
( රංජිත් රාජපක්ෂ )
හැටන් දික්ඔය නගරයේ වෙළදසැලක් තුළ ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දි ඝාතනය කර ඇති බව හැටන් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ 82 හැවිරිදි එස්.කාලිමුත්තු සත්තිවේල් සහ 82 හැවිරිදි සගුන්තලාදේවි නැමති ඔහුගේ බිරිදයි.
ඝාතනයට ලක් වූ අඹූසැමි යුවලගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි බවත්, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවල කාලයක් තිස්සේ එම වෙළදසැලේ වෙළද කටයුතු සිදු කර මේ වනවිට වෙළදසැල වසා දමා තනිවම ජීවත් වූ බව හැටන් පොලිසිය මගින් සිදු කරන ලද මූලික විමර්ෂණවලදී අණාවරණය වී ඇතැයි කියයි.
කිසියම් පුද්ගලයෙකු මෙම වෙළදසැල තුට පිවිස මොවුන් දෙදෙනා ඝාතනය කර පලා ගියේද? නැතහොත් මෙය පවුලේ ආරවුලක් මත සිදු වූ දෙයක්ද යන්න පිලිබදව හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd