
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන කුකුළේගම ජල විදුලි බලාගාරයේ එක් වාන් දොරටුවක් අද (22) වනදා විවෘත කළ බව එම විදුලි බලාගාරය පැවසීය.
වාන් දොරටුව විවෘත කිරීම හේතුවෙන් තප්පරයට ඝන මීටර් 25 ක් ජලය කුකුළේ ගඟට මුදා හරින බවත් විදුලිය උත්පාදනයේදි පිට කරන ජල ධාරිතාව තප්පරයට ඝන මීටර් 48 ක් බව එම බලාගාර නිලධාරියකු පැවසීය .
මේ හේතුවෙන් කුකුළේ ගඟ පහල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම බලාගාරයේ පාලන අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd