(විනීතා එම් ගමගේ)
ඇල්පිටිය ප‍්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
පාසල්වල විද්‍යාගාර විවෘත කිරීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විෂය පථයට අදාළ නොවන බැවින් මෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශය මැතිවරණ පූර්ව සමයක පවතින බැවින් එහි දේශපාලන මැදිහත්වීමකින් සිදුවන කටයුත්තක් ආවරණය කිරීම තමන් ප‍්‍රතික්ෂේප කළ බවත් මේ හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලොන්නරුව, දඹුල්ල අනුරාධපුර ත‍්‍රීකුණාමලය හා වවුනියාව යන ප‍්‍රාදේශිය කාර්යාල වලට මාරුකළ බවට ද ඔවුහු පැමිණිලි කර ඇත.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් සඳහා විගමනික ශ‍්‍රමික දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම් ආවරණය කරන මෙන් මුලින් නියෝග කොට තිබු බවත් එහි මැතිවරණයක් පැවැත්වෙන බැවින් වැඩි විස්තර දන්වන්නැයි ඉල්ලා සිටීමෙන් පසු පාසල් කිහිපයක නම් හා ඒවායේ විද්‍යාගාර විවෘත කිරීම් සිදුවන බවත් ඒවා ආවරණය කරන ලෙස නියෝග කරමින් විද්‍යුත් තැපෑලක් එවා තිබූ අතර ඊට විරෝධය පළ කිරීමත් සමඟම තමන් පස්දෙනා මාරු කර යවා තිබු බවත් ඔවුහු දන්වා ඇත.
මෙම උත්සව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුභ සාධන අංශයෙන් හෝ එහි ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලයෙන් සිදු කරන්නක් නොවන බව දැනගත් පසු ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බැලූ බවත් එය විදේශ රැකියා අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කළ නියෝගයක් බවත් එහි සිදුවන්නේ දේශපාලනික උත්සව බවත් දැනගැනීමෙන් පසු ඒවා ප‍්‍රතික්ෂේප කළ බව ද එම නිලධාරිහු මැතිවරණ කොමිසමට දන්වා ඇත.
එම විද්‍යාගාර විවෘත කිරීම් ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ පිහිටා ඇත පාසල් වන ඇත්කඳුර සීවලි මහා විද්‍යාලය, ගනේගොඩ මහා විද්‍යාලය,හත්තක මහාවිදයාලය, ඉඳිපලේගොඩ මහා විද්‍යාලය, යන පාසල්වල ද ඊට ආසන්න ප‍්‍රදේශවල ඇති හත්තක මහා විද්‍යාලය, පෝද්දිවෙල මහා විද්‍යාලය, මාපලගම මහා විද්‍යාලය, ගෝනදෙණිය මහා විද්‍යාලය, යටලමත්ත මහා විද්‍යාලය, වැලිදෙණිය කණිෂ්ඨ විද්‍යාලය, ඇතුළු පාසල්වල සිදුකෙරෙන බව එම විද්‍යුත් තැපෑලේ සඳහන් වන බව ද ඔවුහු මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කාලේ මහරජා නම් විවෘත කිරීම් කළා. රැකියා දුන්නා මුල්ගල් තිබ්බා අනේ කවුරුවත් විරුද්ධ වුනේ නැහැ තවම මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතිවිටක කරන දේවල්වලට විරුද්ධ වන නිලධාරීන් නම් විනය පරීක්ෂණයකට යොමුකළ යුතුයි...
දේශපාලනය සහ අධ්‍යාපනය එ්කට බද්ධ කළ නොහැකිය. එය බද්ධ කළ විට දේශපාලුවන් අධ්‍යාපනය පාලුකරනු ඇත.
මනූෂ, ඔබට අපි මේ පාර පාඩමක් උගන්වන්නම්...
ඔය විදේශ සේවා කියලා ඕකේ සල්ලි අපෙන් ගුවන් තොටුපලේදී බලෙන් උදුරා ගන්න සල්ලි වලින් එදාසිටම මේ අය පිනුම් ගහනවා.
කොන්ද කෙලින් තියාගෙන වැඩකරන මෙයාලා අාරක්ෂා කරගත යුතුයි.
ඉහළ කමෙන්ට් දැක්කාම පව් කියලා හිතෙනවා. අපේ මිනිස්සු කවුරු කළත් වරද වරද ලෙස දකින්නේ කවදාද? නුඹලා ඔක්කොම විනාශ කරන්නේ අපේ දරුවන්ගේ අනාගතය... කොන්ද පණ ඇතිව වැඩසටහන වර්ජනය කළ නිලධාරීන්ට මාගේ ගෞරවය...