(මුදිතා දයානන්ද)
අයිඑස් මතවාදයට නැඹුරුවන ශ්‍රී ලාංකිකයන් හා අන්තවාදී මත දරන්නන් ගැන මා මාස තිහකට පෙර පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරනවා වෙනුවට සැළකිල්ලට ලක් කළේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරයත් වළක්වාගෙන ආණ්ඩුවත් එජාපයත් දෙකම රැකගන්න තිබුණා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද සාක්ෂි දෙමිනි.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට නොතිසී නිකුත් කර තිබූ අතර ඔහුගේ සාක්ෂි ලබාදීමෙන් පසුව විජේදාස රාජපක්ෂ මහතා හරස් ප්‍රශ්න විමසනු ලැබිණි. විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදි ඇති අතර එහිදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසුවේය.
“අන්තවාදීන්ට උදව් කරන දේශපාලනඥයින්ගේ නාම ලේඛනයක් ඔබ විසින් මේ කොමිසම හමුවේ ඉදිරිපත් කර තිබුණා. එයට මගේ නම ඇතුළත් ඇතුළත් කළේ කුමන පදනමක් මතදැ”යි රහුමාන් මහතා රාජපක්ෂ මහතාගෙන් විමසුවේය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ තමන් ඉස්ලාම් අන්තවාදීන් ගැනත්, අයිඑස් මතවාදයට නැඹුරු වූ තරුණයන් ලංකාවේ සිටින බවත් 2016 නොවැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ වගකීම් සහගතව බවයි. එහෙත් රාජිත සේනාරත්න මහතා සහ රහුමාන් මහතා එය අභියෝගයට ලක් කළ බවද ඔහු පැවසීය.
ත්‍රස්තවාදීන් ගැන හෙළිදරව් කරන විට එය අභියෝගයට ලක් කිරීමෙන් කරන්නේ ත්‍රස්තවාදයට අනුබලදිමක් බවද ඒ අනුව මුජිබර් රහුමාන් මහතාද ත්‍රස්තවාදයට අනුබල දුන්නෙක් ලෙස තමන් සළකන බවද ඔහු පැවසීය.
එහිදි රහුමාන් මහතා ප්‍රකාශ කළේ “ඔබතුමා පමණක් නෙවෙයි දිගන සිදුවීමෙන් පස්සේ මමත් සහරාන් ගැන පොලිසියට පැමිණලි කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ දී කිව්වා සහරාන් අල්ලන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබියදී තමයි තමන්ව අත්අඩංගුවට ගත්තේ කියලා. අන්න ඒ නිසයි මම කියන්නේ මේ පිටුපස අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වුණා කියලා.” යනුවෙනි.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් එකල පැවති ආණ්ඩුව වගකීම බාරගත යුතු බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හෙළිදරව්වකට අභියෝග කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් තමයි
Bamunuarachchi Tuesday, 29 September 2020 01:03 PM
ඔබතුමා මෙපමණ කල් කොහේද හිටියේ... දකින්නත් ආසයි. ඔබ ඔය නම්වලින් කියපු දේශපාලකයෝ නොම්මර එකේ ත්‍රස්තයින් තමයි.
නිමල් Tuesday, 29 September 2020 03:17 PM
රහුමාන් උත්තර දෙනකොට මොනවා හරි හන්ගන බව පේනවා. ඒවා එළියට ගන්න වෙන ක්‍රම ඕනේ බව පැහැදිලියි.
BamunuarachchiFriday, 02 October 2020 02:34 AM
1989 දුන්න කටුකම්බි වස්තිය හොඳයිද.?
Bamunuarachchi Sunday, 04 October 2020 12:49 PM
දැන් ඔබතුමාට වෙන අතක් බලාගන්න කාලේ හරි ඔන්න