(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළහ.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අද(18) උදෑසන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීම පක්ෂයේ සමගියට කරන අතිශය නරක පූර්වාදර්ශයක්යැයි අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු පෙන්වා දුන්හ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ උපනායක රවී කරුණානායක යන මහත්වරුන්ගෙන් පක්ෂයට ගත හැකි සේවය උපරිමයෙන් ගතයුතු බව අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වාදුන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු ඒ සඳහා වහාම මැදිහත්ව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි වැඩිදුරටත් ඉල්ලූහ.
ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමට සාවදානව කන්දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන සතියේදී තමන් මෙම ප‍්‍රශ්නය විසඳීමට ක‍්‍රියාකරන බව ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංඟි හැංඟි වෙස් බැන්දත් නටන්නේ එළියේ!
පූජ්‍ය සල්පිටියේ ධම්මදස්සි හිමි දක්වන සමහර අදහස් උපුටා දක්වමි.“කැළේ ගහක් නසන්නට කැළේ ගහක්ම අවශ්‍යය” කීවා මෙන් මෙය හැප්පවීමක් මිස ස්වාභාවිකව ඇති වුවක් නොවේ. එජාපය ප්‍රමුඛ පෙරමුණේ ප්‍රධාන පක්ෂය බිඳ දැමීම තමන්ට අනියම් ආකාරයකින් වාසියක් වේයැයි ‘වස්සකාරයින් පිරිසක්’ සිතා තිබේ. ‘වස්සකාරයින්’ යනු ලිච්ඡවි පාලනය විනාශ කිරීම සඳහා අජාසත් රජු යොදාගත් උපාය දූතයා වු ‘වස්සකාර බමුණා’ යි. වර්තමාන ලෝකයේ විවිධ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා විවිධ උපායයන් අනුගමනය කළද, ඒ හැම උපායක්ම කොහෙන් හෝ කෞටිල්‍යයාගේ නූල් සූත්තරවලට සමාන වේ. 2015 සිරිසේන මහතා රාජ්‍ය බලයට පත්වූයේත්, 2018 ඔක්තෝබර් මහින්ද රාජපක්ෂ නැවත වරක් අගමැති වුයේත් පසුව විපක්ෂ නායක වුයේත් එලෙසිනි. ලිච්ඡවී කතාව නැවත කරලියට පැමිණ තිබීම දෛවෝපගත සිදුවීමකි. අජාසත්තයා ඉවසිලිවන්තව බලා සිටියි. ඒ අතරතුර වස්සකාර බමුණා තම කාර්යය මැනවින් ඉටු කරයි. දින 52 කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසු තම මිතුරු බලවේග ශක්තිමත් කරගන්නවා වෙනුවට සතුරා සමග කරේ අත්ලා ගැනීමට කටයුතු කිරීම නිසා වස්සකාර බමුණන් රාශියක්ම බිහිවූ බවද සැලකිය යුතුය. නූතන වස්සකාර අළුත් පරිච්ඡේදයක් ආරම්භ කොටඇත.
ඒක විසඳන්නත් සතියක් ගත්තද?
අනිත් අයට එක එක ඒවා කිව්වට මොකද හැමදාම මොනවට හරි කොටා ගන්නෙ මේ පක්ෂයෙම අයනේ..කලින් ෆොන්සේකා-තෙවරප්පෙරුම නාඩගම
රවීට විශ්වාසභංගයක් ගෙනාවානම් හරි විපක්ෂයෙන්. මේක තමා නියම වෙලාව මිනිහාව ඇමතිකමින් එලවලා දාන්න. ගිය තැන ඉවරයි. අනික මිනිහා ජාතික නායකයෙක් කියලා හිතන් ඉන්නේ..!
ඔහොම ගියොත් ලබන මැතිවරණ වලදී එජාපයට නියත පරාජයක් විඳීමට සිදුවන බව මේ උපනායක "උගතුන්ට" නොපෙනෙන්නේ පක්ෂයේ අවාසනාවට නොවේද? මැදිහත්වීම මෙයට පිළිතුරක් වෙයිද? ශ්‍රීලනි පක්ෂය සහ පරවුණ පොහොට්ටුව කටවල් ඇරගෙන දිව ඇදගෙන බලාසිටින්නේ මෙවැනි තත්වයක් එනතුරු බව මේ දෙදෙනාට තේරුම් කර දීමට අවශ්‍යද? එහෙම නැත්නම් ඒ පක්ෂවල ලොකු කෙරුමෝ මෙවැනි තත්වයක් ඇතිකර තිබේදැයි සාධාරණ සැකයකුත් ඡන්ද දායකයන් අතර කසු-කුසුවකුත් තිබෙනවා!!!!!!!
ගැටුමේ මහ මොළකාරයාගෙන්ම විසදුමක් බලාපොරොත්තු වීම හරියට හොරාගේ අම්මගෙන් පේන අහන්වා වගේ තමා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ ගෙනයන මඩ ව්‍යාපාරය නිසා පක්ෂයට විශාල හානියක් සිදුවේ. මේ දෙදෙනාම නායකකම් දැරුවද ඔවුන්ගේ කියුම් කෙරුම් නායකයන් මෙන් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා විය යුත්තේ බුද්ධිමත්කම, ඉවසීම, වෛරි දේශපාලනයක් නොකරන, අවංක, සැමදෙන සමගම කටයුතුකළ හැකි විශේෂයෙන්ම පක්ෂය තුළ සිට නායකයන් එළවීමට සහ කල්ලි සැදීමට නායකත්වය නොදුන් පමණක් නොව දුෂණ චෝදනා නොමැති හොඳ මතකයක් තිබෙන, කියන දේ කරන කරන දේ කියන කෙනෙකුවීම මූලිකවම සහ අංක 1කේ සුදුසුකම බව පාක්ෂිකයන්ගේ මතය වේ. හුදු ජනප්‍රියතාවය පමණක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට හෝ රටේ නායකයා වීමට සුදුසුකම නොවේ. නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් ඔවුනට දේශපාලනයේදී තිබිය යුතුම බුද්ධිමත්කම සහ ඉවසීම නොමැතිබව මනාවට පාක්ෂිකයාට සහ රටට මේ වනවිට පෙන්නුම් කර තිබේ.
ලිච්ඡවි පාලනය විනාශ කිරීම සඳහා අජාසත් රජු තම කූටෝපායයන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත් උපාය දූතයා වුයේ වස්සකාර බමුණායි. කෞටිල්‍යය බ්‍රාහ්මණයා විසින් රාජ්‍ය පාලනය හා රාජ්‍ය බිඳ වැට්ටවීම පිළිබඳව දී ඇති උපදෙස් ඒ වූ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම මෙම වස්සකාරයාගේ අතින් සිදුවුණු ප්‍රධානම රාජකාරියයි . ඒ අනුව බලන විට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව හා විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කළ ලිච්ඡවි රජදරුවන් පවා පරාජය කළ වස්සකාර කුමන්ත්‍රණ ස්වභාවයඅප විසින් අවබෝධ කර ගත යුතු වන්නේය
බැංකු කොල්ලකරුවන් පක්ෂයෙන්ම ඉවත් කල යුතුයි.
2004 දීත් එජාප ආණ්ඩුව නැතිකළේ රවී.. මෙ සැරේත් ආණ්ඩුවනැති කරන්නෙත් එයානේ. එයා හිතාගෙන ඇති එජාජයේ නායකකම ගන්න. එදාට මුළු එජාපයම ඉවරයි.
“කැළේ ගහක් නසන්නට කැළේ ගහක්ම නෙවේ ගස් දෙකක්ම අවශ්‍යයි " කියල තමයි කියන්න වෙන්නේ.
මේ දෙදෙනාම දැනට සිටින තනතුරුවලින් පහළ දමා වෙනත් දෙදෙනෙකු පත්කරන්න. නැත්නම් 1988දී සුදුස්සන් මෙන්ම ඉතාම දක්ෂයන් දෙදෙනෙකු සිටියදී නුසුදුස්සෙකු අගමැති කර පක්ෂය විනාශකලාක් මෙන් නැවතත් එම තත්වයක් ඇතිවේවි..!!! රට සංවර්ධනයට යමක් කළහැකි අය නායකත්වයට පත් කරන්න. මේ දෙදෙනාට වඩා දක්ෂයන් දැනට පක්ෂය තුළ සිටිනවා...
මේ ඔක්කොම එලවලා දාලා ජනතා විමුක්ති පෙරමුණට බලය අරන් දෙන්න..
හලෝ රට ලෙච්චමී රටක් වෙන්න ගිය එක නැවැත්තුවේ සාටකයයි...
ඔහොම නොවෙයි කොහොම ගියත් එජාපය අන්ත පරාජයක් ලබනවා. එ්ක සිකුරුයි.
රවිය මහින්දගේ කොන්ත්‍රාත් එකක් අරගෙන වගේ... සජිත්ගේ නම කතා කරන්න මොකද රවි මහින්දගේ ගොලයනේ...
දැන් මේ ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීමට එක්කෙනෙක් ගාවට යාමත් හොරාගේ අම්මාගෙන් පේන බලන්න යන එකත් දෙකම එකයි...