IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිප-එජාප තීරණාත්මක සාකච්ඡාවක් හෙට

(අජන්ත කුමාර අගලකඩ)  
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (19) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.  


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කර ඇති කමිටුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් හමුවීමට පෙර, හෙට සවස වෙනම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

  
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් පත්කර ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ආචාර්ය සරත් අමුණුගම, දමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාපා සහ තිලංග සුමතිපාල යන මැති ඇමැතිවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇති දළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තාවේ.  මෙම කෙටුම්පතේ එන බොහොමයක් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය දැනටමත් එකඟතාව පළකර ඇතැයි දැන ගන්නට ඇත.   


ඒකාබද්ධ විපක්ෂයත්, ජාතික හෙළ උරුමයත් ඒ පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කර ඇතත් යෝජිත කෙටුම්පතේ කරුණු කාරණා රැසකට ඔවුන් එකඟතාව පළකර නැතැයිද වාර්තාවේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තවමත් එම කෙටුම්පත පිළිබඳ සිය පක්ෂවල ස්ථාවරය දැනුම් දී නැතැයි දැන ගන්නට ඇත.   


යෝජිත කෙටුම්පතේ සඳහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පළාත් සභාවල මහ ඇමැතිවරුන්ගෙන් විමසා ආණ්ඩුකාරවරුන් පත් කිරීම, පළාත් සභා ඒකාබද්ධ කිරීම ආදී යෝජනා රැසකට ශ්‍රීලනිපය දැනටමත් විරුද්ධත්වය ප්‍රකාශකර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.  


යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් බලය බෙදීමක් සිදුවන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම පැවැතිය යුතු බව ශ්‍රීලනිපයේ අදහස වී ඇතැයිද වාර්තාවේ. 



අදහස් (0)

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිප-එජාප තීරණාත්මක සාකච්ඡාවක් හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site