ඇමරිකා ජනපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර පළමු විවාදය අද පැවැත්වීමට නියමිතය.

ඇමරිකා ජනපති ධූර අපේක්ෂකයින් ජනපතිවරණය ආසන්නවත්ම මුහුණට මුහුණ කරන මෙම රූපවාහිනී විවාදය බොහෝ කලක පටන් ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශේෂ දේශපාලන වැඩසටහනක් ලෙස සැලකේ.

නිව්යෝක් නුවර හොෆ්ස්ට්‍රා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන මෙම විවාදය දෙපාර්ශවයටම ජනපතිවරණ සටනේ ඉදිරියට යාමට වැදගත් වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම විවාදය අදියර තුනකින් පැවැත්වීමට නියමිත අතර එහි දෙවැන්න ඔක්තෝබර් 9 වැනිදා ද තෙවැන්න ඔක්තෝබර් 19 වැනිදා ද පැවැත්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිතය.