(අජන්ත කුමාර අගලකඩ)
ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික කවුන්සලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා වන යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉකුත් අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික කවුන්සලයේ සාමාජිකයින් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර යන මහත්වරුන්ද ජනාධිපති ලේකම්, අග‍්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම් හා මහ බැංකු අධිපතිවරයාද පත් කෙරෙනු ඇත.
ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගැනීම, විමර්ශනය හා සංවර්ධන කටයුතු පිළිබඳ පසු විපරම් කිරීම ආදිය මෙම කවුන්සලයෙ කාර්ය භාරය වනු ඇත.
දැනට ක්‍රියාත්මක ආර්ථික කළමනාකරණ කමිටුවට ඉහළින් මෙම ජාතික ආර්ථික කවුන්සලය පත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd