ පැරිස් Monday, 15 February 2016 12:55 PM

රන්ජිත් ..ඇයි දොඩන්ගොඩ විතරක්ද .වාන..මහේස් ..නෙර .සමන් .මදුර .සිල්වා (බ)

:       0       0

සමන්ත පැරිස් Friday, 19 February 2016 03:32 PM

මට පෙනෙන විදිහට මේ ලියල තියන දේවල් දකිනකොට කවුරුහරි පිරිසක් තවත් පිරිසක්.. දෙකට.. තුනට..හතරට ..කඩන්න අර අදින හැඩයි පැරිස් වල ඉන්න සියලු දෙනා.. ඉවසිමෙන් ..බුද්ධිමත්ව ..විමසිල්ලෙන් ...කටයුතු කරන්න මම ස්වාධීන කෙනෙක් මට දැනෙනදේ .මම කිවුවා ..!!! (බ)

:       0       0

විපුල පැරිස් Monday, 15 February 2016 01:05 PM

ශ්‍රී ලංකා නි .ප..සබාපති තුමාට ජයවේවා ...!! (බ)

:       0       0

අනුර පැරිස් Monday, 15 February 2016 01:07 PM

සභාපතිට ජයවේවා ...(බ)

:       0       0

රන්දික පැරිස් Monday, 15 February 2016 01:08 PM

අපි බැලුව අති සාර්ථකයි .ජයවේවා (බ)

:       0       0

සමන් Monday, 15 February 2016 01:01 PM

ජයවේවා ...(බ)

:       0       0

සිරි පැරිස් Monday, 15 February 2016 01:10 PM

සාදු...සාදු ....සාදු......(බ)

:       0       0

සන්දයා පැරිස් Tuesday, 16 February 2016 09:49 AM

අජිත්, මේක තියන්නේ .අදහස් ලියන්න ඒ වගේම කට්ටියට කියවන්න මේකේ ලියන ගොඩක් දේවල් ඇත්ත. (ර)

:       0       0

අජිත් ගුණසිංහ Tuesday, 16 February 2016 09:42 AM

දැන් පැරීසියේ එකමුතු වැහි වැහලලු නේද ? (ර)

:       0       0

ඉන්දික පැරිස් Tuesday, 16 February 2016 09:52 AM

අජිත් පැරිස් අයගේ දේවල් සෙනගට දැනගත්න මේක හොදම තැන. (ර)

:       0       0

අල්විස් පැරිස් Tuesday, 16 February 2016 09:47 AM

සිරිසේන පැරිස්, ගේ අදහසට මම සම්පුර්ණයෙන්ම ඒකගයි. (ර)

:       0       0

නීල් පැරිස් Tuesday, 16 February 2016 09:50 AM

අජිත් ගේ කතාව ඇත්ත පැරිස් පාලම් යටත් එකමුතු. (ර)

:       0       0

මල්කාන්ති පැරිස් Tuesday, 16 February 2016 10:01 AM

සන්ද්‍යා, කතාව හරියටම හරි මේක තියෙත්තේ ලියත්න ඒවා කියවන්න. (ර)

:       0       0

අයිවන් පැරිස් Tuesday, 16 February 2016 10:04 AM

අජිත්, එකමුතු නම් පැදුරෙන් පැදුරට නමුත් ඇතුලෙ නෑ එකමුතු. (ර)

:       0       0

රන්ජිත් පැරිස් Tuesday, 16 February 2016 10:01 AM

නීල්, එකමුතු හදන අයගේ ගෙවල් වල තිබේද එකමුතු ? (ර)

:       0       0

සනත් පැරිස් Tuesday, 16 February 2016 10:13 AM

අජිත්, පවූලේ නැති එකමුතුව සංවිදාන වල කොයින්ද .? (ර)

:       0       0

කිත්සිරි පැරිස් Tuesday, 16 February 2016 10:10 AM

අදහස් ලියපු සියලු දෙනාට ජයවේවා! (නි)

:       0       0

නිර්මලා පැරිස් Tuesday, 16 February 2016 10:21 AM

ප්‍රතිචාර වලින් තමයි පැරිස් වල ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. ලියන අයට ස්තුතියි (නි)

:       0       0

කළුපහන Saturday, 20 February 2016 11:16 AM

සමන් පැරිස්, ඔබගේ අදහසට මම එකඟයි (නි)

:       0       0

සිල්වා පැරිස් Wednesday, 17 February 2016 06:49 PM

නන්දන, මිනිසුන්ට සභාපති උණ හැදුනහම ඔහොම තමයි (නි)

:       0       0

හේරත් පැරිස් Monday, 15 February 2016 02:22 PM

ලාල් තිලකසිරි පැරිස් ..ඔය කියන්නේ.. ලා චපල්..පාලම යට මානව හිමිකම් සහයෝගිතා අලුත් සිරිසගබෝ සමිතියද .? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 15 February 2016 10:06 AM

අපි පටන් ගත් ඒවා දියුණු වෙනවාට බොහෝ සන්තෝෂයි , අපිට නිල තල නැති උනත්. (ර)

:       0       0

රන්ජිත් පැරිස් Monday, 15 February 2016 02:55 PM

සම්පත් ..ජිනිවා වල ගිය සල්ලි වල ඉතිරි මුදල් කැසිනෝ වල ඇත ..(බ)

:       0       0

සිසිර පැරිස් Monday, 15 February 2016 02:50 PM

ජයවේවා. පැරිස් . ශ්‍රී .ල නි .ප .යට (බ)

:       0       0

ලසන්ත පැරිස් Monday, 15 February 2016 02:52 PM

ජයවේවා ...ජයවේවා ..ජයවේව ..ශ්‍රී ලනි ප .ට (බ)

:       0       0

සිල්වා පැරිස් Monday, 15 February 2016 03:01 PM

ඉතා හොදයි සාර්ථකයි සංගමයට ජයවේවා (බ)

:       0       0

කුලතුංග පැරිස් Monday, 15 February 2016 03:04 PM

දොඩන්ගොඩල අායිමත් ගත්තෙත් සංගමයට බුදුසරණයි ..(බ)

:       0       0

සිරිල් පැරිස් Monday, 15 February 2016 03:00 PM

හේරත් පැරිස්. . .ලා චැපල් පාලම යට සංගමේ ලේකම් කවුද ?දන්නේ නැති නිසයි අහන්නේ .? (බ)

:       0       0

බණ්ඩාර පැරිස් Monday, 15 February 2016 03:05 PM

දොඩන්ගොඩල පැරිස් ඉන්නකන් තානාපති කර්යාලයට බුදුසරණයි (බ)

:       0       0

සිරි පැරිස් Monday, 15 February 2016 03:16 PM

ලාල් පැරිස් ල චැපල් පලමයට සංගමේ සබාපති කවුද .? (බ)

:       0       0

පෙරේරා පැරිස් Monday, 15 February 2016 03:15 PM

සිරි පැරිස්... පලමයට සංගමයක්නම් තුන්දෙනත් ඒ වගේම ඇති ...!!! (අ)

:       0       0

අශෝඛා Monday, 15 February 2016 10:49 AM

නිලවීර පටන් ගත්ත බෞද්ධ සංගමයට පින්සිද්ද වෙන්න අද බොහෝ සමිති සමාගම් පැරිසියේ බිහිවෙලා තිබෙනවා. ඒත් ඔය එකම සමිතියකින් හෝ අඩුම වශයෙන් ‍සමිතිවත්, පින්කමක් කරන වෙලාවට ඔහුට පින් දිමකින්වත් සිහිපත් නොකිරීමට තරම් පෘතග්ජන වෙලා.(අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 February 2016 10:53 AM

ඊයේ පෙරේදා ඩිස්කෝ පාටියක් දාලා සමරුවේ කුමන ශ්‍රීලනිපයේ සංවස්තරයද? (අ)

:       0       0

අසෝකා Monday, 15 February 2016 10:54 AM

දරු කැල ලක් මවගෙ එක සෙවනකට වෙලා සතුටින් සිටිනු දැක මගෙ සිත ඔකඳ වෙලා .. ආගම ජාති කුලමල සැම ඉවත හෙලා...... ආදර්ශයක් වෙමු ලොවටම පසු නොබලා! (බ)

:       0       0

අමරසිරි Monday, 15 February 2016 03:32 PM

ලාල්... සංගමය කොහොමද කියල හිතාගත හැක .(බ)

:       0       0

රන්ජිත් පැරිස් Wednesday, 17 February 2016 09:47 AM

සනත් -පැරිස්, ඔයලා මීටපෙර පැරිස් වල ජීවත්වෙන අසරණ ජනතාවෙට කරපු සේවාවක් පුලුවන්නම් කරල තිබෙනම් කියමු බලන්න. (ර)

:       0       0

සුනිල් පැරිස් Monday, 15 February 2016 03:41 PM

සිරි පැරිස් ..පාලමයට සංගමයේ භාණ්ඩාගාරික කවුද ..(බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Monday, 15 February 2016 03:37 PM

ඇයි පිටිගල මිලානෝ නිතරම පැරිස් යනවානේ එකවත් දන්නේ නැද්ද කීවෙනි එකද කියලා ඔයා.ඔය දන්නේ පැරිසියේ ඕපාදුප විතරයි නේද (කෞ)

:       0       0

අජිත් ගුණසිංහ Tuesday, 16 February 2016 08:59 AM

සමහරු මේකේ කිසිම වැඩක් නැති දේවල් ලියනවා .කාටවත්ම වැඩක් නැහැ. (ර)

:       0       0

සිරිසේන Tuesday, 16 February 2016 03:17 PM

ආනන්දට වැරදී පටවලා වැඩක් නෙහැ , ඔහු ඒවා කළේ ඔහුට ඔබලා බලය දුන්න නිසා , ඔහුගේ මාර්ගයෙන් මහින්දට කියා යම් යම් දේවල් කරගන්නට , මේ මම දන්නා දෙයක් (බ)

:       0       0

නිල්හාන් Monday, 15 February 2016 06:07 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

සෙල්වම් පැරිසිය Monday, 15 February 2016 12:09 PM

අඩ්ඩා ! අඩ්ඩා ! වරේවා පැරිසියේ ශ්‍රී ල නී ප පුජාව (බ)

:       0       0

අමරසිරි පැරිස් Wednesday, 17 February 2016 02:39 PM

සභාපතිකම දෙනවනම් පැරිස් මිනිස්සු ඕනම තැනක ලගියි ..(බ)

:       0       0

සම්පත් වර්ණකුලසුරිය Monday, 15 February 2016 12:05 PM

දොඩංගොඩ ද , අපෝ දැන් නම් ඔයාලා කොහොමටවත් ගන්නේ නැහැ . එහෙනම් ඉස්සර වෙලා ජිනීවා ගිය බස් වල අය වැය පෙන්නලා ඉන්න ඕනී (බ)

:       0       0

සිරිසේන පැරිස් Tuesday, 16 February 2016 09:13 AM

අජිත්, සමහරු මේකේ ලියන දේවල් සම්පුර්ණ ඇත්ත. (ර)

:       0       0

ජනිත් Monday, 15 February 2016 06:45 PM

හොඳ දෙයක් අගය කරන්න දන්නෙ නැති සමහර මිනිස්සු ගැන ඇත්තටම දුකයි (නි)

:       0       0

නිමල් සිල්වා පැරිස් Wednesday, 17 February 2016 02:42 PM

සභාපතිකමට පක්ෂ ආත්මය පාවාදෙන්න පුළුවන්ද ? (බ)

:       0       0

චානක Monday, 15 February 2016 06:59 PM

සමහර අදහස් දැක්කහම හිනාත් යනවා (නි)

:       0       0

නිල්මිණි පැරිස් Tuesday, 16 February 2016 09:22 AM

ජයවේවා උත්සවයට. (ර)

:       0       0

කුමාර පැරිස් Wednesday, 17 February 2016 02:58 PM

ඔලුව ඇතුලෙ අබ ඇටය ක් හරි මොලයක් ඇත්නම් මේව බලල හරි හැදේවි (බ)

:       0       0

සිරිල් පැරිස් Wednesday, 17 February 2016 02:54 PM

කච ...කච ..සභාපති .පාලම යට කච කචේ ..(බ)

:       0       0

කසුන් හේවාවසම් Monday, 15 February 2016 06:56 PM

කමල්, සුර්ය උදාව බැහැලා ගිහින්. (නි)

:       0       0

සුපුන් Monday, 15 February 2016 06:58 PM

ලෝකයේ කොහේ ගියත් ලංකාවේ සමහර උදවිය දේශපාලන වන්දිබට්ටකම් කරන්නේ පුදුම උජාරුවකින් නොවැ (නි)

:       0       0

වසන්ත පැරිස් Monday, 15 February 2016 07:16 PM

හොද උ ස්සවයක් අපි බැලුව ඉ තා හොදයි ...(රේ)

:       0       0

කමනි පැරිස් Monday, 15 February 2016 07:17 PM

සබාපති තුමාට ජයවේවා (රේ)

:       0       0

ගුණපාල පැරිස් Monday, 15 February 2016 07:19 PM

අපි ගියා බලන්න හරිම ලස්සනයි ස්තුතියි (රේ)

:       0       0

රොහාන් පැරිස් Monday, 15 February 2016 07:15 PM

කැමටික හරිම රසයි ස්තුතියි ගොඩක් (රේ)

:       0       0

රිචි බාලසුරිය Monday, 15 February 2016 12:31 PM

දොඩන්ගොඩ ඔයාල පටන් ගත්තා වාගේම කාල වන කරලා හප කරලා ගියේ , ආපහු එන්න එපා මේවාට (අ)

:       0       0

රන්ජිත් පැරිස් Monday, 15 February 2016 12:26 PM

අපේ දොඩන්ගොඩ ලා මේවා වලින් හොදට හමිබ කළා. (අ)

:       0       0

කෝසල වීරවන්නි Monday, 15 February 2016 07:38 PM

අර බෝධි පුජාවට ඉදලා තියෙන්නේ 21 දෙනාලු .පවුලේ අයත් සමගම .ඇත්තද ?ඩේමින් අයියා .(රේ)

:       0       0

පිරිස් පැරිස් Monday, 15 February 2016 12:38 PM

තවමත්..පැරිස් තානාපති කාර්යාලය පාලනය ආනන්ද දොඩන්ගොඩ අතේ ඇලෙෂ් ..සොබනි .අනා යටතේ තියන්නේ.(අ)

:       0       0

විමලරත්න Monday, 15 February 2016 07:48 PM

සුබ පැතුම්! (නි)

:       0       0

අයිවන් පැරිස් Wednesday, 17 February 2016 11:28 AM

මොනවා වුනත් අජිත් විතරයි පැරීසියේ සිංහල සංවිධානය හරියට කළේ. ඒකට අපි ගරු කරනවා (නි)

:       0       0

පිරිස් - පැරිසිය Monday, 15 February 2016 08:24 PM

ඔය උත්සවවලට මගේ කඩෙන් බඩු ගත්තානම් ලාබෙට දෙන්න තිබුනා. කෝ කවුරුවත් මට දැන්නුවෙවත් නැහැනේ.හැබැයි අරක්කු නම් ලාබෙට දෙන්නේ නැහැ. (බ)

:       0       0

රන්ජිත් පැරිස් Monday, 15 February 2016 12:42 PM

පිරිස් ඔයා හරි දොඩන්ගොඩ තමයි තානාපති කාර්යාලය පාලනය කරන්නේ ඇලෙෂ් .සෝබනී.දොඩන්ගොඩගේ කට්ටිය ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site