IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයිඑස් සන්නද්ධ නායකයාගෙන් රහස් රැසක් හෙළිවෙයි

කල්ලියේ පහක් සෞදියෙන් ලංකාවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් හෙවත් අබු ෆීලන් නමැත්තා සහ එම කල්ලියේ ප්‍රබලයින් පස්දෙනා පසුගිය සිකුරාදා මෙරටට ගෙන ඒමෙන් පසු මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  

ඉදිරි පරීක්ෂණවලට බාධාවක් ඇතිවන නිසා හෙළිවී ඇති එම තොරතුරු දැනට ප්‍රසිද්ධ කළ නොහැකි බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙක් කීය.  


මොවුන්ගෙන් හෙළි වී ඇති තොරතුරුවලට අනුව ඉදිරියේදී සහරාන්ගේ කල්ලියේ තවත් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි රහස් පොලිසිය විශ්වාසය පළ කරයි.  
මෙරටදී තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බව පැවසෙන්නේ මොහොමඩ් මිල්හාන් නමැත්තා වන අතර ඔහු ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගැනීම නිසා, එම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කිරීමට හැකි වී ඇති බව ද එම නිලධාරියා කීය.  


මඩකළපුව, නයිනතිව් පොලිස් මුරපොළක සිටි කොස්තාපල්වරුන් දෙදෙනකුට 2018.11.30 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සහ හිටපු ඇමැති කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් නස්ලීම් නමැත්තාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට ද මොහොමඩ් මිල්හාන් නමැත්තා සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇතැයි ද සඳහන්ය.  



අදහස් (0)

අයිඑස් සන්නද්ධ නායකයාගෙන් රහස් රැසක් හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site