(මහින්ද නිශ්ශංක)
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවෙමින් තිබිය දී මෙරට ගෑස් මිල වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා නොදීම නිසා තම සමාගම්වලට සිදුවන පාඩුව හේතුවෙන්
ගෑස් ආනයනය සියයට 50 කින් අඩු කිරීමට ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් සමාගම් පියවර ගෙන ඇතැයි එම සමාගම් ආරංචිමාර්ගවලින් අනාවරණය වේ. මේ අනුව ලබන මාසය පමණ වන විට මෙරට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ද වාර්තා වේ.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වැඩිවෙමින් පවතින බැවින් තම සමාගම්වලට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද පාරිභෝගික අධිකාරිය එයට මෙතෙක් අවසර ලබා නොදුන් බව ද පවසන සමාගම් මේ වන විට ගෑස් සිලින්ඩරයකින් රුපියල් 300 ක පමණ පාඩුවක් සිදුවන බව ද කියා සිටී.
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකන් ඩොලර් 595.5 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද පවසන සමාගම් දැනට ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන මිලට තවදුරටත් ලබා දිය නොහැකි බැවින් මෙරට ගෑස් මිල අනිවාර්යෙන් වැඩිවිය යුතු බව ද පවසයි.
මේ අතර දැනට සමාගම් ලබන පාඩු තත්ත්වය යටතේ වුවද ගෑස් සිලින්ඩරයකින් රුපියල් 300ක පමණ වාසියක් තවමත් පාරිභෝගිකයාට ලබා දෙන බව ද සමාගම් පෙන්වා දේ.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෘහස්ථ ගෑස් මිල ඉහළ යන ලකුණු ?