(දයාසීලි ලියනගේ)
පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට ඇඟිලි ගසන මැති-ඇමැතිවරු පිළිබඳව වහාම තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.
විවිධ චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් නිදහස් කරන ලෙසට ඇතැම් දේශපාලනඥයන් බලපෑම් කිරීම නිසා රාජකාරිය හරියාකාරව ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ඉහළ පොලිස් නිලධාරීන් පෙන්වාදී ඇත. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් මෙන්ම සමහර අවස්ථාවලදී අල්ලා ගත් මත් කුඩු ටික පවා ගැනීමට නොහැකිවූ බව අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදී ඇත.
මෙවන් තත්ත්වයක් යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කළත් දේශපාලන බලපෑම් නිසා නිරීක්ෂණ කටයුතු හරියාකාරව ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවද පෙන්වාදී ඇත.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට බලපෑම් කරනු ලබන දේශපාලනඥයන් පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙසටයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ කටයුතු විධිමත්ව පවත්වන ලෙසටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ රාජකාරියට ඇඟිලි ගසන දේශපාලකයින්ට අගමැතිගෙන් තරවටුවක්