(ඩයනා උදයංගනී)
ලබන වසරේදී රජයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක (බිලියන 1.5ක) ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වන විටත් සැලසුම් කර ඇතැයි ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවසීය.
හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඉතිරි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක මුදල මේ සඳහා යොදාගත හැකි බව කී මහාචාර්යවරයා ලංකා, මහජන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවලින් අන්තර් ජාතිකව ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් හා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන් මෙම ණය වාරිකය ගෙවීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.
මෙම ණය වාරිකයෙන් ඩොලර් මිලියන 1000ක් ලබන ජනවාරියේ සහ ඉතිරි ඩොලර් මිලියන 500 අප්‍රේල් මාසයේ ගෙවීමට තිබෙන බව ද ඔහු කීවේය.
ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ කටයුතු කරන මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහත දමා ඇතත් එවැනි ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුව නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාව සතු අඩු සංචිත ප්‍රමාණය හා පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය මත මූඩීස් ආයතනය මෙසේ ශ්‍රේණිගත කිරීම් සිදුකරන්නට ඇතැයි කී මහාචාර්යවරයා ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගැටලුවක් නැති බවත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා විනය නිසි පරිදි පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළේය.
ණය ගෙවීම සඳහා ඇති බැඳීම 100% ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද ඔහු කීවේය.
ශ්‍රී ලංකාව සතුව මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක සංචිතයක් ඇති බව කී මහාචාර්යවරයා ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ කිසිවෙකුත් චකිතයක් ඇතිකර ගත යුතු නැතැයි ද ප්‍රකාශ කළේය.
ඉදිරියේදී වියදම් වැඩිවී ආදායම් අඩුවුවත් යම් යම් වෙනස්කිරීම් තුළින් අයවැය හිඟය පාලනය කර පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙන බව ද මහ ලේකම්වරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සලකා මූඩීස් ආයතනය ඇතැම් තීරණ ගෙන තිබුණේ පසුගිය ජූලි මාසයේ සිට බව ද හෙතෙම කියා සිටියේය.
වර්තමානයේදී ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හේතු මොනවා ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මහාචාර්යවරයා පැවසුවේ ආර්ථික අර්බුද නිර්මාණය වීම කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් මිස හදිසියේ දින කිහිපයකින්, මාස කිහිපයකින් ඇති වන තත්ත්වයක් නොවන බවයි.
2014 වසරෙන් පසු ගත වූ කාලයේදී ණය බර සියයට 50කින් වැඩිවීම, ගෙවුම් ශේෂයේ හිඟය ඉහළ යාම, අයවැය හිඟය වැඩිවීම ආදිය මෙම තත්ත්වයට බලපා ඇතැයි ද ලලිත් සමරකෝන් මහතා පැවසීය.
මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු වල මුදල් ඇත්නම් හොඳයි ගෙවන්ඩ. අපේ බඩට නම් ගහන්ඩ එපා.
රාජ්‍ය බැංකු වලටත් වැඩේ දෙන්න වගේ ලෑස්තිය. මේ දෙගොල්ල හොරා කාපු සල්ලි වලින් ණය ගෙවන්න කියන්න.
මේ ප්‍රකාශනයෙන් පැහැදිලිව පෙනෙන දෙයක් නම්, මේ ණය ගෙවීම සඳහා දේශීය බැංකු වලින් සහ චීන බැංකු වලින් නැවතත් ණය ගැනීමට සිදුවී ඇති බවයි. එනම්, දැන් සිදුවන්නේ ණය ගෙවීම සඳහා සඳහා තවත් ණය ලබා ගැනීමකි. මෙලෙස ණය රෝල් කිරීමෙන් අවසානයේ මුළු රටම උකසට තැබීමට සිදු වෙයි.
ණය ගන්නෝ කොතෙක් ඇද්ද මේ ලොවේ!
මගේ අම්මෝ මගේ සල්ලි ටික ඇද ගන්න ඕනේ ඉක්මනටම .
ඒ බැංකුවේ ණය පියවන්න මේ බැංකුවෙන් ණය ගන්නවා. බොරු කියා කියා තව මිනිස්සුත් රවටනවා. අනේ අපේ ලංකාව
චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන්
අනේ මන් දන්නේ නැහැ දුප්පත් අපි ඉතුරු කරපු සල්ලිත් අන්තිමට බැංකු බංකොලොත් වෙලා නැතිවෙලා ගියෝතින් මොනවා කරන්නද කියලා.
එහෙනම් අපි ණය ගන්නේ අපරාදෙනේ? අපිට එ් මුදල් ආයෝජනය කරන්න තිබුණනේ?
කඩිනම් සංවර්ධනය කියල අවුරුදු 5 ක් ඇතුලත රුපියල් කෝටි 50000 ක විතර ලාභ නොලබන ව්‍යාපෘති වෙළෙඳ ණය වලින් කලාම රට බංකොලොත් වෙනව. හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොල, අධිවේගී මාර්ග, ක්‍රිකට්ක්‍රීඩාංගන, චිත්‍රපටි ගම්මාන, නෙළුම් කුළුන ආදිය තමයි ඒ.
බැංකු හරහා විදේශ ණය අරගෙන ණය ගෙවන්න මහාචාර්යලා, ආර්ථික සභා මොකටද? විහිළුවක්නේ.
අපේ බැංකුවලට අත එහෙම තියෙනවා නොවෙයි. ඩුබායි මැරියට් එක විකුනලා ඩොලර් හොයාගන්න
ණය ගෙවන වැඩේ ඔය ගොල්ලන්ට පවරලා ආණ්ඩු කරන කට්ටිය බොරු ගෝරියක් පෙන්නලා පැන්න නේද?
මෙයත් හොඳයි මහා බැංකුවේ හිටපු නිවාඩු කබ්රාල් වගේ අදහස් ඇත්තෙක්. ලංකාවේ වාසනාවට පහළවුණු ප්‍රඥාවන්තයෝ...
මෙයාට අනුව දැන් වෙන රටකට ණය දෙන්න උනත් අපිට පුළුවන් වගේ. රාජ්‍ය බැංකු දෙකේ සල්ලි ගන්නේ නිකම්ද. ? ණය අරන් නය ගෙවනවා කියල කෙලින්ම කියන්නත් බැරි නිසා මෙහෙමවත් කියමු නේද?
ඔය කියන බැංකුවල වත්කම් මොකුත් ඉතුරු වෙලත් තියෙනවද ලේකම් තුමෝ?
රවි කරුණානායක මුදල් ඇමති කාලේ කියපුදේ හරි වගේ.
බොරුවක්. ණයටද දෙන්නේ නැත්නම් ලාභයෙන් ආණ්ඩුවට තැග්ගක්ද?
මහරජ ගේ විදේශ ගිණුමකින් ට්‍රයි කොලොත් බැරි වෙන එකක් නැහැ.
ණය අරන් ණය ගෙවන්න ඔයාලා ඕන නෑ. ඒ පොලියත් අපිටනේ ගෙවන්න වෙන්නේ.
ආර්ථිකය හසුරුවන්න ක්‍රමෝපාය නැතුව මේ අලුත් ආණ්ඩුව බේගල් කියා කියා මහජනතාව රවටනවා.බල කෑදර කම නිසා අපේ රට තව තවත් නය කන්දක හිරකරනවා.මේ එළිපිට නටන මේ නාඩගම් වලින් අපේ රට ලෝකෙන්ම කොන්වෙනවා.අපේ රටේ පාලකයෝ විහිලු සපයන ගොන්රලක් කියල අද ලෝකෙම දන්නවා.
ළමා ගිණුම් වලිනුත් බදු අයකරන ප්‍රමාණය වැඩි කරයි . තැම්පතු වලට දෙන පොලිය අඩුකරයි. ණය පොලිය වැඩිකරයි . රන්සුරකුම් පොලිය වැඩිකරයි . ඉතින් ගෙවමුකෝ ........විදෙස් ණය......
මොකක්ද මේ... රජය ගෙවන්ඩ ඕනේ ණයවලට වාණිජ බැංකු පාවිච්චි කරන්නේ... මේක මහා ප්‍රෝඩාවක්...
ඒ කෙසේ වෙතත්, රටක මෙවන් වාතාවරණයක් යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පිරිසක් ජනාධිපති වරයාගේ පෞද්ගලික කැමැත්තට පත්කොට තිබීමෙන් ජාත්‍යන්තරය වශයෙන් රට මුහුණපා තිබෙන තත්ත්වය මේ උගතාට නොපෙනුනේ මන්දැයි අපහට තිබෙනුයේ විශාල ගැටලුවකි.
අර කතාවක් තියෙනවා ඔබ යම් දෙයකට ආදරය කරන්නේද, ඒ වගේම ඒ හා සමානව දුක්වෙනවා කියලා... අද රට තිබෙන තත්වය රටේ බහුතරයක් ජනතාවට නොත්රේ. අද අපි ඉන්නේ ගිනිකන්දක් උඩ කිව්වොත් එය නිවැරදියි. රටේ ජනතාව උකස්කර 70 වසරක් කරපු මංකොල්ලයේ ප්‍රතිඵල අද කරටියටම හිරවෙලා. එහෙත් දේශපාලකයින්ගේ ආර්ථිකය සරුවෙලා. අපි අද ඒ වගේ වන්දි ගෙවමින් එකිනෙකා මරා ගන්නවා.