IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ආණ්ඩුවට කලාකරුවන් අවශ්‍ය වන්නේ ඡන්ද ගරා ගැනීමට පමණයි‘

 (නිමල කොඩිතුවක්කු)


අපේ රටේ ආණ්ඩුවලට කලාකරුවන් අවශ්‍ය වෙන්නේ ඡන්ද ගරාගැනීමට පමණක් බව ප‍්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා කොළඹදී අද (04) පැවසීය.

රටේ සංස්කෘතික ක්ෂේත්‍රයට රාජ්‍ය අනුග‍්‍රහය නොමැති තත්වයක් අද උද්ගතව ඇති බවත් මේ මගින් ජනතාවගෙන් සංස්කෘතිය දුරස් වෙමින් පවතින බවත්  ඔහු කියා සිටියේය.

බත්තරමුල්ල පැලවත්ත  පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ  ‘‘සමාජවාදී කලා සංගමය’’ පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා   මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා මෙසේද කීය.

  ‘‘ආණ්ඩුව යෝජනා කර  තිබෙන්නේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ප‍්‍රගමනයටත් දියුණුවටත් බාධාකාරී වන බද්දක්. මේ දක්වාත් මෙම ගැටලූව සම්බන්ධයෙන් ආණ්ඩුව සාහිත්‍යකරුවන්ට පිළිගත හැකි විසඳුමක් ලබාදී නැහැ. 


එය අවාසනාවන්ත තත්වයක්. ආණ්ඩුවක් විදිහට රටේ සංස්කෘතික කාරණාවලට උදව් කළ යුතුයි.

නමුත් අපේ රටේ සංස්කෘතික ක්ෂේත්‍රයට රාජ්‍ය අනුග‍්‍රහය නොමැති තත්වයක් ඇතිවෙලා. ආණ්ඩුව දුර්මුඛ වෙලා. සාමාන්‍යයෙන් රටක බදු අයකරගත යුතු ක්ෂේත්‍ර මෙන්ම බදු සහන ලබාදිය යුතු ක්ෂේත්‍ර තිබෙනවා. සංස්කෘතික ක්ෂේත්‍රයන් බදු අය නොකළ යුතුයි.

ආණ්ඩුව හඳුන්වා දී තිබෙන රෝයල්ටි බද්ද කියන්නේ කලාව දුර්මුඛ කරන එකක්. සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවෙකුට පොතක් ලියන්න වසර ගණනක් ගතවෙනවා. 

එවැනි මහන්සියක් දරා කරන නිෂ්පාදනයෙන් විශාල බද්දක් අයකිරීම අසාධාරණයි.

රටක ජනතාවගේ සංස්කෘතික ප‍්‍රබෝධයක් තිබෙනවා නම් එය සංවර්ධන මට්ටමේ දර්ශකයක්. එම දර්ශකය පහළ මට්ටමේ නම් රට දුෂ්පෝෂීය රටක්. එතැනටද ආණ්ඩුව අපේ රට ගෙනයන්නේ? අපේ රටේ ආණ්ඩුවලට කලාකරුවන් අවශ්‍ය වෙන්නේ ඡන්ද ගරාගන්න විතරද? 

ආණ්ඩුව සංස්කෘතියට කරන බලපෑමට එක උදාහරණයක් කියන්නම්. ජාතික අධ්‍යාපන ආයතනය විසින් උසස් පෙළ සිංහල විෂය නිර්දේශයෙන් අජිත් තිලකසේනගේ ”වතුර” කෙටිකතාව ඉවත් කළා. මමත් ලියනගේ අමරකීර්තිත් ජයතිලක කම්මැල්ලවීරත්, නිශ්ශංක විජේමාන්න වැනි සාහිත්‍යකරුවන් මෙම කි‍්‍රයාමාර්ගයට විරෝධය පළකළා.

ඡායාරූප  හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

‘ආණ්ඩුවට කලාකරුවන් අවශ්‍ය වන්නේ ඡන්ද ගරා ගැනීමට පමණයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site