
මීළඟ පාසල් වාරයේ සිට, ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ පාසල්වලට කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන මානවරූපී රොබෝ ගුරුවරියන් හඳුන්වා දීමට නිව්යෝක් පාසල් බලධාරීහු සූදානම් වෙති. ඇමෙරිකාවේ පාසල්වලට, කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන රොබෝ ගුරුවරියක හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මානවරූපී රොබෝවරුන් යනු, පෙනුමින් අප මනුෂයන් හා සමාන රොබෝවරුන්ය. පාසල්වලට හඳුන්වා දීමට නියමිත රොබෝ ගුරුවරිය ‘සැලී’ යනුවෙන් නම් කර ඇත. නිව්යෝක් සැලමෙන්කා පාසල් දිස්ත්‍රික්කයේ ඇති පාසල් කීපයකට ‘සැලී’ ගුරුවරියන් කීප දෙනකු යෙදවීමට නියමිතය.
‘සැලී’ රොබෝ ගුරුතුමිය, පාසල්වලට යෙදවීම සිදුවන්නේ අත්හදා බැලීමේ වැඩසටහන් කීපයක් සාර්ථක වීමෙන් අනතුරුවය. පෙළ පොත දැනුම පමණක් නොව, යහගුණ පවා පොඩි දරුවන්ට කියා දීමට මේ රොබෝ ගුරුවරියට හැකියාව ඇත.
‘සැලී කියන්නේ සහාය ගුරුවරියක්. පංතිභාර ගුරුතුමා හෝ ගුරුතුමියට සහාය දෙන්න තමයි සැලී නිර්මාණය කරලා තියෙන්නේ. ද්වතීක පංති කාමරලට අපි සහාය ගුරුවරියක ලෙස සැලී යෙදවීමට බලාපොරොත්තු වෙනවා. සැලී නොදන්න දෙයක් නැහැ’ යැයි නිව්යෝක් පාසල් බලධාරීහු පැහැදිලි කරති.
ඇමෙරිකන් ඩොලර් 57,600 ක් (රුපියල් ලක්ෂ 10 ක් පමණ) වටිනා සැලී රොබෝ නිර්මාණය කර ඇත්තේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පාදක කරගත් ‘රියල්බොටික්ස්’ රොබෝ තාක්ෂණ සමාගමය.
බැලූ බැල්මට සැලී රොබෝ යුවතියක යැයි කිව නොහැකිය. ඇගේ සම සිලිකන්වලින් නිර්මාණය කර ඇති අතර, නිර්මාණකරුවන් ඇයට දිගු වරලසක් ද එක් කර තිබේ. අභිනයන් දැක්වීමේ හැකියාව සැලී සතුවය. කෙසේ නමුත්, සැලී එක තැන සිටින රොබෝවරියකි. ඇයට ඇවිදීමේ හැකියා නැත.
ඇමෙරිකන් අධ්‍යාපන බලධාරීන්ගේ ද අනුමැතිය සහ අධීක්ෂණය යටතේ කෘත්‍රිම බුද්ධි රොබෝවරියන් මෙසේ පාසල්වලට යෙදවීම සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd