IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් පිටිගල නිවාස දෙකක සඟවලා

(චන්ද්‍රසිරි ගුණසේකර)

බලපත්‍ර නොමැතිව, පිටිගල බඹරවාන ප්‍රදේශයේ නිවාස දෙකක  සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමක් ඇති වෙනිවැල්ගැට කිලෝ 1205ක් සමග සැකකරුවන් දෙදෙනකු  අද(12)  අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය වන සංරක්ෂණ නිලධාරීහු කියති.

ඇල්පිටිය අඩවි වන නිලධාරි බී.එම්.විපුල බණ්ඩාර මහතාට ලද තොරතුරක් මත ඇල්පිටිය වන අඩවි කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා වයිරසය මැඩලීම සදහා ප්‍රයෝජනවත් වන ඖෂධයක් ලෙස සැලකෙන වෙනිවැල්ගැට සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් වැඩිමිලට අලෙවි කිරීම සඳහා රැස්කර තබා ගන්නට ඇතැයි  එම නිලධාරීහු පවසති.

මෙම වෙනිවැල්ගැට රක්ෂිතයකින් කපන ලද ඒවාද යන්න සොයාගැනීම සඳහා වන අඩවි නිලධාරීහු පරීක්ෂණ පවත්වති .



අදහස් (1)

ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් පිටිගල නිවාස දෙකක සඟවලා

Ruwan Pradeep Wednesday, 12 August 2020 12:47 PM

ඔව් ඕවා ඔක්කොම රක්ෂිත වලින් කපපු ඒවා තමයි. සිවිල් පිට ඉඳලා හොයන්න ඇල්පිටිය, පිටිගල, බඹරවාන, මාපලගම, පොරවගම, නියාගම, කහදූව, උඩුගම, වතුරවිල, ඇතුළු ඔය දිගටම වනන්තරේ. ජයටම කට්ටිය වනන්තරේ බදු අරන් කපන්නේ. පොලිසිය වත් එන්නේ නෑ. ගාන දීලා ශේප් කරනවා. හොර ලී ඉරනවා බබරවනේ සැරටම රක්ෂිතේ. කරන්න තියෙන ජඩ වැඩ ඔක්කොම කරනවා ඕවගේ ඇතුලේ. වතුරවිල පැත්තේ එහෙම සිවිල් එකෙන් බැහැලා බලන්න. මතක ඇතුව එද්දී සී.ආර් පොත් 50ක් විතර අරන් එන්න වැරදිකාර ලිස්ට් එක ලියන්න. හොර ලී අරන් යන ලොරි කාරයෙක් අපේ තාත්තවත් හප්පලා තිබුණා දැන් මාස කීපයකට උඩදී රෑ කඩේ ගිහින් එද්දී මාපලගමදී..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site