IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

(ඉන්දිකා  රාමනායක)

හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ  වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්  අද  (31) සිට රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව කියයි.

දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් දිසාපතිවරු මාර්ගයෙන්  මෙම වී මිලදී ගැනීම සිදුකරන බව හමුදාපති ලුතිනන් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය.

මේ සඳහා සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකටම සම්බන්ධීකරණ නිලධාරියෙක් පත්කර ඇති බවත් හමුදාව ගොවීන් වෙත ගොස් ඔවුගේ අස්වැන්න සාධාරණ මිලකට ලබාගෙන වී අලෙවි මණ්ඩල වෙත යොමු කරන බවත් හමුදාපතිවරයා කීය.

දිසාපතිවරුන්ද වී අලෙවි මණ්ඩල හරහා ගොවීන්ගේ වී මිලදී ගන්නා බව හමුදාපතිවරයා කියා සිටියේය.

ගොවින්ගේ වී අස්වැන්න අඩු මුදලට අතරමැදියන් අතරට පත්වීම වැළැක්වීම සහ ඔවුන්ගේ වී අස්වැන්නට සාධාරණ  මිලක් ලබා දීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (39)

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

Chathuri Friday, 31 January 2020 02:55 PM

හමුදාවට වෙන වැඩ නැතිවටද? වී විකුණන්න අණ දුන්නේ, කොයිතරම් ගාම්භීර පුද්ගලයින් ඉන්න තැනක්ද? හමුදාව කියන්නේ..., කොපමණ දරුණු වුණත් යුද්ධයකදී... රටවැසියා සමග ඉතාමත් සුහද පිළිගැනීමක් තියෙනවා. ජනතාව බය කරන්නද? මෙහෙම දේවල් කරන්නේ, විෂයයන් බාර අැමැතිලාට දන්නේ ගොයම් පැළේ කන්න විතරයි, හැමදේම හමුදාවට බාරදෙනවා. නමුත් හමුදාපති රට වෙනුවෙන් සටන් කරලා ජනාධිපති වෙනකොට ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ප්‍රචාරය කෙරුවේ ජනතාවට බොරු බියක්, හමුදා පාලනයක් ගෙන එනවා කියලා... දැන් බළල්ලු දමල කොස් ඇට බාවනවා. යහපාලන ආණ්ඩුව හමුදා නිලධාරින්ගෙන් වැඩ ගන්නකොට... අයියටයි, විමල්ටයි කතන්දර ගොඩයි... දැන් මෙයාලා. ඊට හපන් මෙවැනි දේවලින් වෙන්නේ ජනතාව හමුදාව කෙරෙහි තරහක් ඇතිවීම... තමන්ට නීතිය ක්‍රියාත්මක කර රටවැසියා යහමගට ගන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න.. නීතිය සැමෝටම එකසේ කරනවා කිව්වා පරණ හොරු තවමත් නිදැල්ලේ...

:       2117       535

adiriFriday, 31 January 2020 04:04 PM

පරණ හොරු ඇමතිලා?

:       9       54

Jayasinghe Friday, 31 January 2020 04:48 PM

හොඳ වැඩක්....

:       184       253

ratavasia Friday, 31 January 2020 05:54 PM

මෙයාට පෙනෙන්නේ ඇද පමණි.

:       0       0

babaFriday, 31 January 2020 05:57 PM

හොරු අල්ලන්න අවරුදු 4 ක්ම දුන්නා.

:       0       0

Gonawala sunilFriday, 31 January 2020 11:30 PM

අනේ චතුරි ගොඩක් ලියලා මෙලෝ වැඩකට නැති දේවල්. යථාර්තය තේරුම් ගන්න. හමුදාව අවංක නිසා තමයි මේ වැඩේට යොදාගෙන තියෙන්නේ. පොඩ්ඩක් ඉවසල ඉන්න වැඩේ ඉවර වෙනකම්. ලංකාවේ මිනිසුන්ට ඔක්කම ක්ෂණිකව ඕන. මේ වෙනස් කරන්න යන්නේ 71 අවුරුදු පුරුද්දක්. හොඳ පැත්ත දකින්න ටිකක් නිහතමානි වෙන්න.

:       0       0

MaliSaturday, 01 February 2020 05:38 AM

3% කෙනෙක්ගේ කමෙන්ට් එකක්..!

:       171       154

යාපාSunday, 02 February 2020 02:33 AM

හංසයට කඩේ ගිය නෝනා නේද මේ ?

:       1       0

නිමල්Saturday, 01 February 2020 11:35 AM

ව්‍යාපාරකයින් කිහිප දෙනෙකු අතට පත්ව ඇති සහල් - මාෆියාව නැවත්වීමට නම් "රජය" අනිවාර්යයෙන්ම ඒ සඳහා මැදිහත් විය යුතුයි. මෝඩ දේශපාලකයින්ට මේ වගකීම පැවරීම නරියාට කුකුල්ලු බලාගන්න දුන්නා වැනිය..!

:       0       28

ravi Friday, 31 January 2020 03:05 PM

එතකොට ඩඩ්ලි මාෆියාවට හුළංද...?

:       0       156

කපුරුහාමි Friday, 31 January 2020 05:02 PM

එක අතකින් බැලුවම මේ වැඩේ තව හොඳයි. කලකදී අපේ රණවිරුවෝ දම්මලා කාර් රේස් යන්න වැලි කොට්ට ඇද්දුවා. ගෙවල්, වත්ත සුද්ද කෙරෙව්වා.

:       90       176

de silva Friday, 31 January 2020 05:42 PM

අපේ පිහිටට හැමදාම සිටියේත්, ඉන්නෙත් හමුදාව පමණි. රජයේ නිලධාරි කියලා ඉන්න මිනිස්සුන්ගෙන් 95%ක් නිල හොරු, ඔවුන් නිතරම බලන්නේ අපිව හූරාගෙන කන්න..

:       23       250

harsha Friday, 31 January 2020 05:53 PM

සිදුවිය යුතු අත්‍යවශ්‍ය දෙයක්. ජනපති තුමාටත් හමුදාවටත් වී අලෙවි මණ්ඩලයට වී ලබා දෙන ගොවියන්ටත් අපේ ප්‍රණාමය ! රටේ දැවෙන ප්‍රශ්න වලට දේශපාලනය ගා ගත් ජය චතුරි වගේ අයට මේවා නොතේරෙයි.

:       0       0

සේන Friday, 31 January 2020 10:11 PM

කළයුතු දෙය මෙයයි. සහල් මාෆියාව සමඟ පාතාලය සම්බන්ධ බැවින් වෙනත් කිසිඳු ආකාරයකට රට තුළ සාධාරණ දෙයක් කළ නොහැක. හොරකමට, මැරකමට පදම් වූ මේ සමාජය දැඩි ක්‍රියාමගින් වෙනස් කළ යුතුයි. හුදී පුහුජනයා දෙසන බස් කමකට නොගත යුතුයි. රට විනයක් ඇතිව කාලයක් ගිය පසු නිවැරදි මාවතකට වැටෙනු ඇත. අවශ්‍ය එයයි...

:       0       0

Samudra Thennakoon Friday, 31 January 2020 11:36 PM

මේක හොද දෙයක්. සහල් මාෆියාවෙන් රටවැසියා බේරාගැනීමට ගත් නිවැරදි තීරණයක්.

:       0       0

ඔබා Saturday, 01 February 2020 12:21 AM

සහල් ප්‍රශ්නය වසර දහයක් තිස්සේ ගොඩනැගුනේ රජයේ අමනෝඥ මැදිහත් වීම නිසයි. අදත් වෙන්නේ ඒකම තමයි. මුල් මාස තුන කවූරුත් ලාබෙට හාල් දෙයි. ඊට පස්සේ පාඩුවට විකුණන්න කෙනෙක් නැහැ. කල යුත්තේ හොඳ ගබඩා තනවා වී ගබඩාකොට අග මාස වලදී මෝල් වලට ඒවා ලබාදීමයි. ලූණු, අල වලටත් මේ විසදුම තමයි. රජය ව්‍යාපාරිකයන්ට පීඩාකාරී නීතී දැමීමෙන් පුත්ගලික අංශය මොටවී දිගුකාලීනව ආර්ථිකය වඩා ගැඹුරට කඩාවැටෙනවා. හැබැයි ආනයනය සහ අල්ල්ලස් හොඳින් ප්‍රවර්ධනය වෙනවා. තීරුබදු රහිත හොර බාස්මති එන්නේ එහෙමතමයි මෝඩ උපදේශනයන් ගේ ප්‍රතිපලයක්.

:       0       0

මුණසිංහ Saturday, 01 February 2020 01:26 AM

අපේ බොහෝ සමාජ සත්කාරක වලට හමුදාව මැදිහත්වන බව පේනවා. මේක හොද දෙයක්. නමුත් ගැටලුවක් තිබෙනවා. එකක් තමා මෙතනදී නම් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඊට මුහුණ දෙන්න හමුදාව යොදවනවා. අනෙක නිර්භීත, අවංක රාජ්‍ය නිළධාරින්ගේ හිගයක් තියෙන බව පෙන්වනවා.

:       0       0

Bamunuarachchi Saturday, 01 February 2020 02:16 AM

වෙන වැඩ නැතිවටද? වී විකුණන්න අණ දුන්නේ. කොයිතරම් ගාම්භීර පුද්ගලයින් ඉන්න තැනක්ද හමුදාව කියන්නේ ? කොපමණ දරුණු වුණත් යුද්ධයකදී රටවැසියා සමග ඉතාමත් සුහද පිළිගැනීමක් තියෙනවා." ඔය බව අපිත් දන්නා වා හමුදාවත් දන්නවා. ගංවතුර කාලෙට හමුදාව ගංවතුරෙන් මිනිසුන් මුදා ගන්නකොට ඇසුවද "හමුදාවට වෙන වැඩ නැතිවටද?" කියලා. කන්න එපා උනාම තලගොයා කබරගොයා කර ගන්න එපා හලෝ. වී මිලදී ගන්නවා කියා කීව්වට පෙනුනාට මෙතන කරන්නේ ගොවියා හූරාකන අතරමැදියා මර්දනය කිරීමක්. යුද්ධය නැතිකාලෙට හමුදාව වැටුප් අරගෙන බූට් පොලිෂ් කර කර ඉන්න එකද හරි රටට කුමන හෝ වැඩක් කරන එකද හරි ? හමුදා සෙබළුන් ඔය සෑම වැඩක්ම කරන්නේ සතුටින්. ඒ මානසිකත්වය ඔවුනට ලැබිලා තිබෙනවා. ඒක නැත්තේ ෆොන්සේකාට පමණයි. ඔහු තවම ඉන්නේ යුද්ද මානසිකත්වයෙන්.

:       0       0

de silva Saturday, 01 February 2020 03:23 AM

මිලදී ගන්න වී වහාම හමුදාවේ අධීක්ෂණය යටතේ වී අලෙවි මණ්ඩලයට අයත් මෝල් වලින් කෝටා, ජනතාවට සහනමිලට ලැබෙන්න සකස් කළොත් සහල් මාෆියාව දණගස්සවන්න පුළුවන්..., ප්‍රධාන නගරවල හමුදා ට්‍රක්රථ, ජංගම අලෙවිසල් ලෙස භාවිතා කර සහල් විකුණන්න පුළුවන්.., හමුදාව ඉන්නේ පුරවැසියන් ආරක්ෂා කරන්න. අපිව ඔවුන් ආරක්ෂා කරන්නේ සහල් මෆියාවෙන්ද? ත්‍රස්තවාදීන්ගෙන්ද? ස්වභාවික අාපදා වලින්ද? කියන ප්‍රශ්නය මෙතනට අදාල වෙන්නේ නැහැ.. හොඳ දෙයක් කරනකොට විරුද්ධ වෙන්න එපා..

:       7       326

ඉලේපෙරුම Saturday, 01 February 2020 03:29 AM

වී මිලට ගන්න හමුදාව යොදවනවා නම් වී අලෙවි මණ්ඩලය පවත්වා ගෙන යාමේ තේරුමක් තියනවද? එහි සේවකයන්ට දෙන වන්දියක් දීලා ගෙදර යවලා ඒ ආයතනය වසා දමා ඊට අයත් ගබඩා හා අනෙක් සම්පත් හමුදාවටම දෙන්න. යම් රාජකාරියක් ඉටු කිරීමට නීතියට අනුව ස්ථාපිත ආයතනයක් තිබියදී වෙනත් පිරිස් ලවා ඒ කාරිය කරවා ගැනීම හොඳ පාලනයක ලක්ෂණයක් නොවෙයි.

:       367       344

jothi Saturday, 01 February 2020 04:06 AM

සාධාරණ මිල කීයද?

:       0       2

kamal Saturday, 01 February 2020 04:25 AM

නිවැරදි ක්‍රමවේදයක් නැති ජාතියක සෝචනීය කතාව... රටේ සෑම ප්‍රශ්නයකටම හමුදාව යොදා තාවකාලික පැලැස්තර යෙදීම... දවසක ජනතාවට මේ පැලැස්තර දැමීම එපාවුණාම හමුදාව යොදා ජනතාවටත් පැලැස්තර දමයි නේද?

:       85       76

ලැවොයිසියර් Saturday, 01 February 2020 04:40 AM

ඉතාම යහපත් වැඩක්! හමුදාවටත් පින්. ජනාධිපතිතුමාටත් පින්.

:       18       79

jayath Saturday, 01 February 2020 04:47 AM

සමහර අමනයින්, විවිධ දේශපාලන කණ්ණාඩි දමාගෙන, මොන දේ කරත් දකින්නේ වරදක්... මේ රටේ සහල් මාෆියාවක් තියන බව.. ඕකට කිසිම ආණ්ඩුවක් කරපු මගුලක් නැතිබව මෙතන කොටන ඔක්කොම දන්නවා. එහෙම තියෙද්දී අපේ හමුදාව නෙමේ.., ඉන්දියන් හමුදාව හරි දමලා අර මාෆියාවේ ඉන්න කුප්‍රකට දෙතුන්දෙනාට සහ අතරමැදියන්ට" ගේමක් "දෙනවට මම හිතන්නේ නැහැ.. සිහිබුද්ධියක් තියන කෙනෙක් විරුද්ධ වේවි කියලා...

:       61       178

Ajantha Saturday, 01 February 2020 05:02 AM

ඉතාම හොඳ තීරණයක්... පමාවී හෝ මේ දේ කළ එක ගැන සතුටුයි. මෙසේ වී මිලදී ගැනීම මගින් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටත් සහනයක් සැලසිය යුතුයි. ඒ වගේම මේ සඳහා අවශ්‍ය මිනිස් බලය හා අනෙකුත් සම්පත් හමුදාවන් සතුව පැවැති නිසාත් ඔවුන් ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළින් මේ කටයුත්තෙන් බලාපොරොත්තුවන යහපත් ප්‍රතිඵල ළඟාකරගත යුතුයි.

:       38       116

මංජුල Saturday, 01 February 2020 06:24 AM

හමුදාව කියන්නේ යුද්ධ කරන්නම බලාගෙන ඉන්න පිරිසක් නෙමෙයි රටේ මහජන අවශ්‍යතාවය අනුව ඕනැම වෙලාවක රාජකාරිය සඳහා යොදවන්න පුළුවන් රජයේ සේවකයින්. අනික මෙතන හමුදාවෙන් කරන්නේ කුඹුරකට බැහැලා ගොයම් කපලා පාගලා වී මිටි කරගහලා ට්‍රැක්ටරයකින් ගබඩාවට ගෙනැල්ලා ගොඩගහන එක නෙමෙයි. රජයේ නිලධාරීන් දැම්මොත් වෙන්නේ අඩුමුදලකට වී ටික මෝල් කරුවන් අතට යෑමයි. එය වළක්වා ගොවියාට සාධාරණයක් වන අයුරින් යම් ප්‍රමිතියකට අනුව වී මිලදී ගැනීම කළ යුතුයි.

:       48       133

රොෂාන් Saturday, 01 February 2020 06:36 AM

හොඳ තීරණයක්. ශ්‍රී ලංකාවේ ආත්මාර්ථකාමී මිනිස්සු පාලනය කරන්න මෙවැනි දේ කළ යුතුයි. අසරණ ජනතාවට අඩුමිලට සහල් ලබා ගැනීමට හැකිවේවි...

:       55       125

Esala Saturday, 01 February 2020 06:37 AM

මේ වගේ ක්‍රියා නිසා තමයි ජපානය, දකුණු කොරියාව, චීනය අද දියුණුවෙලා තියෙන්නේ. අතිවිශිෂ්ථයි, ජනාධිපතිතුමනි...,

:       158       361

අතුලSaturday, 01 February 2020 02:04 PM

ජනාධිපති හරි, හමුදාපති හරි කිව්වොත්, මුලු හමුදාවම "ඔලුවෙන් හිටගන්නවා". ඒක තමයි පුරුදු පුහුණු කරපු විනය.... රටේ හැම තුප්පහි වැඩක්ම හමුදාව දම්මවලා කරවන එක නොවෙයි, රටේ නායකයාගේ වගකීම... රටේ බදුගෙවන ජනතාවගේ මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් සාධාරණ සේවයක් ලබාගැනීමයි. රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් අල්ලස්, දූෂණ, වංචා නැතිව (මැති - ඇමතිවරු ඇතුළුව) රට සංවර්ධනය කරා යොමු කළොත් 2/3 නොවෙයි 3/3 ම ලැබෙනවා සත්තයි. එහෙම නැතිව රටක ජනාධිපතිවරයෙක් අති විශිෂ්ඨවෙන්නේ නැහැ.

:       0       100

ජයරත්න Saturday, 01 February 2020 06:41 AM

සමහර වී ගබඩා පිහිටලා තියෙන දුර අනුව ඇතැම් ගොවීන්ට එම ගබඩාවලට වී රැගෙනයාමේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. එහෙම වුණාම ගොවීන් කරන්නේ පාඩුවට හරි පිට වෙළඳුන්ටම වී විකුණන එකයි. ඒකට විසඳුමක් ලැබෙනවානම් කවුරු කළත් කරන්න යන වැඩේ ගොඩක් හොඳවෙයි.

:       0       15

saali Saturday, 01 February 2020 07:45 AM

දූෂිත නිලධාරීන් වළක්වා ගන්නට හමුදා මුර දැම්මා කියමු කෝ...? ඊට පස්සේ ගබඩා ආරක්ෂා කරන එක. ගබඩාවල වී කල්ගත වෙලා, නරක් වෙලා, කලින් වතාවල වගේ සත්තුන්ගේ ආහාර වලට දාන තත්වයට වැටෙන එක වළක්වා ගන්න එක... කොටලා එළියට දාන එක රාජකාරි ඔක්කොම හමුදාව කරාවිද?

:       0       77

Walter White Saturday, 01 February 2020 08:03 AM

අතරමැදියා කියන්නේ හූරාකන්නෙක්ද? දැන් ටිකක් හිතන්න අතරමැදියා නැත්නම් ලෝකයේ වෙළඳාම 99.99%ක්ම අඩපණ වෙනවා. අතරමැදියා තමයි නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා සම්බන්ධීකරණය කරන්නේ, භාණ්ඩවල අගය එකතුකර යමක් නිෂ්පාදනය කර අලෙවි කරන්නේ, බෙදාහරින්නේ.. ඒ දේවල් ඔවුන් නොකරන්නේ නම් වෙන්නේ ගොවියාටම ඒ දේවල් කරන්නයි... එයින් ශ්‍රමය, කාලය අපතේ යනවා. ගොවීන්ගේ වැඩකටයුතු වලට බාධාවෙනවා. දැන් වී ගොවියාට හොඳ මිලක් ලැබෙන්නේ නැත්නම් ඔවුන් කරන්න ඕනෑ සංවිධානය වෙලා මේ මිලට තමයි අපි දෙන්නේ කියන්න. නැත්නම් වෙළඳපළට වී සැපයුම සීමා කරන්න. එ්ක හරි පහසුවෙන් කරන්න පුළුවන් දේවල්, දැන් අතරමැදියා නිකම්ම වී විකුණන්නේ නැහැ. අපද්‍රව්‍ය ඉවත්කරලා වේලලා, තම්බලා, සහල් කරලා ප්‍රවාහනය කරලා විකුණන්නේ මේ දීර්ඝ ප්‍රොසෙස් එකේදී සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා ලැබෙනවා. රජයට බදු ආදායමක් ලැබෙනවා. ඉතින් අතරමැදියා සූරාකන්නෙක් නෙවෙයි.

:       31       30

Walter White Saturday, 01 February 2020 08:17 AM

දැන් අපි හිතමු රජයෙන් හමුදාවෙන් අතරමැදියාගේ කාර්යය කරනවා... ඔවුන්ට අඩුමිලට සහල් සපයන්නත් පුළුවන්, එත් ඒ කොහොමද? රජයේ හමුදාවලට වැටුප් ගෙවන්නේ සහල් වෙළඳාමෙන් ලැබෙන මුදලින් නොවේ... ඉතින් වී සහල් කිරීමේදී වැයවන මුදලින් ලොකු කොටසක් රජය දරන්නේ වෙනස් විදිහකට, ඒ වියදම් එකතු නොවන නිසා.. රජයේ සහල් අඩුවට දෙන්න පුළුවන්... එ්ත් ඇත්තටම බැලුවොත් රජයේ සහල් බිස්නස් එක්ක පාඩුයි, මේ වගේමයි උතුරේ ඉඩම්වල හමුදා යොදවලා වගාකිරීම, ඒවායින් ඔවුන් ලාභය අපේක්ෂා කරන්නේ නැති නිසා නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය සියල්ල අලෙවි වෙනවා.. මේ වියදම් රජයෙන් හෙවත් මහජනයාගේ මුදලින් ගෙවන නිසා ඇත්තටම පාඩුයි.. එසේම වෙළෙන්දාගේ භාණ්ඩ අලෙවි නොවීමෙන් පාඩු වෙනවා.. ඔවුන් බංකොලොත් වෙලා ව්‍යාපාර වැහිලා යනවා, මේවා ඉතින් තකතීරු තීන්දු, මෝල් හිමියන් නිසා පාඩුවෙනවා නම් රජය කරන්න ඕනෑ අලුත් ව්‍යාපාර මෝල් ඇති කරන්න බදු සහන, ණය සපයන්න.. අලුතෙන් තරඟකාරීන් ඇතිකරන්න. එයින් භාණ්ඩ මිල අඩුවෙනවා. එහෙම නැතිව හමුදා යෙදවීම නෙවෙයි.

:       176       160

palitha Saturday, 01 February 2020 08:38 AM

පට්ට පට පට, විය යුතු දේ වෙමින් පවතියි... !!!. නියම වැඩක්...

:       36       63

gamekolla Saturday, 01 February 2020 08:51 AM

ගොඩක් හොඳ වැඩක්.., නැත්නම් ගොවියන් හූරාගෙන කනවා.

:       36       57

de silva Saturday, 01 February 2020 08:52 AM

වී අලෙවි මණ්ඩලය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මේ අවස්ථාවේ හමුදාව හරි දමලා ප්‍රශ්නය විසඳමු. නැතිනම් වෙන්නේ අපිට බඩගින්නේ ඉන්න. පස්සේ හෙමින් සීරුවේ වී අලෙවි මණ්ඩලේ ප්‍රශ්නවලට පිළියමක් යොදමු. හමුදාවෙන් දැන් වී මිලදී ගන්න හදන නිසා සහල් මාෆියාව පිස්සු වැටිලයි ඉන්නේ...

:       7       66

randika Saturday, 01 February 2020 10:05 AM

ඉතා හොඳ වැඩක්...

:       39       67

අතුල Saturday, 01 February 2020 01:15 PM

හමුදාවට වැඩක් බාර දුන්නොත් ඒක හරියටම කරනවා තමයි. ඒක තමයි "විනය" කියන්නේ. ඒත් රටේ විවිධ ක්ෂේත්‍රවල නියුතු රාජ්‍ය අංශයේ නිලධාරීන් "හොරු නම්" ඔවුන් ඉවත් කරන්න පුලුවන් නීතියක් සහ එම නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නිලධාරීන් සිටිය යුතුයි. ඉතින් ඒ නිලධාරීනුත් හොරුද? රටේ ජාතික ප්‍රශ්නයකදී හමුදාව යෙදවූවත්, වැලි කොට්ට ගහන්න, පොල් විකුණන්න, වී මිලදීගන්න වගේ තුප්පහි වැඩ වලට හමුදාව යොදවන්න එපා. ඒ නිල ඇඳුමේ ගෞරවය තියන්න. රාජ්‍ය අංශයේ හොරකම, දූෂණය, වංචාව තුරන් කරන්න බැරිනම්, දැනට සිටින සියලුම රාජ්‍ය අංශයේ නිලධාරීන් හමුදාවට අනුයුක්ත කර හමුදා පාලනයකට රට බාරදෙන්න. මේ රට හදන්න නම් "අනිවාර්යයෙන්ම හමුදා පාලනයක් අවශ්‍යයි" යන්න මගේ මතයයි...

:       2       42

oba Saturday, 01 February 2020 03:16 PM

සහල් ප්‍රශ්නය වසර දහයක් තිස්සේ ගොඩනැගුනේ රජයේ අමනෝඥ මැදිහත් වීම නිසයි. අදත් වෙන්නේ ඒකම තමයි. මුල් මාස තුන කවුරුත් ලාබෙට හාල් දෙයි. ඊට පස්සේ පාඩුවට විකුණන්න කෙනෙක් නැහැ. කළ යුත්තේ හොඳ ගබඩා තනවා වී ගබඩාකොට අග මාස වලදී මෝල්වලට ඒවා ලබාදීමයි. ලූණු, අල වලටත් මේ විසඳුම තමයි. රජය ව්‍යාපාරිකයින්ට පීඩාකාරී නීතී දැමීමෙන් පුද්ගලික අංශය මොටවී දිගුකාලීනව ආර්ථිකය වඩා ගැඹුරට කඩා වැටෙනවා. හැබැයි ආනයනය සහ අල්ලස් හොඳින් ප්‍රවර්ධනය වෙනවා. තීරුබදු රහිත හොර බාස්මති එන්නේ එහෙම තමයි මෝඩ උපදේශකයින්ගේ ප්‍රතිඵලයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාපයට නව උප සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 454 0

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.


අයවැයට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
2025 පෙබරවාරි මස 14 311 0

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විස


සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්
2025 පෙබරවාරි මස 14 1788 0

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.


කන්කසන්තුරේ තැපැල් දුම්රිය ගැන දැනුම් දීමක්
2025 පෙබරවාරි මස 14 514 0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේ


පුංචි ඡන්ද පනතට උපදේශක සභාවේ අනුමැතිය
2025 පෙබරවාරි මස 14 268 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත


ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 596 0

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 205 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 947 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site