(නිශාන්ත කුමාර බණ්ඩාර)
ශ්‍රී ලංකාවට මානව හිමිකම් යෝජනා ඉටුකිරීමට තවදුරටත් කල් නොදිය යුතු බව දෙමළ දේශපාලන පක්ෂ 5 ක නියෝජිතයෝ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කරති.
ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. ප්ලොට්, ටී.යූ.එල්.එෆ්. සහ ටීම්.කේ. යන දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එම පක්ෂ සාමාජිකයන් විසින් කොමසාරිස්වරිය වෙත ලිපියක් බාර දෙමින් මෙම ඉල්ලීම කර ඇත.
මානව හිමිකම් කවුන්සලය මගින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාලය දීර්ඝ නොකරන ලෙසත්, ජාත්‍යන්තර අධිකරණයක් පත්කරන ලෙසත් මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ස්ථාපනය කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.
එම දේශපාලන පක්ෂ පහේ නියෝජිතයන් මේ දිනවල ජිනීවා හි රැඳී සිටින අතර පසුගියදා මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවේ මෙම ඉල්ලීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd