IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලිය කැපීම අමාත්‍යාංශය සහ මණ්ඩලය මත ගැටුමක

(දයාසීලි ලියනගේ) 

ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැස ඇති නිසා විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල අමාත්‍යාංශය අතර උග්‍ර මත ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. 

 දිවා කාලයේ මෙ.ටො. 1950 ක් හා රාත්‍රී කාලයේ මෙ.ටො. 2300 ක විදුලි ධාරිතාවක් පවත්වා ගෙන යාම සඳහා විදුලිය කපා හැරීමේ කාල සටහනේ ඇතුළත් ක්‍රම වේදයක් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන අතර අමාත්‍යාංශය එයට එකඟතාවය දක්වා නැතැයි කියති. 


විදුලිය නිෂ්පාදනය සඳහා ජලය සීමා නොකළහොත් ලබන මස අග භාගය වනවිට කොළඹ නගරයට බීමට ජලය සැපයීම පවා සීමා කිරීමට සිදුවෙන බව ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි අමාත්‍යාංශයට ලිඛිතව දන්වා යවා ඇත. ඉදිරි මෝසම් වැසි ලැබෙන තුරු අරපිරිමැස්මෙන් කටයුතු නොකළහොත් බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවෙන බව ද මණ්ඩලය පෙන්වා දී ඇත. 


මේ වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 9 දක්වා ද, මාඋස්සාකැලේ ජල මට්ටම සියයට 26.4 දක්වා ද, කොත්මලේ ජල මට්ටම සියයට 34.1 දක්වා ද වික්ටෝරියා ජල මට්ටම 37.3 දක්වා ද, රන්දෙණිගල ජල මට්ටම 87.8 දක්වා ද, සමනලවැව ජල මට්ටම සියයට 18.5 දක්වා ප්‍රමාණයක පවතී. 


 මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් උෂාන්ත වර්ණකුමාර මහතා සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිබල සැපයුමකට අභියෝගයක් ඇතත්, ඒ හමුවේ විදුලි කප්පාදුවකට යාමට කිසිදු තීරණයක් ගෙන නැති බවත්ය. 

 



අදහස් (0)

විදුලිය කැපීම අමාත්‍යාංශය සහ මණ්ඩලය මත ගැටුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site