
(සුමිත් ප්‍රේමතිලක සහ තුසිත කුමාර ද සිල්වා)
අඹු සැමි යුවලක් ගමන්ගත් යතුරු පැදියක් පයාගල ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී දෙදරු මවක් මියගොස් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය කියයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ ඇත්තේ පයාගල, දළුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මීගහපොලගේ පවිත්‍රා විරාජිනී නමැති 25 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
මරදාන සිට මාතර බලා ගමන් ගන්නා රුහුණු කුමාරි සීග්‍රගාමී දුම්රිය පයාගල බෝට්ටු වැඩපල අසල අනාරක්ෂිත දුම්රිය හරස් මගෙහි දී යතුරුපැදියේ ගැටී තිබේ.
යතුරු පැදිය ගාලුපාර දෙස සිට ඇල්ලගහවත්ත ප්‍රදේශය දෙසට ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් කීය.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සංඥා පද්ධතිය මුළුමනින්ම ක්‍රියාවිරහිතව ඇති අතර , දුම්රිය හරස් මග දෙපසම "සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතයි" යනුවෙන් පුවරු එල්ලා තිබිණි .
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතාගේ උපදෙස් පරිදි , රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.පී.එස්.ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් මංජුල (35203) සහ කොස්තාපල් ඕ.වී.දයාවංශ (35204) පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු නිසා මොනතරම් වටිනා ජීවිත අහිමි වෙනවද? ඒත්, දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අංශ නින්දේ. පව්.. මේ රටේ අසරණ මිනිස්සු...!
සිග්නල් වැඩ කරන්නේ නැහැ කියලා සයින්බෝඩ් දාලා තියෙනවා කියන්න. ඒක ගොඩක් දවසක් අක්‍රීය වෙලා නේද? කෝ ජනතා මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කට්ටිය.? මේකට තනිකර දුම්රිය දෙපාර්තමේන්තුව වගකියන්න ඕනෑ..
අපි තමයි හොඳටම රේල් ගේට්ටු හැදුවේ....
"සංඥා පද්ධතිය ක්‍රියා විරහිතයි" යන වැකිය ඇතුළත් පුවරු කළු ගලෙන් නිර්මාණය කරන ලෙස යෝජනා කරමි. ඒ තරමටම මෙම සංඥා පද්ධති ක්‍රියා විරහිත වෙනවා.
තනිකරම යතුරුපැදිකරුගේ වැරැද්ද. කෝච්චි දුවන්නේ රේල්පාරේ පීලි 2ක් උඩ මිස හිතුණු හිතුණු හැටියේ තිරිංග යොදා ක්ෂණිකව නතර කළ හැකි, පොදු පාරක දුවන මෝටර් වාහනයක් නොවේ. මෝටර්රථ රියදුරු රේල්පාර හරහා ගමන් කරනවා මිස කෝච්චිය රියදුරුගේ මාර්ගය හරහා ගමන් කරනවා නොවේ. හැමෝම ප්‍රායෝගිකව හිතලා බලන්න.