(විනීතා එම් ගමගේ)
රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ලබා දුන් වත්කම් බැරකම් ප‍්‍රකාශනය ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වූ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර ඇත.
තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වූ පනත සම්මත වීමත් සමඟ 2017 පෙබරවාරි 3 වැනිදා, තම සංවිධානය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප‍්‍රකාශිත වත්කම් බැරකම් ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කළ අතර අගමැතිවරයාගේ වත්කම් බැරකම් ලබා දීම කොමිසම මගින් දෙවතාවක් ප‍්‍රතික්ෂේප කළ බවත් දෙවතාවක් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු මේ අවස්ථාවේ එය ලබා දෙන ලෙෂ නියෝග කර ඇති බවත් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේ සේකර මහතා කොළඹ 2, නිපොන් හෝටලයේ අද (5) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම වත්කම් ප‍්‍රකාශණය ලබා ගැනීම තුළින් එය ප‍්‍රසිද්ධියට පත් කිරීමට ට‍්‍රාන්ස් පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයට හැකියාව ඇති බවත් මෙම තොරතුරු පෞද්ගලික තොරතුරු වන බවට කළ තර්කය ප‍්‍රතික්ෂේප කරමින් තුන්වන පාර්ශවයන්ට අදාල තොරතුරු ඉවත් කර එම වත්කම් ප‍්‍රකාශනය නිකුත් කළ හැකි බවත් එම කොමිසම සඳහන් කළේ යැයි ද ඔබේසේකර මහතා කීය.
නීති විරෝධීව ධනය එක්රුස් කිරීමේ චෝදනා පිළිබඳව පරික්ෂා කිරීමට හා දුෂණය මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලඥයින්ගේ වත්කම් ප‍්‍රකාශන භාවිතා කළ හැකි බව තම ආයතනයේ විශ්වාසය යැයි ද ඔබේසේකර මහතා පැවැසීය.
කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ කොමිසමේ නියෝගය අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ හැකියාව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇති නමුත් එවැනි පියවරක් ගැනීමෙන් තම ඡන්දයෙන් පත් කළ ජනතා නියෝජිතයින්ගේ වත්කම් ප‍්‍රකාශන ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය වගවීම හා විනිවිද භාවය යන සංකල්ප ප‍්‍රවර්ධනය කරන බවට ජනාධිපතිවරයා දුන් ප‍්‍රතිඥා උල්ලංඝණය වන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන කොමිසමේ නියෝගය ලැබුණු වහාම එම තොරතුරු තමන් වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කී ඔබේසේකර මහතා එය ලැබුණු වහාම ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු යොදන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ දෙන්නාගේ විතරක්? ගන්න 225ම...
තවත් තුරුම්බුවක් ඇදල වගේ
ලංකාවේ ධනවත්ම පුද්ගලයින් 6 දෙනා අතරේ ඉන්න දේශපාලඥයින් එතරම් ධනයක් එකතු කරගත්ත්ගේ කෙසේද කියලත් හෙව්වොත් නේද හොඳ?
හපොයි, මේ තුරුම්පුවෙන් පස්සේ ගොඩක් අය නිශ්ශබ්ද වෙයි වගේ...
මහින්දගේ වත්කම් ඉල්ලන්න බයද?
එතකොට මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ වත්කම් බලලද? දැන් මෙයාලගේ හොයන්නේ... ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිලධාරින් කාටහරි කඩේ යනවද? අපිට ඔය සේරම දෙනාගේ වත්කම් දැනගන්න ඕනේ... හැබැයි 99% දෙනා දෙන්නේ බොරු විස්තර කියලා රටම දන්නවා. 2005 කලින් මේ ගොල්ලනු උන්නු හැටි... ඒ කාලේ ගත්ත ෆොටෝවල පැහැදිලිව පේනවා එ්ත් දැන් මෙයාලා ඉන්න හැටි දැක්කම අපිට නම් ඔය වාර්තා ඕනේ නැහැ අමුතුවෙන් බලන්න රට විකුණගන කාලා තියන තරම හොඳට පේනවා... නැත්නම් පෙට්ටි කඩයක් දාගෙන උන්නු කෙනාට කොහෙන්ද කෝටි 15 -17 වටිනා ගෙවල් හදන්න වත්කමක්..
"බැඳුම්කරේ" සල්ලි ඔය වත්කම්, බැරකම්වලට වැටෙන්නේ නැහැ. ඒවා මල්ල පිටින්ම සිංගප්පූරුවේ තියෙන්නේ...
රාජපක්ෂ පවුලේ වත්කම් ඉල්ලන්නේ නැද්ද..?
මහින්දගේ, පුතාලගේ, නෝනගේ, මල්ලිලාගේ, මස්සිනාලාගේ, මැණික් ආච්චිගේ, තොරතුරුත් ගත්තොත් ඒවාත් හෙළිකළොත් නරකද..?
225 වත්කම් බැරකම් පත් වූ දා පටන් ප්‍රසිද්ධ කරන්න ඕනේ... කරුමෙටම කොන්ද පණ තියෙන පෙරකදෝරු මහත්තයෙක් වත් නැහැ ඕක ඉල්ලුම් කරන්න...
මොකද අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනය පමණක් විදේශීය ආයතනයකට ඉදිරිපත් කරන්න නියෝග කරේ ? මීට පෙර රටේ හිටපු නායකයන්, මැති ඇමතිවරුන්, ඒවගේම "පොඩි මන්ත්‍රීන්ල" එහෙම ඒවා නියම අන්දමට, අවංකව ඉදිරිපත්කර තිබෙනවා කියන්නද ඒ අය තටමන්නේ ? නැත්නම් රනිල් හැකි තරම් ඉක්මනට රජයේ බෝඩිමකට යැවීමේ තවත් පියවරක් ඉදිරියට තැබීමේ පියවරක්ද මේකත් ? දැන්වත් රට ඇතුලේ ප්‍රශ්න විදේශ ආයතනවලට පටවා යවා රටේ නායකයන් හෑල්ලු කිරීමේ කැත තුට්ටු දෙකේ ක්‍රියාකාරකම් නැවත්වීමට මේවා නිරන්තරයෙන් ඉදිරිපත්කරන ගොබ්බ රැලට නැණ නුවන පහල වේවායි පතමු !
රනිල්ගේ වත්කම් නොවෙයි, 2014දී සිරිකොතේ විදුලි බිලවත් ගෙවාගන්න බැරිවුණු එජාපයට, 2015 දී පාර්ලිමේන්තු ඡන්දෙට වියදම් කරන්න සල්ලි ලැබුනේ කොහොමද කියලා හොයන්න...!
මොහු පරම්පරාගත සල්ලිකාරයෙක්. අනෙක නෝනාටත් වැදගත් රැකියාවක් තිබෙනවා. මොකද අන්න අර නිතරම බෙරිහන් දෙන අමුතු පාස්පෝට් අයිති කාරයාගේ වත්කම් පරික්ෂා නොකරන්නේ. එක පාරට හතර වරිගයම පොහොසත් වුනේ කොහොමද කියලා සොයා නොබලන්නේ මොකද ? නුගත් දුෂිතයන් රට කරවන කොට , ඊළඟට මේ රටේ සාමාන්‍ය වැදගත් එදා වේල හම්බ කරන මිනිසුන්ගේ වත්කම් බලන්න කොමිසම් පත් කරන දවස වැඩි ඈතක නෙවෙයි. මේරටේ මාස් පඩියට වැඩ කරන මිනිහෙක් යන්තම් ගෙයක් අටවාගෙන නිතර කොට උඩ යන වාහනයක් ගත්තත් මේ දේශපාලන ගොයියන්ට නින්ද යන්නේ නැහැ. ඒ මොකද රටේ අනෙක් ම්නිහෙකුගේ උගත් කමක් , වෘත්තීය නිපුණතාවයක් තිබීම ඇහැට පේන්න බැහැ. එකම වචනයයි කියන්නේ . ඉහවහා ගිය හීනමානය !
එතකොට ජනාධිපති තුමාගෙයි ගෙදර අයගෙයි විස්තර ගන්නේ නැද්ද?
ඇමරිකාවේ හිටපු ජනධිපති ඔබාමාගේ රජය, ශ්‍රී ලංකාව ඇතුලු රජයන් 3ක් පෙරලීම සඳහා ඩොලර් මිලියන 45 පමණ වියදම් කර තිබුණු බව, ට්‍රම්ප් රජය හෙළිකර තිබුණා. ඒ සල්ලි කාටද දුන්නෙ, ඒවට මොනවද කලේ කියල හොයන්න ඕනෙ නේද?
මහින්දගේ වත්කම් මැදමූලනටයි තංගල්ලටයි ගිහින් බලාගන්න පුලුවන් වත්කමි ප්‍රකාශ කරලා තියෙන්නෙ අැයි දැක්කෙ නැද්ද ..නැත්නමි මෙලහාකටත් උසාවි දාලා නේ රු 1000 ලොකු දඩයකුත් කන්න තිබුණා
පුද්ගලයෙකුට සාධාණ පොහොසත් වීමකින් සුඛෝපභෝගීව ජීවත්වීමට බාධාවක් නැහැ . නමුත් අසාධාරණ පොහොසත් වීමකින් එසේ ජීවත්වීමට බාධාවක් . අද බහුතරයක් දේශපාලකයෝ සැප විඳින්නේ අයථා මාර්ගයෙන් උපයා තිබෙන සම්පත් මගිනි . එය එසේ කල හැකිව තිබෙන්නේ දේශපාලන බලය ඔවුන්ට වෙස් වෙලාගෙන පැමිණ තිබෙන ආශිවාදයක් හේතුවෙන් ................
අනේ ඉතින් කාට කියලා ඉතුරු කරන්නද ? ඇති ටිකක් වගේ..... 225 ම බැලුවොත් මෙරටට විදේශ ණය ඔනවෙන්නේ නැහැ මන් හිතන්නේ.
ඒ ගැන චතුරිකා පොතක් ලියනවා