ප්‍රංශයේ දකුණු දිග පර්පිග්නන් ප්‍රදේශය ආසන්නයේ දුම්රියක් හා පාසල් බස් රථයක් ගැටීමෙන් දරුවන් හතර දෙනකු මියගොස් 20ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
තුවාල ලැබූ අයගෙන් දහදෙනකු පමණ අසාධ්‍ය තත්වයේ පසුවන බව බලධාරීහු පවසති. 
 
ගැටුම සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි පාසලක අවුරුදු 13ත් 17ත් අතර වයසේ දරුවන් බස් රථයේ ගමන් කර ඇත. දුම්රියේ හැපීම නිසා බස් රථය දෙකට කැඩී ඇති බව පැවසේ. බස් රථය කාන්තාවක පදවා ඇති අතර  ඇය ද බරපතල ලෙස තුවාල ලබා ඇත. 
 
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
 
(බීබිසී පුවත් ඇසුරිණි - 085)