අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු ප‍්‍රධානියාද වූ සනත් ජයසූරිය මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පනවන ලද දුෂණ මර්ධන නීති සංග‍්‍රහයේ පහත සඳහන් වගන්ති දෙක උල්ලංඝණය කළ බව පිළිගෙන තිබේ.

වගන්තිය 2.4.6
දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් සාධාරණ හේතුවකින් තොරව සහයෝගය නොදීම හෝ සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කිරීම. එම විමර්ශන සඳහා අදාළ වන පරිදි ¥ෂණ මර්ධන ඒකකය විසින් ඉල්ලා සිටිනු ලබන කිසියම් තොරතුරක් හෝ ලියවිල්ලක් සැපයීම ප‍්‍රතික්ෂේප කිරීම නැතහොත් සම්පූර්ණ නොකිරීමද මෙම වගන්තියට ඇතුළත් වේ.
වගන්තිය 2.4.7
දුෂණ මර්ධන ඒකක විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් බාධා කිරීම හෝ එම විමර්ශන ප‍්‍රමාද වන පරිදි කටයුතු කිරිම. එම විමර්ශන සඳහා අදාළ වන තොරතුරු හෝ සාක්ෂි හෙළිදරව් විය හැකි තොරතුරු වසංකිරීම හෝ විකෘති කිරීම නැතාහොත් විනාශ කිරීමද මීට ඇතුළත් වේ.
මෙම වගන්ති දෙක උල්ලංඝණය කිරීම පිළිගෙන සිටින බැවින්, කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් පුරා, කිසිදු ආකාරයකින් දායකත්වය දැරිය නොහැකි වන පරිදි තහනමක් ඔහු විසින් බාරගනු ලැබ තිබේ.
කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ වන්නන් කි‍්‍රකට් විමර්ශන සම්බන්ධයෙන් දායකත්වය දැක්වීමේ වැදගත්කම මෙම දණ්ඩනය මගින් තහවුරු වන බව ද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.
‘‘අපගේ කී‍්‍රඩාව දුෂණයෙන් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම විමර්ශන වලට සහාය දීම ඉතාමත් වැදගත් මෙන්ම මූලික ආයුධයක් බව කීමට කැමැත්තෙමි. අපගේ කී‍්‍රඩාවේ අවංකභාවය රැකගැනීම සඳහා මෙම නීති රීති අත්‍යවශ්‍ය මෙවලම් වේ‘‘ යයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.
සනත් ජයසූරියට පනවන ලද තහනම අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් මෑතකදී කරන ලද විමර්ශන වල අලූත්ම ප‍්‍රතිඵලයයි. පසුගිය ජනවාරි මාසයේදී ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා සම්බන්ධ වූවන්ට සහන කාලයක් දුන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කි‍්‍රකට් දුෂණ සම්බන්ධයෙන් යමක් දන්නේ නම් ඒවා පසුගිය ජනවාරි මස 31 වැනිදාට පෙර තමන්ට ප‍්‍රකාශ කරන ලෙසත් දැනුම් දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කී‍්‍රඩකයෝ 11 දෙනෙක් සහ තවත් කිහිප දෙනෙක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයට තොරතුරු සැපයූහ.
‘‘මේ සහන කාලය ඉතාමත් හොඳින් කි‍්‍රයාත්මක වුණා විතරක් නෙමේ ඒ කාලයේදී ඉතාම වැදගත් අලූත් තොරතුරු රැසක්ම අපට ලැබුණා. ඒ අලුත් තොරතුරු වලින් දැනට කෙරීගෙන යන අපගේ විමර්ශන වලට ලොකු පිටිවහලක් ලැබුණා. ඒ විතරක් නෙමේ. අලූත් විමර්ශන ආරම්භ කරන්නත් පුළුවන් වුණා‘‘ යැයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.
‘‘මේ සහන කාලයේදී අපට තොරතුරු ලබා දුන් අයට, එසේ තොරතුරු දීම ගැන, මා ඉත සිතින්ම ස්තුති කරනවා. මේ තොරතුරු නිසා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපට දැන් ඉතාමත් පැහැදිළි පින්තූරයක් තියෙනවා.ඒ නිසා අපගේ විමර්ශන ඉදිරියටත් ගෙනියනවා‘‘ යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
COMMENTS
ඉතාම කණගාටුයි.
ලෝක වාර්තා කීපයකටම හිමිකම් කියන මෙන්ම අපගේ මාතෘ භූමියට කීර්තියක් ලබා දුන් ඔබ වන්නෙකුට මෙවන් දඩුවමක් විදීමට සිදුවීම කණගාටුවට කරුණකි. නමුත් ඔබ විසින් යම් කිසි සමාජ විරෝධී ක්‍රියාවක් කලේ නම් ඔබ දඩුවම් විදිය යුතුය. එහි කිසිදු වෙනසක් නොමැත. මෙය මටත් , අප සියල්ලොටමත් අප රටේ මුල් පුරවැසියාටත් පොදු විය යුතුමය. යම්කිසිවකු කිනම් හෝ සමාජ විරෝධී ක්‍රියාවක් කර අවංක මිනිසුන් සේ රගපැවත් මනසින් ඔවුන් සිය දහස් වාරයක් දුක් විදින්නොය. එවන් මිනිසුන් පිලිබදව අප සමාජයේ ඕනා තරම් උදාහරණ දැක ගත හැක.
කණගාටුයි
සදහටම තහනම් කරන්න ඕනේ. නැත්නම් ඊලගට එන ක්‍රීඩකයන්ට හොද පාඩමක්
ක්‍රීඩකයෙකු වේවා , කලාකරුවෙකු හෝ දේශපාලකයෙකු වේවා තමන්ගේ වෘත්තීය ගරුත්වය සැමවිටම රැකගෙන සිටීම වැදගත්. ඒ මන්ද තමන් දෙස සමාජයේ කුඩා දරුවාගේ සිට පරිනත නොවූ ලාබාල තරුණයන් පවා බලා සිටින නිසාය. සමහරවිට වැරදි පුර්වාදර්ශ අනාගත පරපුරට ඉතා නරක අනුකරණයක් වීමට ඉඩ ඇති නිසාය.
ජාත්‍යන්තර විනිශ්චයක් නිසාවෙන් මොහුගේ වැරදිවලට දඬුවම් ලැබුනා. අපගේ රට පාලනය කරන්නවුන් හටද ජාත්‍යන්තර විනිශ්චයක් දෙන්නේ නම් අද දියවන්නාවේ දියකෙලින කිසිවෙකුත් ඉතිරි නොවනු ඇත..
කවුද කැමති තමුන්ගෙ දුරකථනය විමර්ශනය කරන්න දෙන්න? තරඟ තහනම හොඳයි තමුන්ගෙ පෞද්ගලිකත්වය නිරාවරණය කරනවාට වඩා. වරදක් කලා හෝ නොකලා හෝ මම වුනත් කවදාවත් කැමති නැහැ මගෙ දුරකථනය වෙන කෙනෙක් රිංගනවාට. විමර්ශනය කල යුත්තේ කෙනෙකුගේ පෞද්ගලික දේවල් වලින් නෙමේ.
පුද්ගලයා කව්ද කියන එක වැදගත් නැ නීති කඩනවානම්. ඔහු ජනාධිපති වුනත්. නිතිය සැමට සමාන විය යුතුයි. අන්න ඒ දවසට මේ ලෝකය අගනේය.
නීතිය සැමට සාධාරණ විය යුත්තේය. ජයසුරියටද එය එසේ යයි සිතමු. එහෙත්, රන්ජන්ගේ හෙළිදරව්වට අනුව මෙතෙක් ලේ සාම්පල් පරීක්ෂා කලේ ඔහු සහ බුද්ධික පමණි. අනිත් පක්ෂ විපක්ෂ මැති ඇමතීන්ට තවමත් එසේ බැරිවුයේ මන්ද? ඔවුන්ට නීතිය වලංගු නොවන්නේද ? ජනපති තමන්ගේ පක්ෂයේ අයගේ ලේ පරීක්ෂාව කොට තම පිරිසිඳු භාවය පෙන්වා සිටීමට මෙතෙක් අපොහොසත් වුයේ ඇයි ? තම කණ්ඩායමේ අයගේ රුධිර සාම්පල් පරීක්ෂාවට මහින්ද පියවර නොගන්නේ මන්ද ? ඔහු කියන්නේ එවැන්නක් අවශ්‍ය නොවන බවද ? එසේ නම් එයට හේතුව කුමක්ද ? මරණ දඬුවම මෙතෙක් ප්‍රමාද වුයේ තමන්ගේ උදවිය එල්ලීමට වේ යයි තිබෙන බිය නිසාද ? නීතිය හරි හැටි ක්‍රියාත්මක වනුයේ ජයසුරිය වැනි අයට පමණද ? පාර්ලිමේන්තුවේ අයට නීතිය බලපාන්නේ නැතිද ? නීතිය හරිහැටි ක්‍රියාත්මක විය යුත්තේ පාර්ලිමේන්තුවේ නේද ? ඔවුන් කරනා වැරදි වැරදි නොවේද ? නීතිය සැමටම පොදුයි නේද ?
පරුමාල් යුද්දයේදී සහ ආදරයෙදී සිදුවන හැමදෙයක්ම සාධාරණයි කියා ජේ. කේ. රෝව්ලින් කියා තිබෙනවා. එමනිසා යුද්දකාලයේ උන සිදුවීම් වලට දැන් සොල්දාදුවන්ට දඬුවම් දීම සාධාරණ නොවේ. ඒ නිසයි රජය දෙමල ත්‍රස්තයින් පුනරුත්තාපනය කර සමාජ ගත කලේ. අපේ හමුදාව ත්‍රස්තයින්ට එසේ නොකලානම් යුද්දය දිනන්න තවත් කල් යන්න තිබුණා. රටේ යුද්දයක් තිබුණාද කියා නොදන්නා බැංකු කොල්ල කරුවන් පිරිසක් ඔය ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිට සොල්දාදුවන්ට චෝදනා කොරන්නේ. ඒ ගැන අපි සිතන්නේ නැත.
ගාමිණි දිස්සනයක 80 දශකයේ ලංකා ටීම් එකටම දුන්නු දඬුවමෙන් 96 දිනනකල් මේ අය හොඳට හිටිය .එත් දැන් ?
මණ්ඩලයේ කචල් හා සිදුවූ දේ ගැන මට නම් වැටහීමක් නැත. නමුත් සනත්ගේ කීර්තිනාමයට මෙය හොඳ සලකුණක් නෙමෙයි.
මේ අපේ රටේ ඉන්නා වීරයන්ට මඩ ගහන ඉන්දියන් ක්‍රිකට් කොම්පැනිය ( I C C ) භංග වේවා!!!!!!!!!!!!!!
ෆොන් එක දෙන්න බැහනෙ එකේ මොනව තියෙනවද කියල සනාවත් දන්නෙ නැ. සධාරණයි.
සල්ලි පෙරේත මුන් රටේ නම කනවා.
ගමෙන් ඇවිත් ලෝකයටම ප්‍රහාරාත්මක පිති හරබය හදුන්වා දෙමින් මුළු ලෝකයම මවිත කර ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කල 20-20 තරග ලෝකයට හදුන්වාදෙන්න මුලික අඩි තාලම දැමු කීර්තිමත් ක්‍රිකට් තරුවක් මෙවන් සෝචනීය තත්වයකට වැටීම අනුමත කල නොහැක.