(දයාසීලි ලියනගේ)
විදේශ ආයෝජකයන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී ඔවුන් දිරිමත් කිරීම සඳහා ඍජුව මැදිහත්වීමට හැකි කළමනාකරණ කමිටුවක් හා ස්ථාවර උපදේශක මණ්ඩලයක් පත් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
භාණ්ඩාගාර ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් පිරිසක් ආයෝජන පිළිබඳව වන කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වය දරන අතර, ස්ථාවර උපදේශ මණ්ඩලය, රජයේ හා පෞද්ගලික අංශයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ගෙන් සමන්විත වන බව භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.
ආයෝජන යෝජනා ඇගයීම, ලැබී ඇති ආයෝජන යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම, ආයෝජකයින් සමග සම්බන්ධතා පැවැත්වීම, ආයෝජකයින් හා ඒ ආශ්‍රිත පාර්ශ්වකරුවන් හා නියෝජිත ආයතන සමග අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම ගනු-දෙනු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය තීරණය කිරීම හා විශ්වසනීය ආයෝජන සාක්ෂාත් කර ගැනීම යනාදී කරුණු මෙම කමිටු දෙක මගින් සිදු කරන බවද ඔහු සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ ආයෝජකයන්ගේ ගැටලු ලිහන්න උපදේශක මණ්ඩලයක්