මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දෙවැනි වරටත් සම්මත වුණු බව ජාතික හෙළඋරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
‘‘ අද මුලින්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් මහතා යෝජනාවක් ගෙනාවා. ඒ අනුව ස්ථාවර නියෝග අත්හිටුවීම ඡන්ද 122න් සම්මත වුණා. ස්ථාවර නියෝග 47.1 තියෙනවා හ ඬ අනුව ඡන්දය විමසීම ගැන. හඬ අනුව ඡන්දය විමසනවාට මන්ත්‍රීවරයෙක් විරුද්ධ වුණොත් තමයි එම ස්ථාවර නියෝග අනුව අපි අනිත් ක්‍රමයට යන්න ඕනෑ. නමුත් කවුරුත් විරෝධයක් කළේ නෑ.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණෙන් යළිත් යේජනාවක් ගෙනවා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට විශ්වාසයක් නෑ කියලා. ඒ අනුව ඊට ඡන්දය විමසුවා. මන්ත්‍රීවරු 122ක් නැවත කිව්වා රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නීති විරෝධීයි කියලා. විශ්වාස භංගයක් සම්මත කළාම ආණ්ඩුවක් විසිරිලා යනවා.
ජනාධිපතිගේ පුද්ගලික කැමැත්තට අගමැතිවරු පත් කරන්න බෑ. අපිට පුද්ගලිකව කැමති කෙනෙක් බඳින්න පුලුවන්. කැමති තැන යන්න පුලුවන්. නමුත් පත්කිරීම් කරන්න ඕන නීත්‍යනුකූලවයි.රට ජාත්‍යන්තරව කොන්වෙමින් තිබෙනවා. ආර්ථිකය අගාදයට යමින් තිබෙනවා. එනිසා අලුත් ආණ්ඩුවක් පත් කරන ලෙස අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා. ‘‘
(36698)
COMMENTS
අලුත් ආණ්ඩුවක් ඕන කියලා නේන්නම් මෙච්චර දගලන්නේ. ඔයාලා හදන්නේ කලින් තිබ්බ එක ආපහු හදන්නනේ .
ඔය තැනට වඩා විනයක් ළදරු පාසලක තියනවා. විනයක් නොමැති උදවිය රටක උත්තරීතර තැනක සිටිනවිට අනිකුත් බස් කුමට?
රට නම් කෑවා.
ඔහෙලගේ ඔය බන්ගෙන් රටට ජනතාවට වෙච්ච සෙතක් නැහැ. ලෝකෙටම විහිළුවක් වූ එකයි වුනේ...
චම්පික මොකද ඔච්චර චන්දෙකට බය..? මේ පාරනම් ඇපත් නැතිවෙනවා නියතයි. රට අරාජික කළාට වග කිවයුතුයි.
අලුත් ආණ්ඩුවක් කියන්නේ කලින් හිටපු අයටමද ? හොඳට තියෙයි ....
දිගටම කරගෙන යන්න.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා. දුන්න පොරොන්දු ඉටුකලාද ?
කරපු දෙයක් නැහැ. ඉතුරු කාලයත් ඔහොම ගන්න හදන එක හොඳයි,
කොච්චර බහුතරය තියනවා කිව්වත් , මොනතරම් විශ්වාශ භංග ගෙනාවත් වැඩක් නැහැ , මොකද නඩු ටික එනවා ළඟ ලඟම. මෙහෙම බලෙන් හරි හිට්යොත් මිසක් නැත්තන් එකා දෙන්න ඇතුලට ගියොත් ආයි ඒමක් නැත.
තියමුද අපි ලෝක වාර්තාවක්. ලෝකයේ ලොකුම විශ්වාස භංගය. මොකෝ කියන්නේ. තවම දෙපාරයි. දහයක්වත් නැතුව මදි වෙයි.
දවල්ද ?
ඝෝෂාවෙන්ද
ආණ්ඩුවට බහුතරය නැතිබව ඉතාමත් පැහැදිලියි, එසේ නොවේනම් ඔව්න් විශ්වාසභංග යෝජනාව ජයගතයුතුව තිබුනා. අපේ රටේ ඇතුළුව ලෝකේ වෙනත් රටවලත් සුළුතර ආණ්ඩු පවත්වාගෙන හිගින් තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම මුල්වුනේ "එකඟතාවය සහ අවබෝධය". නමුත් දැන් පවතින පාර්ලිමේන්තුවේ ඒ දෙකම නැහැ. කිසිම පක්ෂයකට බහුතරය නොමැති මෙවන් වෙලාවක රටේ ජනාධිපති කළයුතුව තිබෙන්නේ කොහෙත්ම ලබාගත නොහැකි බහුතරයක් වෙනුවෙන් මන්ත්‍රීවරුන්ව පෙළඹවීම නොව, ඉතාමත් පහසුවෙන් ඇතිකර ගත හැකිව තිබෙන "එකඟතාවය සහ අවබෝධය" වෙනුවෙන් මං සෙවීමයි. එසේ පත්කරගන්න නව අගමැති සහ ඇමතිමණ්ඩලය විසින් ගෙනෙන යෝජනාවකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමයි. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා නිවැරදි පුද්ගලයන් පත්කරගැනීමට. හුදු තනි කැමැත්තක් වෙනුවෙන් රට තවත් අරාජික වීම මහත් අවාසනාවන්ත තත්වයක්...
ඔහොම යං. පසුගිය අවුරුදු 03 තුල රටෙ අාණ්ඩුවක් නැතිව වගෙ තිබුණේ ඉතිං අපට වෙනසක් නැහැ
ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයේ වියරුව මේ තරම් හොඳින් පැහැදිලි වූ අවස්ථාවක් තවත් නෑ. වහාම ජවිපෙ ගෙනා 20 වන සංශෝධනය සම්මත කරන්න.
මෙයාට මිරිස්කුඩු පාරක් ගහන්න කෙනෙක් හිටියේ නැද්ද?
මේ දෙපිටකාට්ටුවන්ව ලබන ඡන්දෙන් විශ්වාසභංග නැතුවම ජනතාව ගෙදර යවයි.
කී සැරයක් සම්මත කර ගත්තත් නිෂ්ඵලයි මහත්තයෝ... අපි ගණන් ගන්නේ නැහැ. බහුතරයක් තිබුණත් නැතත් අපේ අගමැති මහින්ද මැතිතුමා බව මතක තියා ගන්න..!
තනි පක්ෂයක් හැටියට තාමත් බහුතර මහින්දටයි තියෙන්නේ. නීති ප්‍රකාරව විශ්වාස භංගය ගේනවා නම් බහුතරය පෙන්විය හැකියි.
ඔබතුමා අගමැතිකම බාරගන්නවා නම් අපිත් එනවා ඔබතුමාට සහය දෙන්න. නැත්නම් ඉතින් මහින්ද මහත්තයා තමයි.
අනේ... ඔයාගේ කතා දැන් මිනිස්සු තුට්ටුවකට ගනන් ගන්නේ නැහැ පොදු ජනතාව අතර. ඔයාට තිබුණු පිළිගැනීම, විශ්වාසය ඔබතුමා නැති කරගෙන හුඟක් කල්...
ගමේ කෝපි කඩේ ඇතුළටත් සෙන්කෝලය අරගෙන ගිහිල්ලා පනත් සම්මත කරගන්නවද? පුදුම රටක් නේ..
මෙයා කී වතාවක් පරාදද?