ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිල්ලිහි පිහිටි නිවස ආසන්නයේ ඉතා සුළු ගින්නක් ඇති වූයේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලියේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ අංක 7, ලෝක් කල්යාන් මාර්ග් නිවස ආසන්නයේ පස්වරු 7.20ට පමණ මෙම ගින්න ඇති වී තිබෙන අතර එය සාර්ථකව මැඩ පැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් සමත්ව ඇති බව ද එම පුවත් සේවා වාර්තා කර තිබිණි.

විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න ඇති වී තිබෙන අතර ගින්න ඇති වී තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව යොදා සිටින විශේෂ ආරක්ෂක කණ්ඩායම් සිටින ස්ථානයට ආසන්න ස්ථානයක ය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ගින්න සාර්ථකව මැඩ පැවැත්වූ බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන රථ නවයක් එම ස්ථානයට පැමිණ ඇති බවත් ගින්න ඇති වූයේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස හෝ කාර්යාල තුළ නොවන බැවින් එම රථවලට ඊට ඇතුළු වීමට ඉඩ නොලැබිණි. කෙසේ නමුත් ආරක්ෂක අංශ ඒ වනවිටත් ගින්න මැඩ පැවැත්වීමට සමත්ව තිබිණි.

එන්.ඩී.ටීවී. ඇසුරිනි 

055