(දයාසීලි ලියනගේ)
මගී ප්‍රවාහන පෞද්ගලික බස් හිමියන් පසුගිය මාස 16 පුරාම රුපියල් මිලියන 13500ක පාඩුවක් ලබා ඇති බව
පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
මගී ප්‍රවාහනයට යොදවා තිබූ බස් රථ 20,000න් දැනට ධාවනය කරනු ලබන්නේ බස් රථ 8000ක් බවද ඔහු කීය
මේ අතර මාස 6ක් බස් ධාවනය නොකිරීමේ හේතුව මත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එක් බස්රථයකට රුපියල් 30,000 දක්වා දඩ නියම කර ඇති අතර ලොග් බලපත්‍ර ලබා නොගැනීම ගැන රුපියල් 100 බැගින් දඩ කොළ නියම කර ඇති බවද ගැමුණු විජේරත්න මහතා කීය.
කොරෝනා වසංගත උවදුරත් සමග ඇති වූ තත්ත්වය මත බස් ධාවනයේ යෙදවීමට නොහැකිව පවතිද්දී බස් හිමියන්ට දඩ නියම කිරීම පිළිබඳව විරෝධය දක්වා ප්‍රවාහන ඇමැතිවරයාට පැමිණිලි කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd