සමන් රත්නප්‍රිය
(දයාසීලි ලියනගේ)
මේ දිනවල කොරෝන රෝගීන් අඩුවී ඇති බව පෙන්නුම් කරන්නේ පී.සී.ආර්. පරීක්ෂණ 50% ත් 60% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීම නිසා බව වාර්තා වේ.
මරණ අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කළත් රෝගීන්ගේ අඩුවක් ඇති බවට පැහැදිලි නිගමනයක් කළ නොහැකි තත්ත්වයක් පවතින බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.
ගිය අගෝස්තු මාසයේ 20ත් 26ත් අතර දිනවල පී.සී.ආර්. පරීක්ෂණ 122,632 ක් සිදුකර ඇති අතර මේ මස 7 වැනි දින සිට 14 වැනි දින දක්වා සිදුකර ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ 78,576 ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා වල සඳහන්වේ.
ඒ අනුව පී.සී.ආර්. පරීක්ෂා කිරීම 44,116 කින් අඩු වී ඇති බව පෙන්නුම් කරන්නේ යැයි සමන් රත්නප්‍රිය මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.