IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සිහිසුන්ව රෝහලේ සිටිය දී සත්ත්ව ඝාතන මනසින් දකී

මරණාසන්න මනෝ සංඥ‌ා

 

පෙර භවය හෙළිකළ දරුවන්ගෙන් මෙන්ම සිහිසුන්ව සිටිය දී සත්ත්ව ඝාතන දුටු සිදුවීම් ද පර්​ෙ‌ය්ෂණ අතර තිබේ. (NEAR DEATH EXPERIENCES) මරණාසන්න අත්දැකීම් ලෙස හඳුන්වන මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ අතර එවැනි සාධක කීපයක් ඇත. 


විවිධ අනතුරු සහ සැත්කම් සිදුවන අවස්ථාවල දී සිහිසුන්ව සිටිය දී තමන් විසින් පෙර සිදුකළ සත්ත්ව ඝාතන මනසින් දුටු අත්දැකීම් ලැබුවෝ සිටිති. තරුණ වියේ දී සැත්කමක් සිදුවන විට දී පෙර කළ සත්ත්ව ඝාතන මනසින් දුටු අයෙකු පිළිබඳව වසර කීපයකට උඩ දී පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට හැකි විය. 
කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකුව සිටි කුමාර වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. කෙටි නිවාඩුවක් සඳහා ඔහු වසරකට පමණ පසු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ වන විට ඔහු විසිතුන් වන වියේ පසුවිය. දහමට ද නැඹුරුව සිටි ඔහු ඇසුරු කළ හිමිනමකගෙන් ආරාධනයක් ලැබිණි. 


එනම් ඉන්දියාවට යන වන්දනා නඩයක මග පෙන්වන අයෙකු ලෙස යන ලෙසය. එම ආරාධනාව පිළිගත් කුමාර වන්දනා නඩය සමග ඉන්දියාවට ගියේය. මසක පමණ කාලයක් එහි ගත කිරීමට නියමිතව තිබිණි. වන්දනා පිරිස සඳහා දුම්රිය මැදිරියක් වෙන්කර තිබූ අතර එම පිරිස හතළිස් හතරක් විය. ඔවුන් ඉන්දියාවට ගියේ තලේමන්නාරම සිට බෝට්ටුවකිනි. ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත් වූයේ 1961 ඔක්තෝබර් 12 වැනිදාය. ඉන්දියාවට ගිය පිරිස දින කීපයක් විවිධ ස්ථාන වෙත ගමන් කළහ. 


එද‌ා 1961 ඔක්තෝබර් 29 වැනිදාය. දුම්රියේ ගමන් කරමින් සිටි පිරිස මේන්පුරි දුම්රිය ස්ථානය පසු කරමින් සිටියේය. හදිසියේම දුම්රිය දැඩි වේගයකින් ගමන් කරන බවක් ඔවුන්ට දක්නට ලැබිණි. දුම්රිය මැදිරියේ සිටි අය අතට අසුවන සෑම දෙයක්ම තදින් අල්ලාගැනීමට උත්සාහ කළහ. ගතවූයේ තත්පර කීපයකි. දූවිලි පිරුණු දුම්රිය මැදිරිය ඒ මේ අත පැද්දී ඇඹරී ගියේය. එහි සිටි පිරිස තුවාලකරුවන් බවට පත්වූහ. දුම්රිය මැදිරි පීලි පැනීමකට ලක්විය. 
 කුමාරගේ පාදයක් එල්ලෙමින් තිබිණි. ප්‍රතිකාර සඳහා ඔහු වහා ඉන්දියාවේ අග්‍රා රෝහලට ඇතුළත් කෙරිණ. රෝහලට ඇතුළු කළ වහාම ඔහු ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීය. 

 

ලාංකික වන්දනාකරුවන් ගමන් කළ දුම්රිය මැදිරිය සවිකර තිබුණේ මාරක අනතුර සිදුවූ මෙම දුම්රියේ ඇන්ජිමට යාබදවය. මෙහි ඊතලයෙන් දැක්වෙන්නේ සුනුවිසුණු වී ගොස් ඇති එම මැදිරිය මත අනෙක් මැදිරි එක පිට එක නැගී ඇති සැටිය

 


ශල්‍යාගාරයේ දී ඔහුට සිහි නැතිකිරීමේ එන්නත ලබාදෙනු කුමාරට මතකය. අනතුරුව ඔහු මුහුණ දුන්නේ අතිශය පුදුම දර්ශනයක් වෙතය. හිස් අහසක ඡායාවක් ඔහුට පෙනුණි. පාසල් සිසුවෙකු කැටපෝලයක් අතැතිව කුරුල්ලන්ට ගල් විදිනු එම දර්ශනයෙන් ඔහුට පෙනේ. ඔහු විසින් එල්ල කළ ගල් ප්‍රහාරයක් වැදී කුරුලු පැටව් කීප දෙනෙකු කැබලි වී ගියේය. තවත් පක්ෂියෙකුගේ කකුලක් කැඩුණි. මෙම දර්ශනය දකිමින් සිටි ඔහුට වෛද්‍යවරයා සැත්කම නිමකර ඔහුට ඇමතූ හඬින් ඔහු පියවි සිහිය ලැබීය. 


තමා දුටු දර්ශනය මෙනෙහි කළ ඔහුට තමා පෙර සිදුකළ ක්‍රියාවක් එලෙසින්ම දක්නට ලැබුණු බැව් ඔහුට සිහිපත් විය. 
මෙම අත්දැකීම හෙළිකළ කුමාර හමුවීමට අපට අවස්ථාව ලැබිණි. එම සිදුවීම ඔහු අප සමග හෙළිකළේ මෙසේය. 


‘මට මතකයි වයස අවුරුදු 12 දී පමණ මම කැටපෝලයක් සාද‌ාගෙන තිබුණා. එයින් සත්ත්වයන්ට ගල් විදීම සිදුකළා. වරක් ගසක සිටි පක්ෂියෙකුට මා ගල් විද්ද‌ා. මට මතක හැටියට කව්ඩා යනුවෙන් හැඳින්වූ පක්ෂියෙකුට මා ගල් කීපයක්ම විද්ද‌ා. ඒත් එක ගලක්වත් ඌට වැදුණේ නෑ. ඌ කීප විටක්ම ඉගිලී ගියා. නැවත නැවත එම ස්ථානයටම පැමිණියා. මා එල්ලය ලබා නැවතත් ගල් විද්ද‌ා. එවරත් පක්ෂියා ඉගිලී ගියා. එහෙත් එම ගල වැදී කැබලි කීපයක් විසිරී ගියා. මා එය පරීක්ෂා කළා. කුරුලු පැටව් කීප දෙනෙක් කැබලි බවට පත් වී තිබුණා. 


 එය දුටු මගේ සිතට දැඩි කම්පාවක් ඇතිවුණා. මා කැටපෝලය කඩා වීසි කළා. 


එද‌ා මනසින් දක්නට ලැබුණු අනෙක් සිදුවීම වූයේ මා විද්ද ගලකින් පක්ෂියෙකුගේ කකුලක් කැඩී ගියා. එම සිදුවීම ද වරක් මා අතින් සිදුවූවක්. එද‌ා මම දුටු දර්ශන මා වයස අවුරුදු 12 දී සිදුකළ සත්ත්ව ඝාතන මනසින් දැකීමක් ලෙස මට සනාථ වුණා.’ යයි ඔහු අප සමග පැවසීය. දරුණු ලෙස තුවාල ලබා සිටි කුමාරගේ කකුලක් අහිමි කිරීමට ද ඔහුට සිදුකළ සැත්කමේ දී වෛද්‍යවරුන්ට සිදුවිය. 

 


තිස්ස ජයවර්ධන

 

 

 



අදහස් (0)

සිහිසුන්ව රෝහලේ සිටිය දී සත්ත්ව ඝාතන මනසින් දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 5 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 334 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site