IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පියානෝ නිපදවන යමාහා සමාගමේ කතාව

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • පියානෝ පමණක් නොවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් විවිධාකාර සංගීත භාණ්ඩ සහ උපකරණ 
  • නිපදවන ලොව අංක එකේ සමාගම යමාහාය
  • තොරාකුසු යමාහා, ඕගන් හදන වැඩේ පටන් ගත්තේ අහම්බයකින්
  • යමාහා මෝටර් සයිකල් නිෂ්පාදන අංශය පවතින්නේ ස්වාධීන ආයතනයක් හැටියටය

 

ජපන් බසට අනුව ඔහුගේ නාමය ශබ්දවෙන්නේ තොරකුසු යමාවා යනුවෙනි. එහෙත් සමස්ත ලෝකය ඔහු හඳුනන්නේ ටෝරාකුසු යමාහා ලෙසය. කෙටියෙන්ම කිවහොත් ‘යමාහා’ ලෙසය. දැන් ඔබට ඒ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එනම් යමාහා නාමය ගැන ඔබට අලුතින් හැඳින්වීමක් කළ යුතු නැත. යමාහා නාමය ගැන ඔබ හොඳින් දැන සිටිනවා විය හැකි වුවද, යමාහා සමාගම සහ එහි නිර්මාතෘවරයා ගැන නම් බොහෝ විට ඔබ විස්තර නොදන්නාව විය හැකිය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කිරීමට සූද‌ානම් වෙන්නේ ‘යමාහා’ ගැනය.   


‘යමාහා’ නාමය ගැන කියූ විගස ශ්‍රී ලාංකීය බොහෝ දෙනා අතර වැඩි කතා බහක් ඇත්තේ මෝටර් සයිකල් ගැනය. එහෙත් ‘යමාහා’ මෝටර්සයිකල් අංශය ස්ථාපිත වීමට පෙර මෙම නාමය යටතේ ලෝකයට මුලින්ම එළිදැක්වූයේ සංගීත භාණ්ඩය. ඒ අනුව සියවසකට එහා ගිය අතීතයක් ඇති යමාහා නාමය ලෝප්‍රකට නාමයක් බවට පත්ව ඇත්තේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් පියානෝවේ සිට බොහෝ සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛතම සමාගමක් ලෙසය. ඊට අමතරව ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පද්ධති මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කරන ලෙව ප්‍රමුඛතම සමාගමක් වේ. ජපානයේ ලෝ ප්‍රකට වූ බොහෝ සමාගම් වෙත ඒ නාමයන් ලැබී ඇත්තේ එහි නිර්මාතෘවරයාගේ නාමයෙනි. ‘යමාහා’ නාමය ලැබී ඇත්තේ ද එහි නිර්මාතෘවරයාගේ නාමයෙනි.   

 


කවුද මේ යමාහා (YAMAHA)   


‘තොරාකුසු යමාහා’ 1851 මැයි 20 වැනිද‌ා උපත ලැබුවේ ජපානයේ හොන්ෂු දූපතේ වාකායාමා කී දිස්ත්‍රික්කයේදීය. මුල් කාලීනව ඔහුගේ නාමය හැඳින්වූයේ ‘යමාහා’ ලෙස නොවේ. ‘යමාබා’ ලෙසය. පවුලේ තෙවැනි දරුවා ඔහු විය. මේ ‘යමාහා’ යනු තොරාකුසුගේ පෙළපත් නාමය වේ. ඔහුගේ පියා කිෂු වංශයට අයත් වූවෙකු විය. එය දෙවැනි වූයේ සමුරායි පෙළපතට පමණකි. නැතහොත් සමුරායි පැළැන්තියේ පහළ වංශය මේ කිෂු ලෙස සඳහන් කළ හැකිය. කිෂු වංශයට අයත් පවුල් පැවත එන්නේ ‘කී’ පළාතේ සිටය. තොරාකුසුගේ පියා වූ කොනෝසුකේ යමාහා. කිෂු වංශයේ තාරාකා විද්‍යාඥයෙක් විය. තාරකා විද්‍යාව ගැන පොත්පත් බොහොමයක් මෙම ‘යමාහා’ පවුල සතු වූ අතර පියා තොරාකුසු පුතු හට ඒවා පරිශීලනය කිරීමේ අවකාශය ලබා දී තිබිණි. පොත් කියවීමෙන් ලබාගත් ආභාෂය සමග තොරාකුසු ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කිරීමට මෙන්ම ඊට සමගාමීව කඩුහරඹ සටන් කලාව ද ප්‍රගුණ කළේය. ඊට අමතරව නවීණ තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ ගැන ඇල්මක් දැක්වූ අයෙක් විය. මේජී ප්‍රතිසංස්කරණ යුගය එළැඹීමත් සමග ජපානය ශීඝ්‍රයෙන් වෙනස් මාවතකට එළැඹි බව සඳහන් කළ හැකිය. ජපානය නව ලෝකයට ප්‍රවිශ්ට වූයේ මේජී යුගයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පසුව වූ අතර ලෝකයට නව නිර්මාණ බිහිකිරීමට ජපානය හපන්කම් පාන්නට පටන් ගත්තේ ද එයින් පසුව යැයි සඳහන් වේ. තවත් සරලව කිවහොත් බටහිරකරණය වීමට ජපානය පටන් ගත්තේ එතැන් සිටය.   


වයස අවුරුදු 20 දී පමණ තොරාකුසු ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවකුගේ ගුරුහරුකම් ලැබීමෙන් අනතුරුව, ඔරලෝසු නිෂ්පාදනය කිරීමේ කටයුත්තට මුල පිරීය. එතැනින් නොනැවතුණ ඔහු වෛද්‍ය අංශය සඳහා උපකරණ නිපදවීම හැදෑරීම පිණිස ඔසාකා නගරය වෙත ගොස් තිබේ. තරමක දුෂ්කර කාල පරිච්ජේදයක් ගතකිරීමට ඒ නිසා ඔහු හට සිදුවිණි.   


ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයට පිවිසීම


1886 වෙන විට තොරාකුසු යමාහාගේ වයස අවුරුදු 35 ක් විණි.   

‘මම වෛද්‍ය අංශයේ උපකරණ සැදීම වෙනුවෙන් හමාමත්සු (හමාමත්සු) නගරය වෙත ගියොත් හොඳ යැයි’ විශ්වාස කළ ඔහු එහි සිට අලුත් ජීවිතයක් ඇරඹීය. නමුදු ඒ කාර්යය උදෙසා හමාමත්සු නගරය එතරම් ඵලද‌ායි ස්ථානයක් නොවුණි. එසේ වී ද අපේක්ෂා අත්නොහළ හේ ඔරලෝසු සෑදීම ආරම්භ කළේය. ඊට අමතරව තමා දැන හඳුනා ගෙන සිටි රෝහල් අධ්‍යක්ෂවරයකුගේ ‘රික්ෂෝ’ පදවන්නා ලෙස කටයුතු කළේ අමතර රස්සාවක් වශයෙනි. තොරාකුසුගේ ජීවිතයේ අහඹු සිදුවීමකට මුහුණ දුන්නේ ඒ අතරවාරයේදීය.   
‘තොරා මගේ ඕගනය කැඩිලා. ඒක ටවුන් එකට ගෙනිහිල්ලා කඩයකට දීලා හදන්න බැලුවා. ඒත් හරිගියේ නැහැ. ඔයාට පුළුවන් නම් උත්සාහයක් අරන් බලන්න.’   


දිනෙක රික්ෂෝවෙන් රෝහල් අධ්‍යක්ෂවරයා හැරලවීමට ගිය තොරාකුසු හට කියා සිටියේය.   
‘ආ... හරි.... මම ඒක කර දෙන්නම් යැයි ඔහු එක්සැනින් කීය.’   


‘එලෙසින් කියූ තොරාකුසු සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා බැලූ විට ඔහුට පුංචි සිනහවක් ද ඇතිවිණි.’   
‘මේකේ මේ සට්‍රින්ග්ස් දෙකක් විතරයි කැඩිලා තියෙන්නේ’ යැයි තමාටම කියා ගත්තේය. එය ඔහුට ඉතා සුළු වැඩක් විය. එය නැවත අලුත්වැඩියා කර දීමේ ප්‍රීතිය උදෙසා, රෝහල් අධ්‍යක්ෂවරයා වූ තොයාසාකු ෆුකුෂිමා, ඔහු හට ගෙවීමක් ද කළේය. ඉනික්බිතිව තොරා, තමාගේ මිතුරන් කීප දෙනෙකු සමග එක්ව ව්‍යාපෘති වැඩපොළක් පටන් ගත් අතර වෛද්‍ය අංශයේ උපකරණ නිපදවීම සහ අලුත්වැඩියාව එහි ප්‍රධාන සේවාව වුණි.   
ඉන් මාස දෙකක් පමණ ඉක්ම වූ පසු තොරාකුසු යමාහා සහ ඔහුගේ ගෝලබාල පිරිසට ප්‍රථම වතාවට පියානෝවක් නිර්මාණය කිරීමට හැකිවිණි. පයිප්ප බට වැනි දේ යොද‌ා නිර්මාණය කළ එවැනි වර්ගයේ ඒවා එද‌ා හැඳින්වූයේ Reed Organ ලෙසය. 19 වැනි සියවසේදී බොහෝ විට මෙම ඕගන භාවිතා කළේ පල්ලිවලය. ගීතිකා කණ්ඩායම් මෙය භාවිතා කරන්නට ඇත. එමෙන්ම එවකට විසූ ධනවත් අයගේ මන්දිරවල මේවා දැකගත හැකි විය.   


ඔහු තමාගේ මෙම අපූරු නිර්මාණය ද රැගෙන ටෝකියෝ වෙත පියාඹා ආයේය. මෙය රැගෙන ඔබ අහවල් තැනට යන්න යැයි කියා බලධාරීන් කියා සිටි අතර ටෝකියෝ සරසවියට අනුයුක්තව තිබූ සංගීත අංශය වෙත එය රැගෙන ගියේය. මේ බර කඳ කිලෝමීටර 250 ක දුර ගෙවා ගොස් සරසවි බලධාරීන් වෙත ඉදිරිපත් කළ ද ඔවුන් කියා සිටියේ ‘මේක මේ කිසි ප්‍රමිතියකට නැති නිර්මාණයක්’ යනුවෙනි. කෙසේ වෙතත් සරසවියේ සංගීත අංශයේ න්‍යායන් පිළිබඳ වූ දේශනවලට සහභාගි වීමේ අවස්ථාව බලධාරීන් ඔහුට ලබා දී තිබිණි.   
ලැබුණු අවස්ථාව මහා අවස්ථාවක් බවට පරිවර්ථනය කර ගැනීමට තරම් තොරාකාසු යමහා දක්ෂයෙකු විය. ඉන්පසුව නැවත ඔහු හමාමත්සු වෙත පැමිණියේ ලෝකය ගවේෂණය කොට දැනුමක් ලද පුද්ගලයකු ලෙසිනි. නැවත හමාමත්සු වෙත ආ පසු එහි ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම පිට ඕගන (Reed Organ) හතක් පමණ නිෂ්පාදනය කිරීමේ ඇණවුම බාර ගත්තේය. 1888 දී යමාහා වසා දමා (අත්හැර දමා තිබූ) පන්සල් භූමියක සිට අලුත් අලුත් දේ නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට එළැඹියේය.   


 මේ වෙන විට එය සීමිත සමාගමක් ලෙස ස්ථාපිත කර තිබුණේ නිපෝන් ගාකි (නිපොන් ගචා) ලිමිටඩ් නමිනි. (1887) බොහෝ ස්ථාවර වීම් සහ බටහිර ලෝකයේ හැදෑරීම් සමග ඉදිරි ගමනක් ගිය මෙම සමාගම 1900 වෙන විට නූතනයේ භාවිතා කෙරෙන පුවරු සහිත වූ පියානෝවක් නිර්මාණය කිරීම ඇරඹීය.   


මෙලෙසින් නවෝත්පාදන ක්ෂේත්‍රයේ පිම්මක් පනිමින් සිටි නිපෝන් ගාකි සමාගම විසින් ජපානයේ පාසල් කීපයකට ඕගන 250 ක් පමණ නිෂ්පාදනය කළේය. ඉනික්බිතිව ‘යමාහා’ නාමය ජපානය ඇතුළත දිනෙන් දින ප්‍රචලිත වූයේ හාමොනිකා සහ සයිලෆෝන් (Harmonicas, Xylophones) වැනි දේ නිෂ්පාදනය කළ නිසාවෙනි. ඉහත සඳහන් කළ පරිදි පුවරු සහිත ඕගනය නිපදවීමට ඔහුට හැකි වූයේ මාස ගණනාවක සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගොස් ලබා සිටි අත්දැකීම් හේතුවෙනි.  


යමාහා නාමය ලොව ජය ගනිමින් සිටියදී තොරාකුසු යමාහා ස්වකීය ජීවිතයේ වෙනස් මාර්ගයකට අවතීර්ණ වූයේ ගමෙන්, නගරයෙන් සහ රටෙන් ලද කීර්තිය නිසාය. වතාවක ඔහු තමාගේ ව්‍යවසායකත්වය හරඹ භූමිය බවට පත්කරගෙන සිටි හමාමත්සුහි නගර සභාවේ සාමාජිකයකුව කටයුතු කරමින් සිටියදී සෙස්සෝ කෙතරම් ගරු කළේ ද යත් ‘යමාහා සං’ (යමාහා මහත්මයා) ඔබතුමා මෙම නගර සභාවේ උප සභාපති වෙන්නයි’ ආරාධනා ලද්දේය.  


එලෙසින් කටයුතු කරමින් ලෝක සංගීත ක්ෂේත්‍රය උදෙසා අපූරු සොඳුරු - මිහිරි හඬ නංවන සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරමින් නිපෝන්ගාකි සමාගම හරහා ලොව ජයගනිමින් සිටියදී ‘නිපෝන් ගාකි’ සමාගමට ප්‍රතිවාදියකු බිහිවූවේය. හේ අන් කවරකුවත් නොවුණි. තොරාකුසු යමාහා විසින් නිපෝන් ගාකි සමාගම ඇරැඹි මුල් අවදියේදී වයස අවුරුදු 11 ක පමණ වූ කොලු ගැටයකුට සංගීත භාණ්ඩ සෑදීම කියා දුන්නේය. ඔහුගේ නම කොයිචි කවායි වේ. පසු කලෙක නිපෝන්ගාකි සමාගමටම තරගයක් දෙමින් ප්‍රතිවාදී සමාගමක් ලෙස ‘කවායි මියුසිකල්’ නමින් සංගීත භාණ්ඩ නිපදවන සමාගම ඇරැඹියේ ඔහුය.  


ලෝකයට සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරමින්, ජීවිතය මිහිරි තනුවක් බවට පත්කරගෙන, ජීවිතය ගෙවමින් සිටි මේ සොඳුරු ව්‍යවසායකයා ‘තොරාකුසු යමාහා’ 1916 දී දිවිය නිම කළේය. ඔහුගේ ගමන නිමා වුව ද ‘යමාහා’ නාමය සද‌ා කාලයටම ලෝක සලකුණක් බවට පත්වූයේ නිපෝන්ගාකි සමාගම යමාහා නාමය යටතේ ලෝකයට විශිෂ්ටතම සංගීත භාණ්ඩ නිෂ්පාදනය කිරීම නිසාය.  

 


යමාහා යනු විවිධ වර්ගයේ ‘පියානෝ’ නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගම වේ. පියානෝ නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛයා ලෙස නැගී සිටි ‘යමාහා’ නාමය වත්මනෙහි විකාශය වී ඇත්තේ යමාහා කෝපරේෂන් නමිනි.  


යමාහා යතුරුපැදි නිෂ්පාදන අංශය ද 1955 ට පෙර පැවැතියේ මෙම යමාහා කෝපරේෂන් සතුවය. 1955 න් පසුව ‘යමාහා’ මෝටර් සමාගම ලෙස යතුරුපැදි ඇතුළු නිෂ්පාදන අංශය සීමාසහිත යමාහා මෝටර් සමාගම ලෙස ස්වාධීන ගමනකට මුල පිරීය. නමුත් ව්‍යාපාර කොටස් ආයෝජනයේදී එහි සියයට දහයකට එහා ගිය කොටස් ප්‍රමාණයක හිමිකම් දරන්නේ යමාහා මෝටර් කෝපරේෂන්ය. 1903 දී පමණ ගෘහභාණ්ඩ, 1914 දී හාමොනික්ස් ඇතුළු භාණ්ඩ නිපදවමින් අදියරෙන් අදියර පෙර ගමන් ගිය යමාහා ආයතනය, ගිටාර්, ඩ්‍රම්ස් ආදී සංගීත භාණ්ඩ ගණනාවකට අමතරව ක්‍රීඩා භාණ්ඩ සහ උපකරණ, පාසල් සඳහා සංගීත භාණ්ඩ, යතුරුපැදි ආදී බොහෝ නිෂ්පාදන අංශ ආවරණය කරමින් ලොව ජයගත් ජපාන සමාගමක් බවට පත්ව සිටී.  
‘තොරාකුසු යමාහා’ එද‌ා මෙලෙසින් සංගීත භාණ්ඩ නිපදවීම ඇරැඹියේ ජීවිතයේ ලද අහඹු අවස්ථාවක් නිසාය. ඔබට ද ජීවිතයේ බොහෝ අවස්ථා ලැබෙනු ඇත. එහෙත් ඔබ ඒ ගැන විමසිලිමත් නොවුවහොත් ඔබ හට ලොකු අවස්ථාවන් මග හැරීම සිදුවෙනු ඇත. ඒ නිසා ජීවිතයේ ඒ මොහොතට අවංක වුවහොත් ‘යමාහා’ මෙන් ඔබට ද විශ්වීය ගමනක් යා හැකිය. තමා තුළ තමා නොදන්නා නිර්මාණශීලිත්වයක් ඇතිවග නිතර සිහි තබාගත්හ.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ



අදහස් (0)

පියානෝ නිපදවන යමාහා සමාගමේ කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 23 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 13 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 17 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 21 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


සඳු කේන්දරයේ පිහිටන ආකාරය අනුව ඔබේ අනාගතය ගැන කියවෙන රහස්
2025 මැයි මස 08 7 0

කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 16 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 324 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site