(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) අවසර දුන්නේය.

‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට අවසර දෙන්නැයි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කළ බවට ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බලා විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් ඥානදීපන් සිවජෝති, ඩිලන්ත මාලගමුව සහ විජිත බණ්ඩාර රණරාජා නමැත්තන් චෝදනා ලැබ සිටී.
ඩිලන්ත මාලගමුව මහතා වෙනුවෙන් පෙනී සිටී නීතීඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා ලබන 10 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා අතර කාලයේ ප්‍රංශය ඇතුථ රටවල් කිහිපයක් පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ යැයි කීය.
මෙම නඩුවේ ඇප නියම කිරීමේදී තම සේවාදායකයාට එරෙහිව විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා නැතත් විදේශගත වීමට පෙර ඒ බව දැනුම් දීමට ඔහු අධිකරණයට පැමිණි බව දැනුම් දුන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඒ අනුව අදාළ තරගාවලියට සහභාගීවීම සඳහා විදේශ ගතවීමට ඔහුට අවසර දෙන්නැයිද ලබන 19 වැනිදා පැවැත්වෙන නඩු විභාගය ඔහු නොමැතිව පැවැත්වීමට අවසර දෙන්නැයිද අවසර ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩු විභාගය සඳහා ලබන 19 වැනිදා කැඳවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිපැත්තට පොඩ්ඩක් උදව් කළාම ඔයවගේ සැලකිලි ලැබෙනවා.
ගියාට වැඩක් නැහැ පළවෙනි 10 දෙනා අතරටවත් එන්න බැහැ. ගියවර පැට්‍රල් නැතිව කාර්එක අතරමග නැවතුණා. ලොකු කතා පමණයි. වැඩ නැහැ.
මේවා වල සුදුසු චරිත නැහැ.
රේස් පදින්න රට යන්න දැන් රජයෙන් මූල්‍ය අනුග්‍රහය ලැබෙනවා. අවුරුදු 57ක් කියන්නේ රේස් පදින්න පුළුවන් වයසක් නොවේ. අපරාදෙ අපේ සල්ලි. මෝටර් රේස් පැදපු ලෝක ශූර ජර්මනියේ මයිකල් ශූ මාකර් පවා අවුරුදු 40-45 වෙනකොට විශ්‍රාම ගියා. ලංකාවේ සිටින තරුණ ක්‍රීඩකයෙකුට ඉඩ දෙන්න.
මම මොහු පැදපු රේසි කිහිපයක් නැරඹුවා. එකක පෙට්‍රල් නොමැතිව කාර්එක මග නැවතුණා. තරග 2-3කදී වාහනය හප්පාගෙන තරගයෙන් ඉවත් වුණා. එකම තරගයකදීවත් පළවෙනි 10 දෙනා අතරට එන්න බැරි වුණා. හැමදාම මොහු කරන්නේ තරගය අවසානයේදී පොඩි ළමයෙක් වගේ මුල්ලට වෙලා අඬන එක. මේක වයසේ වැරැද්ද. කාර් රේස් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්... ගොල්ෆ් ගහනවා වගේ නොවේ. මේවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදී මහජන මුදල් නැති නාස්ති කරන්න එපා.
බලාගෙන ගියාම හොඳ ගේම් කාරයෙක් වගේ.
කුරුණෑගල අය දන්නවා.