ස්ටෙෆන් ගේට්ස් ආහාර පර්යේෂකයෙකි.මෑතකදී ඔහු ආසියාකරයේ රටවල් කිහිපයක් බලා පියාසර කළේ අලූත්ම වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට අවැසි තොරතුරු සොයාගැනීමටය.මේ වැඩසටහනට පාදක වනුයේ ඉහළ යන ලෝක ජනගහනය හමුවේ   ආහාර සපයා ගැනීමේ අර්බුදයයි.ස්ටෙෆන් පවසන ආකාරයට ඔහුගේ අරමුණ වූයේ අප භාවිතා කරන ආහාර වෙනුවට භාවිතා

කළ හැකි විකල්ප ආහාර ප්‍රභව පිළිඹද කරුණු සොයා බැලීමයි.

මේ විකල්ප ආහාර ප්‍රභව වලට ස්ටෙෆන් තෝරාගෙන ඇත්තේ කෘමීන්වය. ඔහු සොයා ගෙන ඇති ආකාරයට යුරෝපීයයන් තුළ එතරම් පැහැදීමක් නැතත් ආසියාකරයේ බොහෝ රටවල ජනයා කෘමි සතුන් ආහාරයට ගැනීම ප්‍රියකරයි. මේ කෘමි සතුන් අතරට කැරපොත්තන් පළගැටියන් රැහැයියන් ආදී මෙකී නොකී සියලූ ආකාරයේ කෘමිසතුන් ඇතුළත්ය. ආසියාවේ ඇතැම් රටවල වෙළදසල් වලින් පාර්සල් කර අහුරා ඇති කෘමිසතුන් හිතේ හැටියට මිලදී ගැනීමට හැකියාවද ඇති බව ඔහු කියයි. ‘වාරතා වැඩසටහනේ එක් අංගයකට මා ගියා මේ සතුන් අල්වා ගන්නා හැටි බලන්න. එදා මගේ ආසියා මිතුරන් මා රැගෙන ගියේ මකුලූවන් දඩයම් කරන ආකාරය පෙන්වීමට.ඉතා විශාල ප්‍රමාණයේ මකුලූවන් ඔවුන් විසින් කෝටු වලින් ඇන අල්වා ගනු ලබනවා. පසුව ඒ සතුන් ගින්නේ පළහා මිරිස් ආදිය දමා රස කර ගනු ලබනවා. ඉන්පසුවයි විකුණනු ලබන්නේ.මමත් අප්පිරියාවෙන් රස බැලූවා. ඇත්තම කිව්වොතින් රසය නම් අපූරුයි‘.පවසන්නේ ස්ටෙෆන්ය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේද ඉදිරියේදී අපට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ මෙවන් විකල්ප ආහාර ප්‍රභව වෙත යොමු විීමට සිදුවනු ඇති බවයි.ඉහළ යන ආහාර මිල හමුවේ හා ඉල්ලූමට සරිලන සැපැයුම ලබා දිය නොහැකි තත්ත්වයක විකල්ප මාරග සොයනු විනා ගැලවීමට වෙනත් ක්‍රමයක් නොමැති බව එම සංවිධානයේ අදහසයි.ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කරන ආකාරයට මිනිසාට කෘමි සතුන් අනුභව කිරීම අමුතු දෙයක් නොවේ.ඒ පුරුද්ද වසර 2000 කටත් එපිට කාලයක සිට පැවැත එන්නකි.අනෙක් අතට කෘමිසතුන්ගෙන් ලබා ගත හැකි පෝෂ්‍ය පදාරථ ප්‍රමාණය ඉතා ඉහළ බවද පර්යේෂණ වලින්ද තහවුරු කර ඇති නිසා අප්පිරියාව පසෙකට දමා කෘමි සතුන් අපගේ ආහාර වේල් වලට එක්කර ගැනීමට සිදුවනු ඇතැයි ඔහු කියයි.