IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මිනිස් ඝාතනයකින් හෙළිවූ මත්කුඩු කල්ලිය

පොලිස් පොතෙන්

 

 

රටපුරා ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම රටට අත්කර දී ඇත්තේ ඉතා ඛේදනීය ඉරණමකි.  දිනෙන් දින ඉහළ යන මිනිස් ජීවිත බිල්ල එහි වේදනාත්මක කතා පුවත වේ.   


බන්ධනාගාර ගත රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් වීම සියල්ලටම වඩා හාස්‍යජනකය.  


බන්ධනාගාරයේ සිටින හෙරොයින් ජාවාරමේ මහ මොළකරුවකුගේ අණින් ඔහුගේ ගෝලයෙකු මරා දැමූ පුවතක් පසුගිය දා හෙට්ටිපොළ පොලිස් වසමෙන් අසන්නට ලැබිණි.   


පෙබරවාරි දෙවැනි (02) දිනට එළිවන්නට ඔන්න මෙන්න තිබිය දී කුලියාපිටිය මූලික රෝහලේ රෝහල් පොලිසිය මගින් හෙට්ටිපොළ පොලිසිය වෙත දුරකථන ඇමතුමකි.   
හෙට්ටිපොල පොලිස් වසමෙහි ගල්කන්ද මාර්ගයේ පල්ලේගම, සව්සිරිගම ප්‍රදේශයේ අලු‍තින් ඉදි කරනු ලබන නිවසක් ඉදිරිපිට බෝක්කුවක් අසල තිබි පුද්ගල මළ සිරුරක් රෝහල වෙත රැගෙන විත් ඇති බවට එම ඇමතුමය. කුලියාපිටිය මූලික රෝහල වෙත ගිය හෙට්ටිපොල පොලිසියේ නිලධාරීන්ට දැක ගත හැකි වූයේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරකි. 

 
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අණාවරණය වී ඇත්තේ මොට ආයුධ වලින් කරන ලද පහරදීම් නිසාවෙන් ශරීර අභ්‍යන්තරයේ සිදුවන ලේ වහනය හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවය.   
මේක ඝාතනයක්.   


හෙට්ටිපොල පොලිසියේ නිලධාරීන්ට ප්‍රශ්න කිහිපයකි. ඝාතනය වී ඇත්තේ කවුරුන් ද? කවුරුන් විසින් කුමන හේතුවක් නිසා මෙය සිදු කරන්නට ඇත් ද යන්නය?   


මියගිය පුද්ගලයා කාගේ කවුරුන්ද යන්න සොයා ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පැතීය. දින තුනක් ගතව ගිය ද මොහුව දන්නා අයෙකු හමු නොවීය. පස් (5) වන දින උදෑසන හැඬූ කඳුළින් පොලිසිය වෙත පැමිණි ගර්භනී කාන්තාවක් කියා සිටියේ දින කිහිපයක සිට තම සැමියා අතුරුදහන් වී ඇති බවයි.   


‘ සර් මගේ මහත්තයා පළවෙනිදා (1) උදේ හත හමාරට විතර ගෙදරින් ගියේ. එයාව හැමදාම එක්කගෙන යන්න එන්නේ කරඳව නුවන්. එදා උදේ නුවන් එක්ක තවත් කෙනෙක් ආවා. මම ඒ කෙනාව අඳුනන්නෙ නැහැ. ඒ තුන් දෙනාම තමයි ගෙදරින් ගියේ.”‍ ‘මහත්තයා ගෙදරින් ගියාට පස්සේ තමුන්ට කතා කළේ නැද්ද? ”‍

   
පොලිසිය කාන්තාවගෙන් විමසීය.   
‘ගිහිල්ලා ටික වෙලාවකින් ෆෝන් එකෙන් කතා කෙරුවා. ”‍   
‘කතා කරලා මොනව ද තමුන්ට කිවුවෙ.”‍   
ගල්කන්දෙ රංජන්ගේ ගෙදර උඩ තට්ටුවේ එල්ලගෙන ගහනවා කිවුවා.”‍   
‘ඊට පස්සේ තමුන් මොනව ද කළේ”‍   


‘මම ආයෙත් කීප සැරයක් කතා කළා. එතකොට වෙනත් අය තමයි මට උත්තර දුන්නේ. අපට මේක විසඳන්න බෑ. බොස්ට කතා කරන්න කියලා නොම්බරයක් දුන්නා. මම ඒකට කතා කළා. උබේ මිනිහා මගේ බඩු වගයක් හංගගෙන ඉන්නවා. ඒවා දෙන්න කියලා කියපන්. මේ ගැන කාටවත් කිවුවොත් උඹවත් මරණවා කියලා මට තර්ජනය කළා. බය හින්දා මම කාටවත් නොකියා හිටියා. ඇය කියාගෙන ගියාය. ”‍   
‘මෙයාව අඳුනගන්න පුළුවන් ද?. පොලිස් නිලධාරීන් දින තුනකට පෙර ඝාතනය වූ පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වමින් ඇසීය.   


‘මේ වගේ ඇඳුමක් තමයි ඇඳගෙන ගියේ. ඒත් හරියටම මූණ අඳුනගන්න බැහැ. ඡායාරූපයෙන් සැමියාව හරි හැටි හඳුනා නොගත් නිසා ඇයව රැගෙන ගොස් කුලියාපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ සිරුර පෙන්වීය.   
ඒ තම සැමියා බවට කාන්තාව හඳුනා ගන්නා ලදී. මියගිය පුද්ගලයා නැලෑගම, කූරටිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වීරසිංහ බමුණු මුදියන්සේලාගේ රුවන් මධුෂංක නමැති තිස් දෙහැවිරිදි අයෙකු බව හඳුනා ගන්නා ලදී.   
මොහු කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වූ බවත් ජාවාරම කරගෙන යාමේ දී සිදු වූ ගැටලු‍වක් හේතුවෙන් ඝාතනය කර ඇති බවත් පොලිසිය අණාවරණය කරගත් පොලිසිය ඝාතකයන් සොයා විමර්ශන ආරම්භ කළහ. 

 
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රයන්ත මහතාගේ නියෝගය මත, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය කොට්ඨාස දෙක බාර සහකාර පොලිස් අධිකාරී චන්න අබේරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ඉතාමත් දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතකයන් සොයා විමර්ශන ඇරඹීය.   


සතියක් ගත වෙන්නට මත්තෙන් ලංකාවේ විවිධ ප්‍රදේශ පුරා විසිරී සිටි ඝාතනය සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නිලධාරින් සමත් වූහ. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සිදු කළ පාපොච්චාරණයන්ගෙන් රුවන් මධුෂංක නමැත්තා ඝාතනය කළ අයුරු, ඝාතනය කිරීමට හේතු, කාගේ උවමනාවකට ඝාතනය කළාද? යන්න සහ මහා පරිමාණ හෙරොයින් ජාවාරමක සුලමුල සොයා ගැනීමට පොලිසියට හැකි විය.   


පොලිසියට අණාවරණය වී ඇති කරුණු අනුව මියගිය රුවන් මධුෂංක සහ ඔහුව ඝාතනය කළ පුද්ගලයන් හෙරෝයින් පානයට ඇබ්බැහි වූවන් වන අතර ඔවුන් බන්ධනාගාරයේ රැඳවියෙක්ව සිටිමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදු කරනු ලබන අයෙකුගේ ගෝලයෝ වෙති. හෙරොයින් ජාවාරමේ මහ මොළකරු වන බන්ධනාගාර රැඳවියා බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් මෙම ජාවාරම කරගෙන යන අතර මියගිය රුවන් මධුෂංක සහ ඔහු ඝාතනය කළ පුද්ගලයන් හතර දෙනා ද ගෝලයෝ වෙති..   
ඔහු හඳුන්වන්නේ ‘දෙවැනි බොසා’ යන නමිනි. මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම ඊසි කෑෂ් ක්‍රමයට සිදු කෙරෙන අතර ගෝලයන් සහ ගැණුම්කරුවන් කිසිවෙකු මුණ නොගැසෙන ආකාරයට මහමොළකරු ජාවාරම දුරකථනයෙන් මෙහෙයවයි. ඝාතනයට ලක්වූ රුවන් බොස්ට හොරා හෙරෝයින් ග්රෑම් කිහිපයක් සඟවාගෙන ඇති බව බොස්ට දැන ගැනීමට ලැබී ඇත. එයට දඬුවම් ලෙස රුවන්ට එල්ලා පහර දෙන ලෙසට ජාවාරමේ නිරත අනෙක් ගෝලයන්ට දුරකථනයෙන් අණ කර තිබේ.   


බොස්ගේ අණ පරිදි රුවන්ගේ නිවසට ගිය ගජමිතුරු නුවන් සහ තවත් අයෙක් රුවන්ව බොස්ට අයත් යැයි කියන හෙට්ටිපොල පොලිස් වසමෙහි ගල්කන් ද, පල්ලේගම ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසකට රැගෙන විත් නිවසේ උඩු මහලේ කාමරයක බාල්කයෙහි එල්ලා කොසු මිටි වලින් පහර දී තිබේ. උදෑසන සිට රාත්‍රිය වනතුරු පුද්ගලයන් හතර දෙනෙක් විසින් පහර දීමෙන් අනතුරුව රාත්‍රිර එකොළහත් පසුවීමෙන් පසුව ඔහුව යතුරු පැදියක තබාගෙන පල්ලේගම සව්සිරිගම ප්‍රදේශයේ අලු‍තින් ඉදි කරනු ලබන නිවසක් ඉදිරිපිට බෝක්කුවක් අසල රැගෙන ගොස් දමා ඇත. පසුව මෙම ස්ථානයේ පුද්ගලයෙකු වැටී සිටින බව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වෙත දන්වා ඇත්තේ ද මොවුන්මය.   


රුවන්ව එල්ලා පහර දුන් බව කියන කාමරයේ තිබි ලණුවක්, කුඩාවට කැඩී ගිය කොසු මිටි කැබලි කිහිපයක්, රෙදි බෙල්ට් එකක්, යකඩ පටියක් හමු වූ බව පොලිසිය පැවසීය.   
මියගිය පුද්ගලයා කාගේ කවුරුන් ද යන්න ප්‍රදේශවාසීන් හඳුනා ගෙන තිබුණ ද ජාවාරම්කරුවන්ට ඇති බිය හේතුවෙන්ම හෙළි නොකර සිටි බවද අණාවරණය වී ඇත. ඝාතකයන් අත්අඩංගුවට ගන්නා දින තෙක්ම හෙරොයින් විවිධ ප්‍රදේශවල සැරි සරමින් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවත් පොලිසියට අණාවරණය වී ඇත. ඔවුන් හතර දෙනා සතුව තිබී හෙරොයින් සහ ඝාතනය මෙහෙයවීම සඳහා යොදා ගත් ජංගම දුරකථන හතරක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක්, යතුරු පැදි තුනක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම යතුරු පැදි තුන ඝාතනයේ මහ මොළකරු වන බන්ධනාගාර රැඳවියාට අයත් ඒවා බවට තහවුරු වී තිබේ.   
හෙට්ටිපොල පොලිස් වසමම භීතියට පත් කරමින් සිදු වූ මිනිස් ඝාතනයක සුලමුල සමගින් හෙට්ටිපොල, බිංගිරිය, කටුපොත, කුලියාපිටිය යන පොලිස් වසම් තුළ සිදු කරනු ලබන මහා පරිමාණ හෙරොයින් ජාවාරමක සුලමුල හෙළි වී ඇති බවත් එම ජාවාරමේ මහ මොළකරු බන්ධනාගාරයේ රැඳවියෙකු බවත් හෙළි වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 

 
මෙම ජාවාරම්කරු මංකොල්ලයක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වී බන්ධනාගාර ගත වූ අයෙකු බවත් තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය තුළ නඩු ඇත්තෙකු වන අතර බන්ධනාගාර ගත රැඳවියකු වන නමුත් හෙරොයින් ජාවාරමෙන් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්ව ඇති බවත් අණාවරණය වී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.   

 


කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රයන්ත මහතාගේ නියෝගය මත කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාස දෙක බාර සහකාර පොලිස් අධිකාරී චන්න අබේරත්න මහතාගේ උපදෙස් පරිදි හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තාරක චතුරංග, නාරම්මල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක, උප පොලිස් පරීක්ෂක ආරියරත්න, එදිරිසිංහ, විමලරත්න, රංජිත්, පොලිස් සැරයන් 45523 සිරිපාල, පො, සැ 48973 වසන්ත, පො, සැ 64843 ජයන්ත, පො, කො, 86020 කුමාර යන නිලධාරින් කණ්ඩායමක් විසින් සතියක් ගත වන්නට මත්තෙන් මෙම අපරාධයෙහි සුලමුල සහ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමටත් සිදු වෙමින් පවතින මහා පරිමාණ හෙරොයින් ජාවාරමක තොරතුරුත් අණාවරණය කර ගැනීමට සමත් විය.   


අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් කරඳව, හෙට්ටිපොල, කිරිවැල්ලෑව, හෙට්ටිපොල, කිණියම, වීරපොකුණ, කන්දෙ මැදගම, කොස්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.   


මොවුන් තිස් හතර (34), විසිනවය (29), තිස් හය (36) විසිපස් (25) වැනි වියේ පසුවන්නන් වන අතර මොවුන් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තුන්වන මස විසිහතර දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.   

 

 

සටහන සහ ඡායාරූප : හෙට්ටිපොල ධම්මිකා බාලසූරිය   

 



අදහස් (0)

මිනිස් ඝාතනයකින් හෙළිවූ මත්කුඩු කල්ලිය

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 30 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 41 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 15 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 21 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 103 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 66 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1015 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site