IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පළාත් සභා ඡන්දයට හකීම්-මහින්ද එකඟතාවක්

 

(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලබාගැනීම සඳහා එකඟතාවක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් සහ ඊපීඩීපී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවී ඇතැයි වාර්තාවේ.  

 

මෙම හමුව, ඉකුත් බ්‍රහස්පතින්දා (09) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර ඊට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල සහ මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ද සහභාගිවී ඇත.  


රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්වීම සඳහා සහාය ලබාදෙන ලෙස පක්ෂ නායකයින් එහිදී ඉල්ලීමක් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊට එකඟතාව පළකර ඇති බව ද වාර්තා වේ.  


පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීමෙන් සුළු පක්ෂවලට අසාධාරණයක් සේම ඡන්දය ද තව තවත් කල් යන බව සුළු පක්ෂවල නායකයින් එහිදී පෙන්වාදී ඇතැයිද වාර්තා වේ.   


ඊට පිළිතුරු දී ඇති ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් තමන්ට අවශ්‍ය පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලබා ගැනීම බැවින් පැරැණි ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයිද දැන ගන්නට ඇත.   


ඒකාබද්ධ විපක්ෂය හා සුළු පක්ෂ අතර හමුව පැයකට ආසන්න කාලයක් පැවැති බව වාර්තාවේ.  


උතුරු මැද, සබරගමුව, සහ නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය පසුගිය වසරේ අවසන්වී ඇති අතර මධ්‍යම වයඹ හා උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ලබන මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත.  
පළාත් සභා මැතිවරණය අලුතින් හඳුන්වාදුන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත.  

 



අදහස් (0)

පළාත් සභා ඡන්දයට හකීම්-මහින්ද එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site