IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි

විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන්නැයි තුර්කි අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් කළ ඉල්ලීම නොසළකා ඊයේ (10) එරට අන්කාරා නුවර දැවැන්ත විරෝධතා රැලි පැවැත් වුණු අතර විරෝධතාකරුවන් සහ කැරැලිමර්දන පොලිස් නිලධාරීන් අතර දරුණු ගැටුම් හටගත්තේය.
අගමැති එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන ලෙසටත්, කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙසටත් විරෝධතාකරුවන් ඉල්ලා සිටින අතර අගමැතිවරයා පවසා ඇත්තේ එය කිසිසේත් සිදුනොවනු ඇති බවය. මේ හේතුව නිසා විරෝධතා උත්සන්න විය.  
තුර්කියේ විරෝධකා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේදීය. ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙද්දීය.
මේ වනවිට තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව ද අගමැතිවරයා පවසා තිබේ.

 



අදහස් (0)

තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site