
(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි දහසය ලක්ෂ හැත්තෑ දෙදහස් හයසියයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි ,ඖෂධ වර්ග සහ සුවඳ විළවුන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ දෙස් - විදෙස් ගුවන් මගීන් 05 දෙනෙකු සමඟ අද (23 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතර ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු සිටින අතර , ඔවුන් මොරටුව සහ මහරගම ප්‍රදේශ වල පදිංචි ව්‍යාපාරිකයෝ වෙති . අනෙක් දෙදෙනා චීන ජාතිකයන් වන අතර , ඔවුන් අතරින් එක් අයෙකු කාන්තාවක වන අතර , ඔවුන් ද ව්‍යාපාරිකයෝ වෙති .
අලුයම හොංකොං සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස් - 611 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ , විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් '' වර්ගයේ දුම්වැටි කාටූන් 352 ක් සහ පැකැට් 03 ක් තුළ අඩංගු දුම්වැටි 70,460 ක් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සහ සුවද විළවුන් තොගයක් ද සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd