රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, සුපර්සොනික් වර්ගයේ අති ප්‍රබල මිසයිල යොදා ගනමින් පහර දුන්නේය. රැසියාව යුක්රේනයට එරෙහිව එල්ල කළ ප්‍රබලතම ප්‍රහාරය මෙය යැයි පැවැසෙයි. 

ප්‍රහාරය සඳහා රුසියන් හමුදාව යොදා ගත්තේ, ‘ඔරෙෂ්නික්’ නමැති සුපර් සොනික් මිසයිලයයි. මෙවැනි මිසයිල යුක්රේනයට එරෙහිව භාවිතයට ගත් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

රැසියාව මේ අයුරින්, යුක්රේනයට පහර දුන්නේ, යුක්රේන හමුදා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් රැසියාවට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

කීව් අගනුවරට එල්ල වුණු එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද පැවසෙයි. මියගිය යුක්රේන වැසියන් ගණන 4 කි.