ප්‍රංශයේ ප්‍රසිද්ධ පොලිස් මුලස්ථානයක දී කැනේඩියානු කාන්තාවක් දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හත් වසරක සිරදඬුවමක් නියම කළේය.

2014 වසරේ දී මෙම සිදුවීම සිදුවී තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි කැනේඩියානු කාන්තාවකි.

‘පොලිස් නිලධාරීන්ගේ රැස්වීමෙන් පසුව පොලිස් මූලස්ථානය නැරඹීමට මට ආරාධනා කළා. මා එහි ගිය විට සමුහ දුෂණයට ලක් කළා.’ යැයි ඇය නඩු විභාගයේ දී කීවාය.

ඩීඑන්ඒ හා දුරකථන වාර්තා මගින් අධිකරණයට ලබාදුන් විද්‍යාත්මක හා තාක්ෂණික සාක්කි අනුව ප්‍රංශ අධිකරණය සැකකරුවන් මෙලෙස දඬුවම නියම කෙරිණි.

බීබීසි ඇසුරෙනි

(28535)