
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඉකුත් 15 වැනිදා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උපරිමාධිකරණ සංකීර්ණයේයේ සිදුකරන විමර්ශන කටයුතු වලදී මේවනවිට පුද්ගලයින් 70 දෙනෙකුගේ සාක්කි සටහන් කර ගෙන ඇතැයි උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා ලංකාදීපයට අද (17) පැවසීය.
එසේම උපරිමාධිකරණ ගින්නෙන් එහි ඇති නඩු ගොනු වලට විශාල හානියක් සිදුවී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් , එකදු නඩු ගොනුවකට කිසිදු හානියක් සිදුවී නැතැයිද උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන පරික්ෂණ සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
"ඉකුත් 15 වැනිදා හදිසියේ ඇති වූ මේ ගින්න ඇති වී තිබෙන්නේ අබලි වායුසමීකරණ නල තොගයකට ගිනි ඇවිලීමෙන් බව පොලීසිය කළ මුලික පරීක්ෂණ වලදී තහවුරු වුනා.එම අබලි වලට ගිනි ඇවිලීමෙන් .ඒනිසා දුම් රොටු විශාල ප්‍රමාණයක් සංකීර්ණය පුරා පැතිරුණා. මේ සංකීර්ණයේ එකදු නඩු ගොනුවකට කිසිදු හානියක් සිදු වෙලා නැහැ. ගින්නෙන් එහි ඇති නඩු ගොනු වලට විශාල හානියක් සිදුවී ඇතැයි සමාජ මාධ්‍ය වලින් පැතිරෙන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මෙම හදිසි ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා" යැයි ද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 16
96
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන 70 දෙනෙකුගෙන් සාක්කි අරන්