ශ්‍රීලනිප මහ ලේකම් චෝදනා කරයි
(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මතභේදකාරී තත්ත්වයක් උග්‍රවී තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ පොදුවේ රජයට සම්බන්ධ කිසිම කටයුත්තකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීන් සහභාගි කරවා නොගන්නා නිසා මේ තත්ත්වය උදාවෙමින් පවතින බවයි.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ශත පහක මුදලක්වත් ලබා නොදීම නිසා ඔවුන් දැඩි අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින බව ද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් වෙනත් බලවේගයකට එකතු වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී රජයට විශාල සහායක් දැක්වූ මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලධාරින්ගෙන් ඉල්ලා ඇති බව ද දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්මට්ටමේ දී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපයට කෙණෙහිලි