IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ලෝක පාපන්දු පිටියේ හැඩකාර සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

පෘතුගීසිකාරයා ශ්‍රී ලංකාව ඔවුනගේ යටත් විජිතයක් බවට පත් කරගෙන සිටියේ 1505 සිට 1658 දක්වා වූ කාලයේදීය. එලෙසින් පෘතුගාලය තවත් රටවල් යටත් කරගන්නට ඇත. ඒ නිසාම ඔවුනගේ යටත් විජිත වාසී  ජනතාව මේ පෘතුගීසීන්ට වෛර කරන්නට ඇත. ඉතිහාසය එසේ වුවද, මේ පැවසීමට සූදානම වෙන්නේ මුළු ලෝකයම ආදරය කරන පෘතුගීසිකාරයකු ගැනය. ඔහු අන් කවරකුවත් නොවේ. වත්මන් ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය. පාපන්දු ක්‍රීඩාව ස්වකීය ආත්මය බවට පත් කර ගත් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට මුළු ලෝවක් ආදරය කරන්නේ ඔහු පාපන්දු පිටියේ විශිෂ්ටයකු වූ නිසාම නොවේ. හොලිවුඩයේ නළුවකු පරයන කඩවසම් මෙන්ම ඉතා ප්‍රියමනාප පෙනුමකින් යුතු වූ නිසාය. ලොව අසිරිමත් පාපන්දු සැණකෙළිය හෙවත් ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ 21 වැනි තරග මාලාව මේ දින වල රුසියාවේ පැවැත්වෙන මොහොතක දී අප මේ සූදානම් වෙන්නේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගැන විස්තරයක් කිරීමටය.   


රොනල්​ෙඩා් හට ආදරය කරන්නේ ඉහත කී අන්දමට ඔහු වෙතින් දක්නට ලැබෙන කඩවසම් හා ප්‍රියමනාප පෙනුම නිසාම නොවේ.   


ඔහු විසින් නිරන්තරයෙන්ම සිදු කරනු ලබන මහා පරිමාණයේ සමාජ සත්කාරක සේවාවක් නිසාය. සිය ජීවන වෘත්තිය වන පාපන්දු ක්‍රීඩාව වෙතින් මහා ධනස්කන්ධයක් උපයන රොනල්ඩෝ ඒ හා සමාන වූ ධනයක් ආධාර අත්‍යාවශ්‍ය වූ සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන්නේය.   


පුද්ගලික තොරතුරු
   


මෙලෙසින් කටයුතු කරන මේ ක්‍රිස්ටියානෝ ​ෙරානල්​ෙඩා් උපත ලබා ඇත්තේ පෘතුගාලයේ මැඩෙයිරා දිවයිනේ ෆන්චල් නගරයේදී 1985 පෙබරවාරි 5 වැනිදාය. ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ ක්‍රිස්ටියානෝ ​ෙරානල්​ෙඩා් ඩොස් සැන්ටොස් ඇවේරෝය.   


ක්‍රිස්ටියානෝ කියන නාමයටත් වඩා ඔහු වඩා ප්‍රීය කරන්නේ රොනල්ඩෝ ලෙස හැඳින්වීමටය. අද මෙලෙස ලෝ ප්‍රකට පාපන්දු තරුවක වුවද වයස අවුරුදු පහළොව දක්වා ඔහු හදවතේ වූ අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පීඩා විඳි අයෙකි. සාමාන්‍යයෙන් මිනිසකුගේ හදවතේ ගැස්ම තිබිය යුතු ප්‍රමාණයට වඩා ශීඝ්‍රගාමි බවක් ඔහුගේ හෘදස්පන්දනය වෙතින් දක්නට ලැබිණි. ඒ සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ගත් අතර සැත්කමට මුහුණ දීමට ද ඔහුට සිදු විණි. ක්‍රිස්ටියානෝගේ පියාගේ නම ඩිනිස් ඇවේරෝය. මව මාරියා ඩොලර්ස් ඩොස් සැන්ටොස් ඇවේරෝය.   


ඔහුට එක් සහෝදරයකු සිටින අතර සහෝදරියන් දෙදනෙකි.   


කුඩා කාල​ෙය්දී ගෙවූ දිළිඳු දිවිය   


අද අති විශාල ධනස්කන්දයකට උරුමකම් කීවද ක්‍රිස්ටියානෝ ​ෙරානාල්​ෙඩා් හට කුඩා කාලය ගෙවීමට සිදු වූයේ අඟ හිඟතා රැසකට මුහුණ දෙමිනි. දිළිඳු භාවයෙන් යුතු පවුලේ සියලු දෙනා එවකට ජීවත් වූයේ ඉතා කුඩා නිවසකය. ක්‍රිස්ටියානෝ සහ අයියා මෙන්ම අක්කලා දෙදෙනා වෙනුවෙන්ම තිබුණේ එහි එක් කාමරයක් පමණි. දරිද්‍රතාවයේ එළිපත්තේ සිටි ඔහුගේ දෛවයේ ලියැවී තිබෙන්නට ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට විය හැකිය. වයස අවුරුදු නමය වන විට දහ අටේ ගැටවරයින් පරයා ක්‍රීඩා කළ හැකි අපූරු දක්ෂතාවයක් ඔහු සතු විණි. මේ හැකියාව වටහා ගත් නිසාම ඇන්ඩොරින්හා පාපන්දු සමාජයේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වරම් ලබා ගත්තේ වයස අවුරුදු 10 ක් වීමටත් පෙරදීමය. තාත්තා පුංචි ෆුට්බෝල්කාර පුතාගේ බෑගය රැගෙන ගියේය. එලෙසින් පුතාට දිරියක් වූයේ ආර්ථික වශයෙන් ඔහුට බොහෝ දේ කරන්නට තරම් නොතිබූ හැකියාව නිසාවෙනි. කෙසේ වෙතත් වයස අවුරුදු 12 වෙන විට පාපන්දු සමාජයකින් ලද ආරාධනයක් අනුව යුරෝ 1500 ක මුදලකට ක්‍රීඩා කිරීමේ ගිවිසුමකට ඔහු එළඹියේය. ඒ ඔහුගේ ප්‍රථම ධානත්මක ආරම්භයයි. මේ වෙන විට තමා ඉගෙන ගනිමින් සිටි පාසලේ ජනප්‍රිය තරුවක්ව සිටි රොනල්ඩෝ අනෙකුත් ළමුන්ගේ පුංචි වීරයකු විය. එහෙත් ඔහුට පාලනය කර ගත නොහැකි තරමේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබිණි. වතාවක පාසලේ ගුරුවරිය වෙත පුටුවක් විසි කිරීම නිසා පාසලෙන් පවා නෙරපා හැර තිබිණි. මේ සියල්ලටම හේතු වූයේ අසාමාන්‍ය වු හෘද ස්පන්දන වේගය නිසාවෙනි. ඒ නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු වූ අතර සැත්කමට භාජනය වීමට සිදු වුණි. එය නවීනතම ලේසර් තාක්ෂණය වෙතින් සිදු වූ නිසා රොනල්ඩෝගේ ළය පලා ඒ සැත්කම නොකිරීමට වෛද්‍යවරු වග බලා ගත්හ. ඒ නිසාම රෝහලෙන් පිටව ගොස් සති කීපයකට පසුව නැවතත් ඔහුගේ පාපන්දු ගමන ආරම්භ කිරීමට හැකි විණි.   


ජාත්‍යන්තර ගමනක ඇරඹුම   


වයස අවුරුදු 16 වෙන විට රොනාල්ඩෝ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර වයස 16 පසු වූ මේ කොලු ගැටයා 17 න් 18 න් මෙන්ම 19 න් පහළ ක්‍රීඩා කිරීම එකවර සිදු කළේය. මෙහිදී දැක් වූ දස්කම් සමග පෘතුගාලයේ පාපන්දු ඇකඩමියේ විශේෂිත ක්‍රීඩකයකු බවට පත් වී කටයුතු කළ හේ, විදේශීය කණ්ඩායම් සඳහා ගිවිස ගැනීමද සිදු කළේය. පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධාන ඇකඩමියේ සාමාජිකයකුව සිටීමෙන් අනතුරුව, ලෝ ප්‍රකට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමේ මහඟු අවස්ථාව ලබා ගත්තේ 2003 දීය. 2009 දක්වා එහි ක්‍රීඩා කළ ඔහු එම කණ්ඩායමට දායකත්වය ලබා දුන් කැපී පෙනෙන ක්‍රීඩකයා විය. ඊටත් පෙර එංගලන්තයේ ලිවර්ෆුල් කණ්ඩායමට ක්‍රීඩා කර සිටි හේ ඊළඟට ගිවිස ගත්තේ ලෝ ප්‍රකට රියල් මැඩ්රීඩ් පාපන්දු කණ්ඩායම සමගය.     


ස්වර්ණමය ගමන   


ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා සමාජ පිටියේ සුපිරි තරුවක්ව සිටි රොනාල්ඩෝ තම මව් රට වූ පෘතුගාලය නියෝජනය කිරීම සඳහා වරම් ලබාතේතේ 2001 වසරේ දී වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමිනි. ඉනික්බිතිව පිළිවෙළින් 17 න් 20, 21 සහ 23 න් පහළ කණ්ඩායම් සඳහා තම රට නියෝජනය කළේය. 2003 වසර ස්වර්ණමය වසර වූයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පෘතුගාලය නියෝජනය කිරීමට වරම් ලබා ගැනීම නිසාය. මේ වෙන විට ඔහුගේ පියා අකාලයේ වියෝව සිටියේය. ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන අතරවාදයේදී තාත්තාට උපහාර කිරීමට ද රොනල්ඩෝ අමතක නොකළේය. මතුපිටින් නොපෙන්වුවද තාත්තාගේ වියෝව ඔහුට ගෙන දුන්නේ මහා දුකකි. ඔහු ඒ දුක තුනී කර ගත්තේ තාත්තා පෙන් වූ මඟ යමින් වඩ වඩාත් උනන්දුවෙන් ක්‍රීඩා කිරීම වෙතිනි.   


පවුලට ළැඳි පුතා 

 
තාත්තාට බෙහෙවින් ආදරය කළ සේම ඔහු මවටද එකම සහෝදරයා සහ සෙහොයුරියන් දෙදෙනා හට ද දක්වන්නේ දැඩි ළෙන්ගතුකමකි. පවුලේ සියලු දෙනාම සතුටින් තැබීම ඔහුගේ පරමාර්ථය වීය. ඇදහිය නොහැකි තරමේ ධනස්කන්ධයක් පාපන්දු හැකියාව වෙතින් ඉපයීමත් සමග ඔහු ලොව ප්‍රධාන පෙළේ ධනවත් ක්‍රීඩකයකු බවට පරිවර්තනය විණි. ඒ සමගම විවිධ ලෝ ප්‍රකට නිෂ්පාදන සඳහා ඒවායෙහි ප්‍රවර්ධන වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටීම නිසා තවත් මහා විශාල ධනස්කන්ධයක් රටවල් කීපයක බැංකු කීපයක ඔහුගේ නමින් ඇති ගිණුම් සඳහා එකතු විය.   


සුරූපිනියන් හා පෙමින් බැඳීම   


සුපිරි පාපන්දු තරුවක් මෙන්ම කඩවසම් චරිතයක් සහ ධනවත් ක්‍රීඩකයකු වීමත් සමග සුරූපී නිරූපිකාවන් නිළියන් මෙන්ම ප්‍රකට සුරූපිනියන් රොනාල්​ඩෝගේ ප්‍රේමය පැතීය. බොලිවුඩ් තරුවක මෙන්ම හොලිවුඩ් තරුවකද ඒ අතර විය. නමුත් ක්‍රිස්ටිනානෝ රොනල්​ෙඩා් පෙමින් වෙලී සිටි සුරූපිනියන් අතරින් ලෝකයේ වඩාත් කතා බහ කළේ රුසියානු නිරූපිකාවක වන අයිරිනා ෂයික් ගැනය. ඊට හේතුව නම් අයිරිනා ෂයික් යනු ලොව වඩාත් රූමත් කාන්තාවන් අතර සිටින තවත් රූමතියක් වන නිසාය. කෙසේ වෙතත් ඒ ප්‍රේමයට එතරම් කල් පැවැත්මක් නොතිබිණි. ඇයගෙන් පසුව තවත් සුරූපිනියන් සමග වරින් වර පෙමින් වෙලී සිටි ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ ඊළඟට හිත ගිය තැනි මාළිගාව මැවුනේ ස්පාඤ්ඤ ජාතික සුරූපී ජෝර්ජියානා රොඩ්රිගුස් ළඟය. ලෝ ප්‍රකට විලවුන් අලෙවි කරන ආයතනයක ජෝර්ජියානා සේවය කළ අතර විලවුන් ගැන වඩාත් උනන්දු වන ක්‍රිස්ටියානෝ දිනෙක ඩොල්සෙ ගැබානා විලවුන් ප්‍රවර්ධන උත්සවයකට ආරාධනා ලැබී සිටි​ෙය්ය.   


ආරාධිතයා ලෙස ප්‍රභූ කලාපයේ අසුන්ගෙන සිටි ඔහු අසලට මේ සුරූපිනිය පැමිණ සිටියාය. මෙම ඉසව්ව අවසාන සිදු වුයේ මේ දෙදෙනා කතා බහ කිරීමට අවස්ථාවක් උදා කර ගැනීමය. පැපරාසීන් ඉන් පසුව මේ යුවළ යන යන තැන ඉව අල්ලමින් සිටියදී එක්තරා දිනෙක පැරීසියේ ඩිස්නිලන්තයේ දී මේ දෙදෙනා අත් පටලා ගෙන ඇවිදිනු දක්නට ලැබිණි.   


සන් පුවත් පත මුල් වරට එය ලෝකයට හෙළිදරව් කළේය. මේ අතරවාරයේදී නිවුන් දරු දෙදෙනෙකුගේ භාරකාර පියා ලෙස කටයුතු කළ රොනල්ඩෝට දාව ජෝර්ජියානා දියණියක බිහි කළාය. නමුත් මේ දක්වා මේ දෙදෙනා විවාහ උත්සවයක් නම් පවත්වා නොමැත.   


විනෝදාංශ   


රොනල්ඩෝගේ ප්‍රියතම ක්‍රීඩකයා වන්නේද රොනල්ඩෝය. එනම් බ්‍රසීලයේ රොනල්ඩෝය. සුදු පාට ඔහුගේ ප්‍රියතම පාට වන අතර කැමතිම අංකය වන්නේ 07 ය. Bacalhau a Braz ඔහුගේ ප්‍රියතම ආහාරය වේ. කැරොලිනා හෙරේරා සෙක්සි මෙන් 212 ප්‍රියතම විලවුන් වර්ගයයි. මේ සියල්ලට වඩා ඔහු වඩාත් ප්‍රිය කරන්නේ නවීනතම සුඛෝපබෝගී රථ එකතු කිරීමටය.   


සුපිරි රථ එකතුවක හිමිකරුවා.   


ලැම්බෝගිනි, බී එම්. ඩබ්ලිව්, ෆෙරාරි, බෙන්ස් බෙන්ට්ලි වර්ගයන්ට අයත් විශේෂිතව සහ සීමිත ප්‍රමාණයෙන් ලොවට නිපද වූ සුපිරි රථ ගොන්නකට ඔහු හිමිකම් කියයි. මේවායෙහි වටිනාකම අංකවලින් සඳහන් කළ නොහැකි තරම්ය. එමෙන්ම යුරෝපයේ රට රටවල මාළිගා කීපයක්ම ඔහු සතුව තිබේ.   


ආදායම් නඩුවකට විටෙක මුහුණ දීමට සිදු වූ අතර සම්පූර්ණ මුදල ගෙවා ඔහු එයින් නිදහස් විණි.   


විලාසිතා රජු   


ලෝ ප්‍රකට වෙ​ෙළඳ නාම යටතේ වූ විලාසිතා සඳහා දැඩි ලොල් බවත් දක්වන ඔහු විනෝදාංශ්‍යක් ලෙස විලාසිතා එකතු කරන්නෙකි. බල්ලන්ට වඩා කැමති අතර යන යන තැන ඔහුගේ සුනඛ ආදරණීයන් රැගෙන යාමට ද අමතක නොකරයි. සංගිතය ආත්මය කර ගත් අතර වඩා කැමතිම ගීතය වන්නේ බී. කෙලී විසින් ගායනා කරනු ලබන ‘‘මට ඉගිලෙන්න පුළුවන් යැයි මම විශ්වාස කරනවා’’ යන අරුත රැගත් ගීතයටයි.   


ලොවම ආදරය කරන්නට හේතුව   


ක්‍රිස්ටියානෝ රොනල්​ඩෝ හට මුළු ලෝක​ෙය්ම සිටින පාපන්දු ලෝලීන් මෙන්ම තවත් බොහෝ දෙනා ආදරය කරන්නේ ඔහු සතු පරිත්‍යාගශීලිත්වය නිසාය. උපයන තරමට දන් දෙන්නෙකු යැයි සඳහන් කිරීම වඩා අගනේය. විශේෂයෙන්ම ඔහු උදව් කරන්නේ පුංචි දරුවන් වෙනුවෙනි. විවිධ රෝගාබාධ නිසා පීඩා විඳින දරුවන් මෙන්ම පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන්​ෙග් ජීවිත ගොඩ ගැනීම සඳහා අත දිග හැර ආධාර කරන්නෙකි. එක්තරා දරුවකුගේ ජිවිතය එලෙසින් බේරා ගත් පසු ඒ දරුවා සැත්කමින් පසුව සුවය ලබා සිටියදී රොනල්ඩෝ ඔහු බලන්නට ගියේය. ඔහු දරුවා බදාගෙන ඉකි ගසා හැඬීය. තවත් අවස්ථාවක එවැනි දරුවන් වෙනුවෙන් පැවැති උත්සවයක් අවසන ඔහු වඩාත් හැඟුම්බරව සිටිනු දක්නට ලැබිණි. සමාජ සත්කාරක කටයුතු වලදී නිරන්තරයෙන්ම ඔහු කාලය ගත කිරීමට වඩා උනන්දු වන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ ජීවිතයත් මරණයක් අතර සටනකට මැදිව විවිධ රෝගාබාධවලින් පීඩා විඳින දරුවන් සමග කාලය ගත කිරීමටය. වයස 10 ත් 13 ත් අතර වූ ලෝ පුරා ඔහු වටා ගොනු වී සිටින පාපන්දු ළමෝ බොහෝ වෙති. ඒ පුංචි රසිකයින් වෙත ගොස් තැන නොතැන ආරක්ෂාව නොබලා ඔවුන් සතුටු කිරීම ඔහුගේ සිරිතකි. 2014 දී මාස 10 ක පමණ වූ දරුවකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍ය කර්මයක් කිරීමට සිදුව තිබූ අතර ඒ සඳහා ඔහු ඩොලර් 83,000 ක් පරිත්‍යාග කළේය. 2004 දී සුනාමි ව්‍යසනය නිසා වූ විපත් සඳහා ද ආධාර කළ ඔහු නිරන්තරයෙන් ආධාර උපකාර සහ සමාජ සත්කාර සඳහා දායක වූ අවස්ථා ගැන සඳහන් කිරීමට පිටු ගණනාවක පොතකින් කළ හැකි දෙයකි. 2015 වෙන විට ඔහු සතු මේ පරිත්‍යාගශීලීත්වය නිසාම සමාජ සත්කාරක සහ උපකාරක ආධාර කටයුතු සඳහා වූ ලොව වඩාත් පරිත්‍යාගශීලී ක්‍රීඩකයා සම්මානය ඔහුට ප්‍රදානය කෙරුණි.   
පාපන්දු පිටියේදී ලැබූ සම්මාන ගොන්න.   


ලෝක පාපන්දු පිටියට ආ දින සිට පාපන්දු ක්‍රීඩාවේ නියැළී ක්‍රීඩකයකු හට හිමි වූ සම්මාන දෙස විපරම් කර බලද්දී ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ තරම් සම්මාන ගොන්නක් ලද ක්‍රීඩකයකු තවත් නොමැති තරම්ය. ලෝක කුසලාන තරගාවලියකදී හොඳම ක්‍රීඩකයා හට හිමි වන රන් සපත්තුව ට නිරන්තරයෙන් හිමිකම් කී රොනල්ඩෝ විටෙක පරිත්‍යාගශීලී කටයුතු උදෙසා ඒවා පරිත්‍යාග කර තිබේ.   


මේ දක්වා ඔබ සම්මාන කුසලාන සහතික කෙතරම් දිනා තිබේද යන්න විටෙක මාධ්‍යවේදියකු ඇසු විට ඔහු කියා සිටියේ සහතිකෙන්ම ඒ ගණන ගැන නොදන්නා බවය. එතරම් ප්‍රමාණයෙන් ඔහුට ලැබී තිබේ. නමුත් ඒ අතරතුර ඔහු පවසා තිබුණේ සිරියාවේ අනාත කඳවුරුවල සිටින දරුවන්ගේ උදව් පතා ආධාර උපකාර කිරීමට පෙළ ගැසෙන ලෙසය. එය ඔහු ට්විටර් පිටුවේ පළ කර තිබිණ.   


තමුන්ගේ ගම වූ මැඩෙයිරා ප්‍රදේශය 2010 දී මහා ගංවතුරටකට යට වුණි. එහිදී සත්කාරක සහ අරමුදල් රැස් කිරීම උදෙසා තරගයකට ක්‍රීඩා කළේය. මෙලෙසින් සත්කාරක කටයුතු සඳහා නොමිලේ ක්‍රීඩා කළ තරග සිය ගණනක් වේ. ගාසා තීරයේ පලස්තීන දරුවන්ගේ සුබ සාධනය සඳහා ද පරිත්‍යාග කර ඇති මේ අසහාය ක්‍රීඩකයා ගැන කිව යුතුම දෙයක් තිබේ.   

 


රට වෙනුවෙන් ලේ දන් දීම   


එනම් ඔහුගේ සිරුරේ කිසිඳු පච්චා විලාසිතාවක් නොකර තිබීමයි. බොහෝ පාපන්දු තරු පච්චා විලාසිතා ප්‍රිය කළ ද රොනල්ඩෝ එසේ නොකරන්නේ තම රටේ පුණ්‍ය කටයුතු සඳහා ලේ දන් දීමට ඇති උනන්දුව නිසා වෙනි. 

 
ක්‍රිස්ටියානු රොනල්ඩෝ ගුවන් තොටුපොළ   


පෘතුගාලයේ සැන්ටා කෲස්හි  මැඩෙයිරාහි ගුවන් තොටුපොළ නම් කර ඇත්තේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොල නමිනි.   


CR 7 කෞතුකාගාරය   


ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ උපන් ප්‍රදේශය වන මැඩෙයිරා ෆන්චාල්හි කෞතුකාගාරයක් තනා තිබේ. එය නම් කර ඇත්තේ ඔහුගේ නාමයෙනි. මුලකුර දෙක සහ ඔහු වඩා කැමති අංකය නමිනි. එනම් CR7 නමිනි. ඔහු ලද සම්මාන කුසලාන ගොන්න මෙහි තැන්පත් කර තිබේ.   


​ෙලා පුරා කෞතුකාගාරවල ඇති ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පිළිරූ   


ජීවත්ව සිටියදී මෙතරම් පිළිරූ ප්‍රදර්ශනයට තබා ඇත්නම් ඒ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ පිළිරූම වේ.   


ජීවිතයේ පරමාර්ථය   


ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අද වඩා සතුටු වෙන්නේ තරග ජයග්‍රහණය කිරීමටත් වඩා ඒ නිසා ලැබෙන අති විශාල මුදල් සම්භාරයටත් වඩා සමාජ සත්කාර වෙතින් ලබන සතුට යැයි විටෙක ඔහු පවසා තිබිණි.   


​ෙම් වෙන විට වයස අවුරුදු 33 ක් වූ මේ අපූරු මිනිසා කාලතරණය කළ චරිතයක් යැයි සමහරු විශ්වාස කරති. කෙසේ වෙතත් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විශ්වාස කරන්නේ නොපෙනෙන දේට වඩා නොදකින දේට වඩා මිනිස්කම වෙනුවෙන් ඇස් පනා පිට කළ හැකි දේ ගැන පමණකි. ජීවිතයට වඩා මහා විශාල චරිතයක් වූ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ චරිතය වෙතින් ලෝකයට ගත හැකි හොඳ දේ නම් බොහෝමය.   

 


WE Don't Want To Tell Our Dreams We Want To Show Them 


මීට ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ- 


ඔහුගේ ජීවිතයේ පාඨය වන්නේ එයයි.  

 

 

 

 

 

සටහන - සඳුන් ගමගේ  

 

 
 



අදහස් (0)

ලෝක පාපන්දු පිටියේ හැඩකාර සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 5 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


ගාල්ලේ මොකද වුණේ
2025 පෙබරවාරි මස 07 11 0

ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම


අබිරහස් අකුරු කියෙව්වොත් මුදල් තෑගී
2025 පෙබරවාරි මස 07 15 0

ඉන්දියාවෙන් ලැබෙන අලු‍ත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි.


අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය
2025 පෙබරවාරි මස 03 56 0

රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ


ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න
2025 පෙබරවාරි මස 03 27 0

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි.


එවරස්ට් කන්දටත් වඩා උස කඳු දෙකක්
2025 ජනවාරි මස 31 61 0

එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 22 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 828 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site