(රංජන් කස්තුරි)
හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී සිදුව ඇතැයිද කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඉකුත් කාලයේ සිදුව ඇති හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇතැයිද, ඒ පිළිබඳව සත්‍යතාවය තහවුරු කරගැනීමට විධිමත් පරීක්ෂණයක් කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.
කිසියම් විදුලි සමාගමක් වංචනික ලෙස කටයුතු කර ඇත්නම් එම සමාගම අසාදු ලේඛනගත කරන බවද ඇමැතිවරයා කියා තිබේ.
විදුලි උත්පාදනය අඩු අවස්ථාවලදී හදිසි මිලදීගැනීම් ලෙස පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය ලබාගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරයකු හැටියට ස්වයන් විශ්ලේෂණය අතිශයෙන් වැදගත්. කරුණාකර ඔබ පාර්ලිමේන්තුවට පත්වු දවසේ සිට අදවනතුරු ඔය ආයතනයේ සිදුවූ සියලු විදුලි මිලදී ගැනීම්, ඔය ආයතනයට මිලදී ගත්තු ජෙනරේටර් , ට්‍රාන්ස්ෆෝමර් වැනි මිලදී ගැනීම් වල විශ්ලේෂණයක් කරන්න. සියලු විශ්ලේෂණයන් ප්‍රසිද්දියේ පල කරන්න. එය කාගේ කාගේ යහපත සඳහාම වනු ඇත.
මහජන මුදල් හොරාකාපු මහජන නියෝජිතයන් හා නිලධාරීන් පිලිබදව සොයා බලා නිසි පියවර ගැනීම ඉතාම හොදයි.
මේක අද ඊයේ නොවයි අනාදිමත් කාලයක ඉදන් තිබුන එකක් දන්නේ නැද්ද.?
නිකම් චුන් පාට් එකක් විතරයි. අතීත සිද්ධි හැටියට කොයි රජයත් හදිසි මිලදී ගැනීම් කළා. මොනවා වුනත් ඔය පුද්ගලික බලාගාර වලටත් යට කරලා තියෙන්නේ අපේ රටේ මුදල්මනේ. ඉතින් ඒවා නිකම් දිරාපත් වෙනවට වඩා මොනයම් හෝ සේවාවක් සාධාරණ මුදලක් ගෙවා ලබා ගැනීම වරදක් ද? දුෂිත විදියට නොවෙන ඕනෑම දෙයක් රටට යහපතක්.
බොහොම හොඳ කාලෝචිත වැඩක්... හැබැයි ඔයාගෙන් පටන් ගන්නකෝ... ඔබතුමා දරපු ආයතනවල අක්‍රමිකතා හොයමු කලින්...