IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අධීක්ෂණ මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ 2ක දීමනා

මන්ත්‍රීවරු 55 දෙනකුට ලක්ෂ දෙක බැගින් ප්‍රවාහන දීමනා ලබා දී ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට ලබා දී ඇති පිළිතුරෙනි.  


ඒ අනුව ප්‍රවාහන දීමනාව ලබන හා ලැබූ මන්ත්‍රීවරු මෙසේය.  


සිසිර කුමාර අබේසේකර, ආනන්ද අලුත්ගමගේ, රංජිත් අලුවිහාර්, තුෂාර ඉඳුනිල්, හෙක්ටර් අප්පුහාමි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, නාලක ප්‍රසාද් කොළොන්නගේ, සිරිනාල් ද මැල්, මයන්ත දිසානායක, චන්දිම ගමගේ, එඩ්වඩ් ගුණසේකර, විජේපාල හෙට්ටි ආරච්චි, නලින් බණ්ඩාර ජයමහ, සිඩ්නි ජයරත්න, ලකී ජයවර්ධන, කාවින්ද හේෂාන්, වේලුකුමාර්, අරවින්ද් කුමාර්, ආනන්ද කුමාරසිරි, ඉම්රාන් මහරූෆ්, එම්.එම්. අබ්දුල්ලා, මහරූෆ්, අජිත් මාන්නප්පෙරුම, එම්.අයි.එච්. මන්සූර්, ආශුබෝධ මාරසිංහ, එස්.එම්. මරික්කාර්, අලි සහිර් මවුලානා, බුද්ධික පතිරණ, සුජිත් සංජය පෙරේරා, කේ.කේ. පියදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක ප්‍රියන්ත, මුජිබර් රහුමාන්, ඉෂාක් රහුමාන්, හර්ෂණ සුපුන් රාජකරුණා, සන්දිත් සමරසිංහ, චතුර සේනාරත්න, එම්. තිලකරාජා, එම්. එස්. තවුෆික්, සුරේෂ් වඩුවෙල්, හේෂාන් විතානගේ, ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, තුසිතා වි​ෙජ්මාන්න, රෝනි කුමාරි, චමින්ද විජේසිරි, ඒ.ඒ. විජේතුංග, මලික් ජයතිලක, කාදර් මස්තාන්, අංගජන් රාමනාදන්, ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද, ප්‍රේමලාල් ජයසේකර, ජයම්පති වික්‍රමරත්න, ප්‍රියංකර ජයරත්න, මුත්තු සිවලිංගම් යන මහත්ම මහත්මීන්ට හා අතුරලියේ රතන හිමියන්ට මෙම දීමනාව ගෙවා ඇතැයි වාර්තා වේ.   


මෙයින් රංජිත් අලුවිහාරේ, එඩ්වඩ් ගුණසේකර, නලින් බණ්ඩාර ජයමහ, ලකී ජයවර්ධන, බුද්ධික පතිරණ, ආනන්ද කුමාරසිරි, අලි සහිර් මවුලානා, අංගජන් රාමනාදන්, මුත්තු සිවලිංගම් යන රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරුනට එම තනතුරු ලැබීමෙන් පසු අදාළ දීමනාව නොගෙවන බව සඳහන් වේ.  


‘ඉරිදා ලංකාදීප’යට දැන ගන්නට ඇති පරිදි මෙම ගෙවීම් සිදුකර ඇත්තේ 2016 සිටය. වසරක කාලයක් සඳහා මෙම දීමනා වශයෙන් රුපියල් කෝටි 13 ක මුදලක් වැය කර ඇත.  
රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරනු ලබන මන්ත්‍රීවරුන්ට හා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු වශයෙන් කටයුතු කළ මන්ත්‍රීන්ටත් ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල යෙදීම වෙනුවෙන් මෙම ප්‍රවාහන දීමනාව ගෙවා ඇත.   


මෙම දීමනාව ගෙවා ඇති ආකාරය දෙස බැලීමේදී පෙනී යන කරුණක් නම් එක්සත් ජාතික පක්ෂයට හිතවාදී මන්ත්‍රීවරුන්ට පමණක් මෙම දීමනාව ලබා දී ඇති බවයි.  


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ලද මන්ත්‍රීවරු තිදෙනෙක්ද මේ අතර සිටිති. ඩග්ලස් දේවානන්ද මහතාට, ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ගැටුම් පවතින මන්ත්‍රීවරයෙකි. ආරුමුගම් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන පලනි දිගම්බරම් මහතා සමඟ ඔහු ගැටෙන කෙනෙකි. ප්‍රියංකර ජයරත්න මහතා ඒකාබද්ධ විපක්ෂයට පසුකාලීනව සම්බන්ධ වූ මන්ත්‍රීවරයෙකි.  


වර්ෂ 2016 වනවිට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු පිළිබඳ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොතිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය සංවර්ධන වැඩ සටහන පිළිබඳව සොයා බැලීමට අමාත්‍යංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුනට හත් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් හා නිල වාහනයක් ඇතුළු පහසුකම් ලබාදීමට පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  


අධීක්ෂණ මන්ත්‍රීවරුන් වශයෙන් සේවය කරනු ලබන්නේද මෙම විශේෂ ප්‍රවාහන දීමනා ලබන පිරිසමය. මෙතෙක් ඔවුන්ට ලබාදුන් ප්‍රවාහන දීමනාවට අමතරව අධීක්ෂණ කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමටද අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වී තිබුණි.  


මේ සම්බන්ධයෙන් අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනු ලැබුවේ රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලැබුවත් එය ප්‍රමාණවත් නොවන බවයි. දකුණු පළාත් සභාවේ එක් ඇමැතිවරයකුට අධීක්ෂණ මන්ත්‍රීවරු තිදෙනා බැගින් පත්කර සිටින අතර ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දී තිබෙන බවද ඔහු කීය.  


මීට අමතරව බොහොමයක් පළාත් සභාවල හා නගර සභාවල මන්ත්‍රීවරුනට දෙන පහසුකම් ගැන කිසිවෙක් කතාබස් නොකරන බව කී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලබන දීමනා ගැන පමණක් කතා කරන බවද කීය.   


අධීක්ෂණ දීමනාව පිළිබඳව රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීය.   


ලකී ජයවර්ධන  


මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙ සම සභාපති ලෙසටත් උඩුනුවර සැලසුම් කමිටුවේ සම සභාපති ලෙසටත් කටයුතු කරද්දී පාවිච්චියට වාහනයක් හා ඉන්ධන දීමනා සඳහා රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දී තිබුණ. ඒ කාලෙ වගේම අදටත් රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් මට වාහනයක් දීල නැහැ.   


දැන් රාජ්‍ය ඇමැති තනතුර ලබා දුන්නට පස්සෙ වාහන දීමනාව ලබා දෙන්නෙ නැහැ. මට වාහනයක් ලබා දී තිබුණේ නැහැ. වාහනයක් කුලියට අරගෙන ඉන්ධනත් පාවිච්චි කිරීම වෙනුවෙන් මෙම දීමනාව ලබා දුන්නා.   

 

 

 

දයාසීලි ලියනගේ



අදහස් (0)

අධීක්ෂණ මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ 2ක දීමනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site