
පිලිපීනයේ මැනිලා අගනුවරට නුදුරින් ඇන්ජලීස් නගරයේ මහල් ගොඩනැගිල්ලක් බිමට සමතලා වීමෙන් එක් අයකු ජීවිතක්ෂයට සිදුවුණු බවත්, 20 දෙනකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවත් පැවැසෙයි.
ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඊයේ (24) අලුයම් කාලයේය. ගොඩනැගිල්ල මහල් නවයකින් සමන්විතය. එය හිටිහැටියේ කඩා වැටීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.
සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීම නොකඩවා සිදුවෙමින් පවතින බව ද පැවැසෙයි. අනතුර සිදුවුණු සැණින් දිවි ගලවා ගැනීමේ මෛහයුම් ආරම්භ වුණු අතර, එදිනම සුන්බුන් අතරේ සිරවුණු 24 දෙනකු මුදාගත් බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd