(ඉන්දිකා රාමනායක)
හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් අද (31) සිට රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව කියයි.
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් දිසාපතිවරු මාර්ගයෙන් මෙම වී මිලදී ගැනීම සිදුකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය.
මේ සඳහා සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකටම සම්බන්ධීකරණ නිලධාරියෙක් පත්කර ඇති බවත් හමුදාව ගොවීන් වෙත ගොස් ඔවුගේ අස්වැන්න සාධාරණ මිලකට ලබාගෙන වී අලෙවි මණ්ඩල වෙත යොමු කරන බවත් හමුදාපතිවරයා කීය.
දිසාපතිවරුන්ද වී අලෙවි මණ්ඩල හරහා ගොවීන්ගේ වී මිලදී ගන්නා බව හමුදාපතිවරයා කියා සිටියේය.
ගොවින්ගේ වී අස්වැන්න අඩු මුදලට අතරමැදියන් අතරට පත්වීම වැළැක්වීම සහ ඔවුන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට වෙන වැඩ නැතිවටද? වී විකුණන්න අණ දුන්නේ, කොයිතරම් ගාම්භීර පුද්ගලයින් ඉන්න තැනක්ද? හමුදාව කියන්නේ..., කොපමණ දරුණු වුණත් යුද්ධයකදී... රටවැසියා සමග ඉතාමත් සුහද පිළිගැනීමක් තියෙනවා. ජනතාව බය කරන්නද? මෙහෙම දේවල් කරන්නේ, විෂයයන් බාර අැමැතිලාට දන්නේ ගොයම් පැළේ කන්න විතරයි, හැමදේම හමුදාවට බාරදෙනවා. නමුත් හමුදාපති රට වෙනුවෙන් සටන් කරලා ජනාධිපති වෙනකොට ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ප්‍රචාරය කෙරුවේ ජනතාවට බොරු බියක්, හමුදා පාලනයක් ගෙන එනවා කියලා... දැන් බළල්ලු දමල කොස් ඇට බාවනවා. යහපාලන ආණ්ඩුව හමුදා නිලධාරින්ගෙන් වැඩ ගන්නකොට... අයියටයි, විමල්ටයි කතන්දර ගොඩයි... දැන් මෙයාලා. ඊට හපන් මෙවැනි දේවලින් වෙන්නේ ජනතාව හමුදාව කෙරෙහි තරහක් ඇතිවීම... තමන්ට නීතිය ක්‍රියාත්මක කර රටවැසියා යහමගට ගන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න.. නීතිය සැමෝටම එකසේ කරනවා කිව්වා පරණ හොරු තවමත් නිදැල්ලේ...
එතකොට ඩඩ්ලි මාෆියාවට හුළංද...?
එක අතකින් බැලුවම මේ වැඩේ තව හොඳයි. කලකදී අපේ රණවිරුවෝ දම්මලා කාර් රේස් යන්න වැලි කොට්ට ඇද්දුවා. ගෙවල්, වත්ත සුද්ද කෙරෙව්වා.
අපේ පිහිටට හැමදාම සිටියේත්, ඉන්නෙත් හමුදාව පමණි. රජයේ නිලධාරි කියලා ඉන්න මිනිස්සුන්ගෙන් 95%ක් නිල හොරු, ඔවුන් නිතරම බලන්නේ අපිව හූරාගෙන කන්න..
සිදුවිය යුතු අත්‍යවශ්‍ය දෙයක්. ජනපති තුමාටත් හමුදාවටත් වී අලෙවි මණ්ඩලයට වී ලබා දෙන ගොවියන්ටත් අපේ ප්‍රණාමය ! රටේ දැවෙන ප්‍රශ්න වලට දේශපාලනය ගා ගත් ජය චතුරි වගේ අයට මේවා නොතේරෙයි.
කළයුතු දෙය මෙයයි. සහල් මාෆියාව සමඟ පාතාලය සම්බන්ධ බැවින් වෙනත් කිසිඳු ආකාරයකට රට තුළ සාධාරණ දෙයක් කළ නොහැක. හොරකමට, මැරකමට පදම් වූ මේ සමාජය දැඩි ක්‍රියාමගින් වෙනස් කළ යුතුයි. හුදී පුහුජනයා දෙසන බස් කමකට නොගත යුතුයි. රට විනයක් ඇතිව කාලයක් ගිය පසු නිවැරදි මාවතකට වැටෙනු ඇත. අවශ්‍ය එයයි...
මේක හොද දෙයක්. සහල් මාෆියාවෙන් රටවැසියා බේරාගැනීමට ගත් නිවැරදි තීරණයක්.
සහල් ප්‍රශ්නය වසර දහයක් තිස්සේ ගොඩනැගුනේ රජයේ අමනෝඥ මැදිහත් වීම නිසයි. අදත් වෙන්නේ ඒකම තමයි. මුල් මාස තුන කවූරුත් ලාබෙට හාල් දෙයි. ඊට පස්සේ පාඩුවට විකුණන්න කෙනෙක් නැහැ. කල යුත්තේ හොඳ ගබඩා තනවා වී ගබඩාකොට අග මාස වලදී මෝල් වලට ඒවා ලබාදීමයි. ලූණු, අල වලටත් මේ විසදුම තමයි. රජය ව්‍යාපාරිකයන්ට පීඩාකාරී නීතී දැමීමෙන් පුත්ගලික අංශය මොටවී දිගුකාලීනව ආර්ථිකය වඩා ගැඹුරට කඩාවැටෙනවා. හැබැයි ආනයනය සහ අල්ල්ලස් හොඳින් ප්‍රවර්ධනය වෙනවා. තීරුබදු රහිත හොර බාස්මති එන්නේ එහෙමතමයි මෝඩ උපදේශනයන් ගේ ප්‍රතිපලයක්.
අපේ බොහෝ සමාජ සත්කාරක වලට හමුදාව මැදිහත්වන බව පේනවා. මේක හොද දෙයක්. නමුත් ගැටලුවක් තිබෙනවා. එකක් තමා මෙතනදී නම් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඊට මුහුණ දෙන්න හමුදාව යොදවනවා. අනෙක නිර්භීත, අවංක රාජ්‍ය නිළධාරින්ගේ හිගයක් තියෙන බව පෙන්වනවා.
වෙන වැඩ නැතිවටද? වී විකුණන්න අණ දුන්නේ. කොයිතරම් ගාම්භීර පුද්ගලයින් ඉන්න තැනක්ද හමුදාව කියන්නේ ? කොපමණ දරුණු වුණත් යුද්ධයකදී රටවැසියා සමග ඉතාමත් සුහද පිළිගැනීමක් තියෙනවා." ඔය බව අපිත් දන්නා වා හමුදාවත් දන්නවා. ගංවතුර කාලෙට හමුදාව ගංවතුරෙන් මිනිසුන් මුදා ගන්නකොට ඇසුවද "හමුදාවට වෙන වැඩ නැතිවටද?" කියලා. කන්න එපා උනාම තලගොයා කබරගොයා කර ගන්න එපා හලෝ. වී මිලදී ගන්නවා කියා කීව්වට පෙනුනාට මෙතන කරන්නේ ගොවියා හූරාකන අතරමැදියා මර්දනය කිරීමක්. යුද්ධය නැතිකාලෙට හමුදාව වැටුප් අරගෙන බූට් පොලිෂ් කර කර ඉන්න එකද හරි රටට කුමන හෝ වැඩක් කරන එකද හරි ? හමුදා සෙබළුන් ඔය සෑම වැඩක්ම කරන්නේ සතුටින්. ඒ මානසිකත්වය ඔවුනට ලැබිලා තිබෙනවා. ඒක නැත්තේ ෆොන්සේකාට පමණයි. ඔහු තවම ඉන්නේ යුද්ද මානසිකත්වයෙන්.
මිලදී ගන්න වී වහාම හමුදාවේ අධීක්ෂණය යටතේ වී අලෙවි මණ්ඩලයට අයත් මෝල් වලින් කෝටා, ජනතාවට සහනමිලට ලැබෙන්න සකස් කළොත් සහල් මාෆියාව දණගස්සවන්න පුළුවන්..., ප්‍රධාන නගරවල හමුදා ට්‍රක්රථ, ජංගම අලෙවිසල් ලෙස භාවිතා කර සහල් විකුණන්න පුළුවන්.., හමුදාව ඉන්නේ පුරවැසියන් ආරක්ෂා කරන්න. අපිව ඔවුන් ආරක්ෂා කරන්නේ සහල් මෆියාවෙන්ද? ත්‍රස්තවාදීන්ගෙන්ද? ස්වභාවික අාපදා වලින්ද? කියන ප්‍රශ්නය මෙතනට අදාල වෙන්නේ නැහැ.. හොඳ දෙයක් කරනකොට විරුද්ධ වෙන්න එපා..
වී මිලට ගන්න හමුදාව යොදවනවා නම් වී අලෙවි මණ්ඩලය පවත්වා ගෙන යාමේ තේරුමක් තියනවද? එහි සේවකයන්ට දෙන වන්දියක් දීලා ගෙදර යවලා ඒ ආයතනය වසා දමා ඊට අයත් ගබඩා හා අනෙක් සම්පත් හමුදාවටම දෙන්න. යම් රාජකාරියක් ඉටු කිරීමට නීතියට අනුව ස්ථාපිත ආයතනයක් තිබියදී වෙනත් පිරිස් ලවා ඒ කාරිය කරවා ගැනීම හොඳ පාලනයක ලක්ෂණයක් නොවෙයි.
සාධාරණ මිල කීයද?
නිවැරදි ක්‍රමවේදයක් නැති ජාතියක සෝචනීය කතාව... රටේ සෑම ප්‍රශ්නයකටම හමුදාව යොදා තාවකාලික පැලැස්තර යෙදීම... දවසක ජනතාවට මේ පැලැස්තර දැමීම එපාවුණාම හමුදාව යොදා ජනතාවටත් පැලැස්තර දමයි නේද?
ඉතාම යහපත් වැඩක්! හමුදාවටත් පින්. ජනාධිපතිතුමාටත් පින්.
සමහර අමනයින්, විවිධ දේශපාලන කණ්ණාඩි දමාගෙන, මොන දේ කරත් දකින්නේ වරදක්... මේ රටේ සහල් මාෆියාවක් තියන බව.. ඕකට කිසිම ආණ්ඩුවක් කරපු මගුලක් නැතිබව මෙතන කොටන ඔක්කොම දන්නවා. එහෙම තියෙද්දී අපේ හමුදාව නෙමේ.., ඉන්දියන් හමුදාව හරි දමලා අර මාෆියාවේ ඉන්න කුප්‍රකට දෙතුන්දෙනාට සහ අතරමැදියන්ට" ගේමක් "දෙනවට මම හිතන්නේ නැහැ.. සිහිබුද්ධියක් තියන කෙනෙක් විරුද්ධ වේවි කියලා...
ඉතාම හොඳ තීරණයක්... පමාවී හෝ මේ දේ කළ එක ගැන සතුටුයි. මෙසේ වී මිලදී ගැනීම මගින් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටත් සහනයක් සැලසිය යුතුයි. ඒ වගේම මේ සඳහා අවශ්‍ය මිනිස් බලය හා අනෙකුත් සම්පත් හමුදාවන් සතුව පැවැති නිසාත් ඔවුන් ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළින් මේ කටයුත්තෙන් බලාපොරොත්තුවන යහපත් ප්‍රතිඵල ළඟාකරගත යුතුයි.
හමුදාව කියන්නේ යුද්ධ කරන්නම බලාගෙන ඉන්න පිරිසක් නෙමෙයි රටේ මහජන අවශ්‍යතාවය අනුව ඕනැම වෙලාවක රාජකාරිය සඳහා යොදවන්න පුළුවන් රජයේ සේවකයින්. අනික මෙතන හමුදාවෙන් කරන්නේ කුඹුරකට බැහැලා ගොයම් කපලා පාගලා වී මිටි කරගහලා ට්‍රැක්ටරයකින් ගබඩාවට ගෙනැල්ලා ගොඩගහන එක නෙමෙයි. රජයේ නිලධාරීන් දැම්මොත් වෙන්නේ අඩුමුදලකට වී ටික මෝල් කරුවන් අතට යෑමයි. එය වළක්වා ගොවියාට සාධාරණයක් වන අයුරින් යම් ප්‍රමිතියකට අනුව වී මිලදී ගැනීම කළ යුතුයි.
හොඳ තීරණයක්. ශ්‍රී ලංකාවේ ආත්මාර්ථකාමී මිනිස්සු පාලනය කරන්න මෙවැනි දේ කළ යුතුයි. අසරණ ජනතාවට අඩුමිලට සහල් ලබා ගැනීමට හැකිවේවි...
මේ වගේ ක්‍රියා නිසා තමයි ජපානය, දකුණු කොරියාව, චීනය අද දියුණුවෙලා තියෙන්නේ. අතිවිශිෂ්ථයි, ජනාධිපතිතුමනි...,
සමහර වී ගබඩා පිහිටලා තියෙන දුර අනුව ඇතැම් ගොවීන්ට එම ගබඩාවලට වී රැගෙනයාමේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. එහෙම වුණාම ගොවීන් කරන්නේ පාඩුවට හරි පිට වෙළඳුන්ටම වී විකුණන එකයි. ඒකට විසඳුමක් ලැබෙනවානම් කවුරු කළත් කරන්න යන වැඩේ ගොඩක් හොඳවෙයි.
දූෂිත නිලධාරීන් වළක්වා ගන්නට හමුදා මුර දැම්මා කියමු කෝ...? ඊට පස්සේ ගබඩා ආරක්ෂා කරන එක. ගබඩාවල වී කල්ගත වෙලා, නරක් වෙලා, කලින් වතාවල වගේ සත්තුන්ගේ ආහාර වලට දාන තත්වයට වැටෙන එක වළක්වා ගන්න එක... කොටලා එළියට දාන එක රාජකාරි ඔක්කොම හමුදාව කරාවිද?
අතරමැදියා කියන්නේ හූරාකන්නෙක්ද? දැන් ටිකක් හිතන්න අතරමැදියා නැත්නම් ලෝකයේ වෙළඳාම 99.99%ක්ම අඩපණ වෙනවා. අතරමැදියා තමයි නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා සම්බන්ධීකරණය කරන්නේ, භාණ්ඩවල අගය එකතුකර යමක් නිෂ්පාදනය කර අලෙවි කරන්නේ, බෙදාහරින්නේ.. ඒ දේවල් ඔවුන් නොකරන්නේ නම් වෙන්නේ ගොවියාටම ඒ දේවල් කරන්නයි... එයින් ශ්‍රමය, කාලය අපතේ යනවා. ගොවීන්ගේ වැඩකටයුතු වලට බාධාවෙනවා. දැන් වී ගොවියාට හොඳ මිලක් ලැබෙන්නේ නැත්නම් ඔවුන් කරන්න ඕනෑ සංවිධානය වෙලා මේ මිලට තමයි අපි දෙන්නේ කියන්න. නැත්නම් වෙළඳපළට වී සැපයුම සීමා කරන්න. එ්ක හරි පහසුවෙන් කරන්න පුළුවන් දේවල්, දැන් අතරමැදියා නිකම්ම වී විකුණන්නේ නැහැ. අපද්‍රව්‍ය ඉවත්කරලා වේලලා, තම්බලා, සහල් කරලා ප්‍රවාහනය කරලා විකුණන්නේ මේ දීර්ඝ ප්‍රොසෙස් එකේදී සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා ලැබෙනවා. රජයට බදු ආදායමක් ලැබෙනවා. ඉතින් අතරමැදියා සූරාකන්නෙක් නෙවෙයි.
දැන් අපි හිතමු රජයෙන් හමුදාවෙන් අතරමැදියාගේ කාර්යය කරනවා... ඔවුන්ට අඩුමිලට සහල් සපයන්නත් පුළුවන්, එත් ඒ කොහොමද? රජයේ හමුදාවලට වැටුප් ගෙවන්නේ සහල් වෙළඳාමෙන් ලැබෙන මුදලින් නොවේ... ඉතින් වී සහල් කිරීමේදී වැයවන මුදලින් ලොකු කොටසක් රජය දරන්නේ වෙනස් විදිහකට, ඒ වියදම් එකතු නොවන නිසා.. රජයේ සහල් අඩුවට දෙන්න පුළුවන්... එ්ත් ඇත්තටම බැලුවොත් රජයේ සහල් බිස්නස් එක්ක පාඩුයි, මේ වගේමයි උතුරේ ඉඩම්වල හමුදා යොදවලා වගාකිරීම, ඒවායින් ඔවුන් ලාභය අපේක්ෂා කරන්නේ නැති නිසා නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය සියල්ල අලෙවි වෙනවා.. මේ වියදම් රජයෙන් හෙවත් මහජනයාගේ මුදලින් ගෙවන නිසා ඇත්තටම පාඩුයි.. එසේම වෙළෙන්දාගේ භාණ්ඩ අලෙවි නොවීමෙන් පාඩු වෙනවා.. ඔවුන් බංකොලොත් වෙලා ව්‍යාපාර වැහිලා යනවා, මේවා ඉතින් තකතීරු තීන්දු, මෝල් හිමියන් නිසා පාඩුවෙනවා නම් රජය කරන්න ඕනෑ අලුත් ව්‍යාපාර මෝල් ඇති කරන්න බදු සහන, ණය සපයන්න.. අලුතෙන් තරඟකාරීන් ඇතිකරන්න. එයින් භාණ්ඩ මිල අඩුවෙනවා. එහෙම නැතිව හමුදා යෙදවීම නෙවෙයි.
පට්ට පට පට, විය යුතු දේ වෙමින් පවතියි... !!!. නියම වැඩක්...
ගොඩක් හොඳ වැඩක්.., නැත්නම් ගොවියන් හූරාගෙන කනවා.
වී අලෙවි මණ්ඩලය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මේ අවස්ථාවේ හමුදාව හරි දමලා ප්‍රශ්නය විසඳමු. නැතිනම් වෙන්නේ අපිට බඩගින්නේ ඉන්න. පස්සේ හෙමින් සීරුවේ වී අලෙවි මණ්ඩලේ ප්‍රශ්නවලට පිළියමක් යොදමු. හමුදාවෙන් දැන් වී මිලදී ගන්න හදන නිසා සහල් මාෆියාව පිස්සු වැටිලයි ඉන්නේ...
ඉතා හොඳ වැඩක්...
හමුදාවට වැඩක් බාර දුන්නොත් ඒක හරියටම කරනවා තමයි. ඒක තමයි "විනය" කියන්නේ. ඒත් රටේ විවිධ ක්ෂේත්‍රවල නියුතු රාජ්‍ය අංශයේ නිලධාරීන් "හොරු නම්" ඔවුන් ඉවත් කරන්න පුලුවන් නීතියක් සහ එම නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නිලධාරීන් සිටිය යුතුයි. ඉතින් ඒ නිලධාරීනුත් හොරුද? රටේ ජාතික ප්‍රශ්නයකදී හමුදාව යෙදවූවත්, වැලි කොට්ට ගහන්න, පොල් විකුණන්න, වී මිලදීගන්න වගේ තුප්පහි වැඩ වලට හමුදාව යොදවන්න එපා. ඒ නිල ඇඳුමේ ගෞරවය තියන්න. රාජ්‍ය අංශයේ හොරකම, දූෂණය, වංචාව තුරන් කරන්න බැරිනම්, දැනට සිටින සියලුම රාජ්‍ය අංශයේ නිලධාරීන් හමුදාවට අනුයුක්ත කර හමුදා පාලනයකට රට බාරදෙන්න. මේ රට හදන්න නම් "අනිවාර්යයෙන්ම හමුදා පාලනයක් අවශ්‍යයි" යන්න මගේ මතයයි...
සහල් ප්‍රශ්නය වසර දහයක් තිස්සේ ගොඩනැගුනේ රජයේ අමනෝඥ මැදිහත් වීම නිසයි. අදත් වෙන්නේ ඒකම තමයි. මුල් මාස තුන කවුරුත් ලාබෙට හාල් දෙයි. ඊට පස්සේ පාඩුවට විකුණන්න කෙනෙක් නැහැ. කළ යුත්තේ හොඳ ගබඩා තනවා වී ගබඩාකොට අග මාස වලදී මෝල්වලට ඒවා ලබාදීමයි. ලූණු, අල වලටත් මේ විසඳුම තමයි. රජය ව්‍යාපාරිකයින්ට පීඩාකාරී නීතී දැමීමෙන් පුද්ගලික අංශය මොටවී දිගුකාලීනව ආර්ථිකය වඩා ගැඹුරට කඩා වැටෙනවා. හැබැයි ආනයනය සහ අල්ලස් හොඳින් ප්‍රවර්ධනය වෙනවා. තීරුබදු රහිත හොර බාස්මති එන්නේ එහෙම තමයි මෝඩ උපදේශකයින්ගේ ප්‍රතිඵලයක්...