(සුමිත් ප්‍රේමතිලක සහ මංගල එදිරිසිංහ)

වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව වන පැලැක්සි කෙයාර් (Flexicare Lanka) පුද්ගලික සමාගම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සිදුකරන ලදී .

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත.

පැලැක්සි කෙයාර් (Flexicare Lanka) සමාගම එක්සත් රාජධානියේ පැලැක්සි කෙයාර් (Flexicare Group) සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන අතර , එය ඇමරිකානු ඩොලර් මිලියන 15 කට අධික ආයෝජනයක් සමඟින් නවීනතම වෛද්‍ය උපකරණ මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කර තිබේ .

බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ සුන්දර භූමියක ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , රෝහිත අබේගුණවර්ධන , හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ , ලලිත් එල්ලාවල සහ සංජීව එදිරිමාන්න ඇතුළු මහජන නියෝජිතයින් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් ද එක්ව සිටියහ.