IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපතිවරණයට අපේක්ෂකයන් 32 ක්?

දැනට විසිදෙනෙක් ඇප තැන්පත් කරලා

(අජන්ත කුමාර අගලකඩ)  

ලබන මස 16 වැනිද‌ා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 32 දෙනෙකු පමණ ඉදිරිපත් වීමට නියමිතව ඇත. එය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන වැඩිම අපේක්ෂකයන් ගණන ලෙස සැලකේ.

ඉන් අපේක්ෂකයන් 30 දෙනෙකුම ඉකුත් සිකුරාදා වෙන විට ඇපමුදල් ද තැන්පත් කර තිබිණි.  
ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් 20 දෙනාගෙන් දසදෙනකුම පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අය වෙන අතර එක් අපේක්ෂකයෙක් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන වෙනත් දේශපාලන පක්ෂයකින් තරග කරයි. ඉතිරි අපේක්ෂකයෝ නවදෙනා ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස, අපේ ජනබල පක්ෂයේ සමන් ප්‍රසන්න පෙරේරා, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අජන්තා පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ආරියවංශ දිසානායක, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, නව සම සමාජ පක්ෂයේ බැද්දගමගේ නන්දිමිත්‍ර, සමාජවාදී සමානතා පක්ෂයේ පල්ලියගුරුගේ වජිරපානි විජේසිරිවර්ධන, නව සිහළ උරුමයේ සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණේ රොහාන් පල්ලෙවත්ත, ජාතික ජනබල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ.එස්.පී. ලියනගේ, සිහළ දීප ජාතික පෙරමුණේ ජයන්ත ලියනගේ, ජාතික ජනතා ව්‍යාපාරයේ ජෙනරාල් මහේෂ් සේනානායක, පෙරටුගාමී පක්ෂයේ දමින්ද නාගමුව සහ ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි ද දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇත. 


මීට අමතරව චමල් රාජපක්ෂ, බසිරි සේගු දාවුද්, පියසිරි විජේනායක, රජිව් විජේසිංහ, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, මිල්රෝයි ප්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් විජිතකුමාර කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව සහ අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

 



අදහස් (0)

ජනපතිවරණයට අපේක්ෂකයන් 32 ක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site