(ඉන්දිකා රාමනායක)
කොවිඩ් වසන්ගතය පැතිර යාම පාලන කිරීම සදහා මාස දෙකක කාලය සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සදුදා සිට ඉවත් කිරීමේ සුදානමක් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් මැයි මස 11 වැනි දින සිට මුළු දිවයිනම ආරවරණ වන පරිදි මෙම පළාත් සංචරණ සීමා පැනවිය.
මුලින්ම මැයි මස 30 වැනි දින දක්වා මෙම සංචරණ සීමා පැන වු අතර රටේ පැවැති තත්ත්වය හමුවේ පසුව එය මේ දක්වා දීර්ඝ කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්යෙන් නිළ වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.
COMMENTS
දැන් දැන් රෝගීන් මියයැමේ ප්‍රමාණය වැඩිවෙමින් පවතිනවා. නැවතත් වඩාත් අහිතකර තත්ත්වයක් ඇතිවෙමින් පවතිනවා නොවේද? තත්ත්වය එසේ නම්, සංචරණ සීමා කෙසේ වියහැකිද?
කරන්න කරන්න.. හොඳටම කරන එකේ මොකද ඒක පරක්කු...?
අරින්න පළාත් අතර සංචරණ දාලා තිබ්බද? බම්බුවේ නීතී අහිංසක මිනිසුන්ට විතරයි...
අරින්න. දැන් තමයි හොඳටම කරන්න ඕන වෙලාව.
ඕකෙන් වෙන්නේ ආයේ පාරක් ලෙඩ්ඩු වැඩිවෙලා තොග ගානේ මිනිස්සු මැරෙන්න ගත්තාම තිබුණාවටත් වඩා රට ආපස්සට යන එකයි.
ඕක නමන්ට තිබෙන සංචරණ සීමාවක්... මිනිස්සු මොනයම් හෝ හේතුවක් දක්වා පළාත් අතර ගමන් කරනවා. නීතියකට මෙතන කරන්න හැකි දේ අවමයි. අපි අපිම ආරක්ෂා වෙන එක තමයි වටින්නේ...
කවුරු කොහොම මොනවා කිව්වත්, කෙරුවත් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව තමන්ම බලා ගන්න ඕනෑ. ඒකට ආණ්ඩුවටවත්, විරුද්ධ පක්ෂවලටවත්, දොස්තරලාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඔය පෙලපාලි යන්නේ තමුන්ගේ වුවමනාවට. සංචාරය කරන්නේ තමන්ගේ වුවමනාවට. රට ඇරියත් තමන් දැනගන්න ඕනෑ තමන්ගේ අත්‍යාවශ්‍යම දේට විතරක් යන දිහාවක සෞඛ්‍යාරක්ෂිතව යන්න...
ලංකාවේ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම වගේද සඳුදා සිට එන යුක්රේන සංචාරකයින්ට ලංකාව වටා සංචාරය කිරීමට ඉඩ සලසා දෙන්න ඕනනේ. රටේ ජනතාව අනතුරට පත්කරලා හෝ සංචාරකයින් පිනවීමටනේ සැබෑ දේශප්‍රේමය කියලා කියන්නේ. හොඳට හොයලා බලන්න ඔය යුක්රේන සංචාරකයින් අතර එන්නත් නොකළ අය ඕන තරම් පැමිණෙයි. හැබැයි නිරෝධායන නීති කතා නම් නැහැ. ඒ නීති රීති අදාළ වන්නේ විදේශ ගත මෝඩ ශ්‍රී ලාංකිකයින්ට පමණයි. කාටද ආඩම්බර?