(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී නොතිඹුණ බව පොලිසිය කියයි.
දැරියගේ සිරුරින් ගිනි දැල් හටගෙන තිබෙනු අන්දම කුස්සිය ආසන්නයේ දැක නිවැසියන් විසින් නිමා දැමු පසු ඇය නිවස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිට බවට ප්‍රකාශ වලින් හෙළි වු බවත්, ඒ බව තහවුරු කර ගැනීමට එම පොකුණ ඇති ස්ථානයේ සී සී ටී වී කැමරාව ක්‍රියා විරහිත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත ස්ථානයේ කැමරාව ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් පොලිසිය රිෂාඩි බදියුදීන් මහතාගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත් වැඩියා කිරීමට නොහැකි වු බවත්, ඔහු නොමැති නිසා පිටස්තර කාර්මිකයන් කිසිවකු නිවස වෙත කැඳවුයේ නැති බවට ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම නිවසේ කැමරා 16 සවිකර තිබුණ ද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මක ඇත්තේ කැමරා 14 ක් පමණක් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත මනසකින් මේ ප්‍රශ්නෙ දිහා බැලුවොත් තේරෙයි.බදුර්දීන්ගෙ මුස්ලිම් චන්ද වලින් සීයට අනූවක්ම යන්නෙ විපක්ෂයට.ඒක හැම චන්දයකදීම රාජපක්ෂලට අවාසියි.ඒකට කරන්න තියෙන්නෙ එක්කො බදුර්දීන් ව දේශපාලනයෙන් අයින් කරල තමන්ගෙ ඉත්තෙක්ව එතනට දාන එක.ඒකට උපරිම උත්සහ කරනව මොකක් හරි වරදක් පටවල ප්‍රජා අයිතිය නැති කරන්න.කාලයක් බෝම්බ ප්‍රහාරයට ආදන්න බැලුව.ඊට පස්සෙ විල්පත්තුවට ආදන්න බැලුව.දැන් මේකට... ඔලුවෙන් හිතන්න ... තේරෙයි එතකොට.
එකල හබන් කුකුලන් අද සමාජයට සමාන වන්නේ CCTV කැමරාය . එකල වල ඌරන් අද සමාජයට සමාන වන්නේ ගම් ඌරන්ටය. එකල හබන් කුකුලන් මොනවද තලනකොට වල් ඌරන්ට ජය මගුල් කිව්වනේ... මෙකල CCTV වල මුකුත් නැහැ කියන්නේ "මේවගේ ගම්ඌරන්ට" සැමදා රාමසාන්ය.
කොරෝනා වල ඇත්ත තත්වෙයි,ගුරු උද්ඝෝෂණයි ,අනාගත්ත පොහොර ප්‍රශ්නෙයි යට ගහන්න නිකං බොරු නාටක පෙන්වන් නැතුව ඉන්න.ඔය කැමරා වැඩ නොකරන බව කොහොමත් දන්නවා මිනිස්සු අන්තිමට.ඔය කට්ට්යව නිදහස් කරලා දාන්න
අපි අහපු නිවුස් අනුව සියල්ල ඉතා සැලසුම් සහගතව සිදුව ඇති අයුරු පෙනී යනවා. ලොක්කා අසනීපයක් නැතිව රෝහල් ගතවීමත් එහි එක් ජවනිකාවක්.
තව දවසක් දෙකක් පරක්කු කරලම බැලුවනම් හොදටම හොයාගන්න තිබ්බා.
හිතා මතා ක්‍රියා විරහිත කරන්න ඇති .ඇත්ත හෙළි වෙයි කියලා
කාර්මික ශිල්පියෙකු ලවා බලවන්නයි තියෙන්නෙ. ඒ කැමරාව විතරක් කොහොමද වැඩ නොකළෙ කියලා . විද්‍යානුකූලව ගියාම සියලු සැළසුම් සහගත දේවල් අහුවෙයි
අනේ මේ මල් කැකුලු විනාශ කරන කාලකන්නි රකින්නේ නැතුව දඬුවම දෙනවනම් හොදයි
පුනපුනා මේ කාරනය උලුප්පා දැම්මට වැඩක් නැ . ලෝකයාට මේ මරනය ගැන සැකයක් නැ . කොහොම නමුත් නීතියෙ හිල් බොහෝමයි . සල්ලි බලය ජයගන්නවා නිසැකයි.
ආරක්ෂක කැමරා දෙක ක්‍රියාත්මක නොවීමෙන්ම වැඩේ ගැන සාධාරණ සැකයක් මතුවෙනවා.පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාලු.අනිත් කාරණේ තමයි මතකද ඊයේ පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මන්ත්‍රී වරයා රිෂාඩ් ගේ වැඩ ගැන නොදන්නවා වගේ ඔහු බේරාගන්නට කතාකල හැටි. ඔහුට ඕනෑවෙලා තිබුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරගන්නයි.පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා වෙලා රටට හෙන ගැහුවත්,අපේ දුර්ජන දේශපාලකයන්ට කමක් නැහැ.
ඔය කරන පරික්ෂණ සේරම දවසක "ගඟට කපන ඉනි වගේ" තමයි.
ඔය කරන පරික්ෂණ සේරම දවසක "ගඟට කපන ඉනි වගේ" තමයි. @රුහුනු - ඔබගේ අදහසට හරියටම හරි
කෞතුකාගාර කඩු හොරකම් කරද්දිත් cctv වැඩකෙරුවේ නෑ.. තාජුඩීන් හැප්පුණු වෙලාවෙත් නෑ. තව ලොකු පෝලිමක් තියෙනවා...
මාකඳුරේ මධූෂ් ඝාතනය කළා වගේද?